01.

1.9K 162 9
                                    


"සර් හිතන්නේ මේ දේවල් සේරම ජේ ගේ වැඩ කියලද !! "

"මම හිතන්නේ නෑ හෝසක් !!
ජේ කියන්නේ ගොඩක් සැලකිලිමත් කෙනෙක් !!
හරියටම බැලුවොත් මෙතනදි තව කෙනෙක් ජේව අනුකරනය කරනවා..
මේ බලන්න මේ
ජේගේ කේස් එකකදි හම්බුනු බොඩි එකේ තිබුනු ජේ මාර්ක් එක .."

කහ පාට විදුලි බුබුලකින් ආලෝකමත් වෙලා තිබුනු ජනේලයක්වත් නොතිබුනු අදුරු කාමරේ බිත්තියේ රැදිලා තිබුනු පොටෝ එකතුවෙන් එකක් තමන්ගේ සහයක හෝසක්ට පෙන්වන ගමන් ජන්ගුක් එහෙම කිව්වා.

" ඒ ජේ අකුර රත්කරපු යකඩයකින් තියපු ජේ අකුරක් !!
මීට කලින් ජේට සම්බන්ධ මර්ඩර්ස්වලත් තිබුනු ජේ අකුර ඒ විදියමයි..
ඒත් බලන්න !!
මේ ඊයේ හම්බුනු අතක කොටසේ වගේම ඊට කලින් හම්බුනු අත් කොටස්වල තියෙන ජේ අකුර ..
ඒක බොඩීස් වලට අලවපු ටැටූ එකක් !!"

පිටිපස්සේ තිබුනු මේසේට අත් තියලා බරවුනු ජන්ගුක් හෝසක්ට බිත්තියේ රැදිලා තිබුනු වැලමිටෙන් වෙන්වෙලා ගිය ලේ පිරුනු අත් කොටස් කිහිපයක පොටෝ පෙන්වමින් එහෙම කිව්වා..

"එතකොට මේ කේස් එක වෙනස්ම එකක් !!
කොහොමත් මාෆියා ලීඩර් ජේ කරන හැම වැඩකම මෙහෙම "ජේ" අකුර සාක්ෂියක් විදියට තියන්නේ ඒ එයාම බව අගවන්න .
ඒත් මේ අත්වල තියෙන  "ජේ" අකුර ඊට වඩා වෙනස් !! 
ඒක චෝදනා වලින් නිදහස් වෙන්න කරපු දෙයක් !!
එහෙම නේද !! "

" ඔව් !!
මාස දෙකක ඉදන් සිද්ධ වෙන මේ දේ ගැන හොයන්න නම් අපිට අපරාධකාරයා හිතන විදියටම හිතන්න වෙනවා..!! "

"ඒ විදියට හිතමු හැබැයි දැන් ලන්ච් අරන් ඉමු !! "

හෝසක් එහෙම කියලා කාමරෙන් එලියට යද්දි ටිකක් වෙලා බිත්තියේ රැදුනු පුංචි පුංචි හෝඩුවාවල් දිහා බලලා කල්පනා කරපු ජන්ගුකුත් ඒ පිටිපස්සෙන්ම එලියට ගියා..

ජන්ගුක් වගේම හෝසක් එලියට ආවේ සෝල් පොලිස් ස්ටේෂන් එකේ ඉදන් .
පොලිස් නිල ඇදුමින් සැරසිලා හිටපු දෙන්නගෙන් එක්කෙනෙක් වුනු ජන්ගුක්ගේ නිල ඇදුමේ රැදුනු බැජ් වලින් ඔහු සෝල් පොලිස් ස්ටේෂන් එකේ හෙඩ් කියලා කියන්න පුලුවන් වෙද්දි හෝසක් ඔහුගේ සහයක පොලිස් නිලධාරියා කියලා දකින ඕන කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් උනා..
පොලිස් ස්ටේශන් එකෙන් එලියට ආව කොල්ලෝ දෙන්නා ගියේ ඊට ඉස්සරහම තිබුනු පොඩි රෙස්ටුරන්ට් එකට !!

WHO ? / JJK / completed ✅ Where stories live. Discover now