"වැස්ස!!"
බස් හෝල්ට් එකේ වහලේ දිගේ පහලට ගලන වතුර බින්දු වලට අත දික් කරලා යූලි කිව්වා....
"ඔයා ආසම වැස්ස!!"
තේහයුන් හිනාවෙලා කිව්වා... ඒ හිනාව හිනාවකට වඩා ඇඩුමකට සමාන වෙලා තිබුනා....යූලිට ඕන වුනා කෑ ගහලා අඩන්න!! ඒත් යූලී නාඩා හිටියා....
මින් යුලී!! ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වුන යුලිගේ පපාට හිටපු එකම දරුවා යුලි... යුලී ගේ පපා යූලිට ආදරේ යි... ඒත් පපා කවදාවත් යුලීව තේරුම් ගත්තේ නෑ.... යූලිගේ මමාත් එහෙමයි... පපා කියන දේකින් එහාට කවදාවත් මමා කථා කලේ නෑ!! ඒ දෙන්නගෙ බැදීම? යුලිට ඒක තේරුම් ගන්න බෑ....
ඒ දෙන්නා ලෝකේට පේන්න හරි ආදරනීය කපල් එකක්....ඒත්...ඉදහිටක අහම්බෙන් ඇහෙන වචන හුවමාරු නිසා ඒක එහෙමමද කියන එක හැමදාමත් යූලිට ප්‍රශ්නයක් වුනා....."වැස්ස වැඩි වෙනවා යූලියා!!"
යූලිගේ ඔලුව අතකින් කවර් කරලා තේහයුන් කිව්වා... යූලී නිහඩවම තව ටිකක් තේහයුන් ගේ ලගට ලං වුනා.... මොර සූරන වැස්ස එක්ක මහ හයියෙන් හුලං හැමුවා.... යුලි තේහයුන් ගේ පපුවේ උනුසුමට ගුලි වුනා....
හිතුවක්කාර කදුලු බින්දුවක් කම්මුල් දිගේ ගලාගෙන යද්දි, යුලි නිහඩවම කදුලු වලට ඉඩ දුන්නා ....
කිම් තේහයුන්!! යුලීගේ ප්‍රාණසම ආදරේ.... තේහයුන් කියන්නේ ගොඩක් දුප්පත් පවුලක දරුවෙක්... අසනීපෙන් ඉන්න තේහයුන් ගේ අප්පායි තාමත් පසැල් වයසේ ඉන්න පුංචි සහෝදරයෝ දෙන්නයි එක්ක තේහයුන්ගේ මාම් කලේ ගොවිතැන් කරපු එක....
තේහයුන් හිටියේ මෙඩිකල් කොලේජ් එකේ තුන්වෙනි වසරේ.... තේහයුන් තමන්ගේ වැඩ වලට සල්ලි හොයාගත්තේ පුංචි පුංචි පාර්ට් ටයිම් ජොබ් කරලා... සමහරවිට ගෙදරටත් ඒවයින් කොටසක් යවන්න තේහයුන් ට සිද්ධ වුනේ අප්පගේ බේත් වලට....යුලී තේහයුන් ව මුලින්ම දැක්කේ යුනිවර්සිටි එකට ආපු පලවෙනි දවසේ... එදා ඉදලා ම යූලී තේහයුන් ට ආදරේ කලා... මොන තරම් දුප්පත් වුනත් තේහයුන් ගේ කඩවසම් පෞරෂය හංගන්න ඒ දුප්පත්කමට පුලුවන් වුනේ නෑ.....
අවුරුද්දකට පස්සේ තේහයුන් යුලීගේ ආදරේ පිලිගත්තා.... යුලීට ගෙදරදී නොදැනෙන නිදහස, තේරුම් ගැනීම, ආදරේ මේ හැමදේම තේහයුන් ලග මහ ගොඩක් තිබුනා....
أنت تقرأ
🖤ᠻꪮ𝘳ꫀꪜꫀ𝘳 𝓽ꪮᧁꫀ𝓽ꫝꫀ𝘳🖤𝚝𝚑𝚟 𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗(𝒄𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 )
أدب الهواة"මට දැනෙන, මට හැගෙන, සදාකල් මා පතන එකම හැගුමක් වේ නම් ඒ නුබම පමනයි!!!.." 𝒄𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 𝒔𝒉𝒐𝒓𝒕 𝒔𝒕𝒐𝒓𝒚 𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏 𝒃𝒚 𝒅𝒆𝒔𝒉𝒖 𝒄𝒐𝒗𝒆𝒓 @deshu93 23/7/28