මුලු වටපිටාවම අදුරින් පිරිලා තියෙද්දි ආරෝහි කලුවරේම තිබුනු පඩිපෙල දිගේ පහලට බහින්න පටන්ගත්තේ බයෙන් වෙව්ලන ගමන්..
"ඔයා කොහෙද මේ යන්නේ !! "
ඉස්සරහින් අපැහැදිලිව පේන පිරිමි සේයාව දිහා බලාගෙන ආරෝහි මිමිනුවේ කිසිදෙයක් හිතාගන්න බැරිව.
වටේම තිබුනු පාලු ගතියට හිත ගැස්සුනත් කෙල්ල පුලුවන් තරම් ඇස් අදුරට හුරු කරගෙන ඉස්සරහට ගියා.
ඉස්සරහින් ගමන් කරපු පිරිමි සේයාව රෝලර් දොරක් සවි කරලා තිබුනු ගැරිජ් කාමරයක ස්වරූපය ගත්තු තැනක නතර වෙලා වටපිට බලද්දි කෙල්ල වල්පැලවලින් වැහිලා ගිහින් තිබුනු
ලොකු ඩස්බින් කිහිපයකට මුවා උනේ කටත් අතකින් වහගෙන.
මොකද ඒ අදුරෙම පේන තරුන පිරිමි සේයාව ඇවිත් තිබුනේ ආරෝහිට හුරුපුරුදු තැනකට.
සාක්කුවට අතදාලා බිමට නැවුනු තරුනයා කරස් ගාලා හඩක් එක්ක රෝලර් දොර අරින ගමන් නැගිටිද්දි කෙල්ල වේගෙන් වේගෙන් ගැහෙන පපුවට අතක් තියාගත්තේ නපුරක සේයාවක් දැනී නොදැනී යද්දි.."අත් උස්සනවා !! "
බාගෙට ඇරුනු දොරින් ඇතුලට රින්ගපු ආරෝහි අතින් කට වහගත්තේ තමන්ට පිටුපාලා හිටගෙන ඉන්න සුපුරුදු චරිතේ දැක්කම.
පොලිස් නිල ඇදුමෙන් සැරසිලා හිටපු තමන්ගේ ස්වාමිපුරුෂයා ගොඩක් වෙලාවට ඉනේ රැදෙන පිස්ටල් එක එක අතකට අරන් ඉස්සරහට දික්කරගෙන ඉද්දි කොල්ලගේ ලගින්ම තවත් පොලිස් නිලධාරියෝ පස්දෙනෙක් විතර වටවෙලා හිටියා.."ජිමිනි !! "
ජන්ගුක්ට පිටුපාලා හිටපු තමන් මෙච්චර වෙලාවක් තිස්සේ ලුහුබැදපු තරුනයා හිමින් සැරේ ජන්ගුක්ගේ හඩට පිටිපස්ස හැරෙද්දි කෙල්ල තමන්ටම ඒ තරුනයගේ නම මුමුනගත්තේ අසිහියෙන් වගේ..
හොස්පිට්ල් එකට කෑම අරගෙන යන වෙලාවේ කලුපාට හූඩියක් තමන්ගේ මූනම වැහෙන්න දාගත්ත ජිමින් හොස්පිට්ල් එකෙන් එලියට යන හැටි දැකලා කතාකරත් , කොල්ලට ඇහුනේ නැති නිසා ආරෝහි කොල්ලගේ පස්සෙන්ම ආවේ හොස්පිට්ල් එකෙන් ජිමින්ට එලියට යන්න අවසර දෙන්නැති බව දන්න හින්දමයි.
කෙල්ලට සැක හිතුනා."තමුන් !! "
පිස්ටල් එක අල්ලගෙන ඉස්සරහට දික්කරන් හිටපු ජන්ගුක්ගේ අත වෙව්ලන්න පටන්ගත්තේ ඔලුවම වැහෙන්න දාගත්ත හූඩි එක අතරින් පිටිපස්සට හැරුනු තරුනයගේ මූන පේන්න ගනිද්දි.
කිසිම වෙලාවක ජන්ගුක් තමන්ගේ වයිෆ්ගේ මල්ලිව මේ වගේ තැනක බලාපොරොත්තු වුනේ නෑ..
ජන්ගුක් ජිමින්ව අදුනගත්තත් ජිමින්ගේ මූනේ පිස්ටල් එකක් දික්කරගෙන ඉන්න ජන්ගුක්ව අදුනගත්ත බැල්මක්වත් , හිටපු පොලිස් නිලධාරියෝ දැකලා බයවුනු පාටක්වත් දකින්න ලැබුනේ නෑ !!
කොල්ලා කිසිම හැගීමක් නැති මූනට ගැලපෙන්නේ නැති විදියේ හිනාවක් තොල් අතර රදවගෙන ඔහේ බලන් හිටියා..
YOU ARE READING
WHO ? / JJK / completed ✅
Fanfiction"ආරෝහි ඔයා බැදගත්තේ පොලිස්කාරයෙක්ව එහෙනම් !! "🌷