• Balenciaga Daddy : Game Already Started
.
.
.
.
.
.
.ලොන්ග් අයිලන්ඩ් කියන්නේ නිව්යෝක්වල කෙලවරක තියන ලස්සන දූපතක් වගේ තැනක්. මුහුදු තීරය නිසා දැකුම්කළු ලස්සනක් තිබුනු ලොන්ග් අයින්ලන්ඩ් සංචාරක පරාදීසයක්. ඔ'ටෙගා එයාගේ හතළිස්නමවෙනි විලා එක හැදුවේ ලොන්ග් අයිලන්ඩ්වල වගේම ඒ සුඛෝපභෝගි විලා එක එයා ටේහ්යුන්ගේ නමට වෙන් කලේ එයාගේ උපන්දින තෑග්ග විදියට. මීට විනාඩි කිහිපයකට කලින් ටේහ්යුන් එයාගේ අත් දෙකෙන් විලා එක ඕපන් කලා.
විලා එක පුරාම එයාලා ඇවිද්දා. ටේහ්යුන්.. ජොන්කුක් වගේම ජිමිනුත් ඒකට එකතු වෙලා හිටියා. ඔ'ටෙගා හිටියේ එයාගේ ෆියොන්සේ වුන නම්ජුන්ගේ අතක පැටලිලා.
" එව්ව... දැන් නම් මේක බෝරිං.. වගේ.. මට අද හවස මැක්ස් එක්ක රේස් එකකුත් තියනවා.. "
ජිමින් කිව්වේ අත් දෙක හරහට බැදගෙන. විලා එක බලන එක දැන් එයාට කම්මැලි වෙලා තිබුනා.
" ඕ.. වාව්.. ලුක්.. දැට්ස් අ බෙනඅඩි.." ( benetti )
ජොන්කුක් කිව්වේ ග්ලාස් වෝල් එකෙන් පෙනුන මුහුදු තීරය දිහා බලලා. වෙරළට කිට්ටු මුහුදේ නතර කරලා තිබුනේ බෙනඅඩි ලොගෝ එක ගහපු සුඛෝපභෝගී යැට්ච් එකක්. ජොන්කුක්ගේ.. ජිමින්ගේ වගේම ටේහ්යුන්ගෙත් ඇස් යැට්ච් එක දිහාවට යොමු උනේ උද්යෝගයක් එක්ක.
" ටේක් අ රයිඩ් බෝයිස්.. අයිම් ශුර්.. ඉට්ස් නොට් ගොන ගෙට් බෝරින්ග්.."
ඔ'ටෙගා කිව්වේ ටේහ්යුන්ගේ පිටට තට්ටු කරන ගමන්.
" එක්ස්කියුස්මී මෑම්.. "
ඒත් එක්කම එතනට ආවේ ඔ'ටෙගාගේ පර්සනල් සෙකට්රි වුන ට්රිවොන්. නම්ජුන්ගේ අත්වලින් මිදුනු ඔ'ටෙගා ට්රිවොන් එක්ක එයාලාගෙන් ඈතකට ගියා. රෙස්ට්රෑම් සයිඩ් එකට ඇවිදන් ගිය ඔ'ටෙගාට ළං වෙලා ට්රිවොන් වැදගත් දෙයක් කියන විදිය එයාලාට පෙනුනා. මෙච්චර වෙලා හිනාවක් තිබුන නම්ජුන්ගේ මුහුණ දරදඬු සීතල පෙනුමකට හැරිලා ගියා. එයා තියුණු ඇස්වලින් ඒ දිහා බලන් හිටියා.
" මට.. නම් එකවෙලාවකට මේ ලෙස්ටර්කාරයා දකිද්දි බය හිතෙනවා.. ඇස් නිකං.. ඊගල් කෙනෙක් වගේ.."
![](https://img.wattpad.com/cover/346679975-288-k974250.jpg)
YOU ARE READING
TYCOONS IN PLAY || OT7 || COMPLETED
FanfictionIt's not what you thought.. It's a TYCOONS PLAY. The game has already started.. Bae A BTS Fanfiction By Ayo Published : 2023.07.14 Started : 2023.07.25 Finished : 2023.08.18