"ජිමිනි !!
ගුඩ් මෝ(ර්)නින්ග් !! "ජිමින් නිදාගෙන හිටපු ඇද ලගට ගියපු ආරෝහි කොල්ලගේ බ්ලොන්ඩ් කලර් කොන්ඩේ අතරින් ඇගිලි යවන ගමන් කොල්ලට කතාකරද්දි එහාට මෙහාට වෙදා ඇගමැලි කඩපු කොල්ලා තමන්ගේ මූන දිහාවට එබිලා ඉන්න කෙල්ලා දිහා බලලා හිනාවෙලා ඉක්මනටම ඔලුව උස්සලා කෙල්ලගේ තොල් මතින් තමන්ගේ තොල් තියද්දි
කාමරේ තිබුනු සෝෆා එකේ ඉදගෙන හිටපු ජන්ගුක් හිටියේ පුපුරන්න ඔන්න මෙන්න." අනේ අනේ !!
මගේ චූටි කෝලම !!
අපි දැන් වොශ් එකක් දාලා එමු නේද ?"ජිමින්ගේ නහය මිරිකලා කොල්ලගේ නලලින් හාදුවක් තවරපු ආරෝහි කොල්ලගේ ඇගට ටවල් එකක් විසිකරද්දි මූන ඇබුල් කරගත්ත කොල්ලා කකුල් බිම දිගේ අදින ගමන් කම්මැලිකමේ බාත්රූම් එක පැත්තට ඇවිදන් ගියේ ආරෝහි කොල්ලගේ බෙඩ්ශීට් හදන්න පටන්ගනිද්දි..
" එයා ඇයි එහෙම කරේ !! "
මොකක් ගැන අදහස් කරාද කියලවත් හිතාගන්න බැරි ප්‍රශ්නයක් සෝෆා එකේ හිටපු ජන්ගුක්ගෙන් ලැබෙද්දි කෙල්ල පුදුමෙන් පිටිපස්ස හැරිලා බැලුවේ හොස්පිට්ල් එකේ ඇදුමත් ඇදගෙන ,අතකුත් බැන්ඩේජ් කරගෙන උරහිසින් එල්ලගෙන , නලල වටෙත් බැන්ඩේජ් එකක් ඔතාන ඉන්න කොල්ලා දිහා.
ජන්ගුක් හිටියෙත් ජිමින් නතරවෙලා හිටපු සෝල් ගවර්මන්ට් හොස්පිට්ල් එකේමයි !!
ජන්ගුක්ට වගේම හෝසක්ට සිද්ධ වුනු පහරදීම සිදුවෙලා දවස් දහයක් ගෙවෙමින් පැවතුනා වගේම ඒ දවස් දහය පුරාවටම කොල්ලව නාවන , ඇදුම් අන්දන වැඩ ටික ජන්ගුක්ගේ අප්පා ඇවිත් කරලා යද්දි ආරෝහි කොල්ලා ලගින් හිටියේ කොල්ලට කවන්න , කොල්ලව නිදිකරවන්න , වගේ දේවල් වලට.
හෝසක්ටත් මේ වෙද්දි සිහිය ඇවිත් තිබුනා වගේම කොල්ලවත් බලන්න හැමතිස්සෙම වගේ එයාගේ පවුලේ අය එන්න පුරුදු වෙලා තිබුනා.
දවස් දහයක් විතර හොස්පිට්ල් රූම් එකට හිරවෙලා හිටපු ජන්ගුක් අද ආරෝහි එක්ක ජිමින් හිටිය රූම් එකට ආවේ බලෙන්ම වගේ.
කොල්ලට ඔච්චර ඔය කියන ආරෝහිගේ පිස්සු හැදුනු මල්ලිව බලන්න ඕනේ උනා..
කකුල් වලට වැදුනු පොලු පාරවල් හින්දා කොල්ලට මුල් ටිකේදි කකුල් දෙක හොලවගන්නවත් බැරිවුනත් කකුල කැඩිලා නොතිබුනු නිසා මේ වෙනකොට ඇවිදගන්න පුලුවන් උනා.හැබැයි ඒකත් කාගේ හරි උදව්වෙන් !!
YOU ARE READING
WHO ? / JJK / completed ✅
Fanfiction"ආරෝහි ඔයා බැදගත්තේ පොලිස්කාරයෙක්ව එහෙනම් !! "🌷