• Foxy Crook : Happily Ever After Story
.
.
.
.
.
.
.යුන්ගි හිටියේ ස්පේන්වල එයාගේ අපාට්මන්ට් එකේ. සුපුරුදු විදියටම අපාට්මන්ට් එක එයාගේ දේවල් නිසාම අපිළිවෙලා තිබුනා. සෝෆා එක උඩ තිබුන ජැකට්.. කැප්.. අපාට්මන්ට් එකට ඇතුළු වෙන තැන තිබුන සපත්තු ජෝඩු.. රූම් එකේ ඇද උඩ ඉදන් තිබුන කලිසම්.. බොක්සර්.. සෝෆා ටේබල් එක උඩ තිබුන හිස් වුන ස්නැක්ස් පැකට්.. අඩිය චුට්ටක් ඉතුරැ වුන අයිස් ඇමරිකානෝ කප්ස්.. කිචන් සින්ක් එකේ තිබුන හෝදපු නැති ඉදුල් උනු භාජන පුරුදු විදියටම යුන්ගිගේ අපාට්මන්ට් එක හැඩි කරලා තිබුනා.
යුන්ගි හිටියේ එයාගේ කම්පියුටර් ඩිවයිස්.. අරවා මේවා කෑලි තියන රූම් එක ඇතුළේ. දිග මේසයක තරමක් ලොකු මොනිටර් ස්ක්‍රීන් හතරක් එක පෙළට තිබුනා. ඒවා දිගේ එක එක විදියේ කෝඩ්ස් පහළට ඇදිලා යන ගමන් තිබුනා. ඒ ටේබල් එකට එහා පැත්තේ තිබුන තරමක් උස ස්ටූල් එක උඩ තිබුනේ යුන්ගිගේ රවුම් මාලු ටැංකිය. වීදුුරැවෙන් පේන වතුරේ ඔහේ පීනමින් ඉන්න තැඹිලි පාට එයාගේ ගෝල්ඩ්ෆිෂ් පැටියා දිහා යුන්ගි ටිකක් වෙලා බලන් හිටියා. එතනම තිබුන මාලු කෑම බෝතලේ අතට ගත්ත යුන්ගි ඒකෙන් ටිකක් බෝල් එකට දාලා රෑම් එකෙන් එළියට ආවා. සෝෆා ටේබල් එක උඩ තිබුන තමන්ගේ ෆෝන් එක අතට ගත්ත යුන්ගි සෝෆාවට බර උනා. ඇෂ්ලිගේ නම්බර් එක ඩයල් කරපු යුන්ගි ස්පීකර් ඔන් කරලා ෆෝන් එක දිහා බලන් හිටියා.
" බීප්...බීප්...බීප්..."
දෙතුන් වතාවක් රින්ග් උනත් ඊට පස්සේ ඒ කෝල් එක කට් වෙලා ගියේ බීප් සද්ද කිහිපයක් එක්ක. යුන්ගිගේ මූණට හිනාවක් ආවේ ඒ එක්කමයි.
" උඹ එහෙනම්.. එහෙමයි නේ..."
" This time you messed up with the wrong one.. bitch..."
හිනාවෙලා නැගිට්ට යුන්ගි එයාගේ ෆෝන් එක සෝෆා එක උඩට අතඇරලා ආයමත් රූම් එක ඇතුළට ගියා. යුන්ගි කී බෝඩ් එකේ එන්ටර් බට්න් එක ප්‍රෙස් කරනවත් එක්කම මෙච්චර වෙලා හිමින් පහළට ඇදුනු කෝඩ්ස් ටික වේගෙන් පහළට ඇදෙන්න ගත්තා. මැදම තිබුන මොනිටර් ස්ක්‍රින් එකේ හිස් බාර් එකක් ටිකෙන් ටික නිල් පාටට හැරෙන්න පටන් ගත්තා. ඒ එක්කම අපාට්මන්ට් එකේ බෙල් එක රින්ග් වෙන්න ගත්තා. යුන්ගි එයාගේ යටිතොලක් හපාගෙන ඇහිබැමක් ඉස්සුවා.
YOU ARE READING
TYCOONS IN PLAY || OT7 || COMPLETED
FanfictionIt's not what you thought.. It's a TYCOONS PLAY. The game has already started.. Bae A BTS Fanfiction By Ayo Published : 2023.07.14 Started : 2023.07.25 Finished : 2023.08.18