දැන් වෙලාව පාන්දර දෙකට විතර ඇති. මේ වෙලාවට කලබලකාරී සෝල් නුවර හරිම නිහඬ යි. ඒ නිහැඬියාව බිද දමමින් හීනියට වගේ වැහි පොද වැටෙන්න ගත්තේ හොදට ඇදේ ගුලි වෙලා නිදාගෙන උන්නු සෝහි ගේ නින්දත් අතුරුදන් කරමින්. ඇස් දෙකත් බාගෙට ඇරගෙන ඇදේ ඉදන්ම ජනේලෙන් එළිය බලපු සෝහි දැක්කේ ටිකෙන් ටික තද කරන වැස්ස දිහා. ඒ දැක්ක ගමන් phone එකත් අරන් ඇදෙන් බිමට පැන්නේ නින්ද කොහෙන් ගියාද කියලාවත් හිතාගන්න බැරි විදියට.💜️ "අනේ... ඔහොම ඉන්න කොහෙවත් යන්න එපා... මම මේක දානකන් ඉන්න."
සෝහි phone එක ඔබන ගමන් වැස්සට කතාකරන්නෙ වැස්ස එයාව දාලා යන්න හදනවා වගේ.
"날 스치는 그대의 옅은 그 목소리
내 이름을 한 번만 더 불러주세요
얼어버린 노을 아래 멈춰 서있지만
그대 향해 한 걸음씩 걸어갈래요
Still with you... "මේ කලබලෙන් වගේ phone එක එබුවේ Jungkook ගේ 'Still with you' සිංදුව දාන්න. සිංදුවත් අහගෙන වැස්ස දිහා බලාගෙනම සෝහි වෙනම ලෝකෙක. ටිකෙන් ටික වැස්ස තද කරන්න ගන්නවත් එක්කම සෝහි ත් සිංදුව මුමුණන්න ගත්තෙ නොදැනිමයි.
සෝහි හුගාක් ආසයි වහිනවාට. ඒ වගේම වහින වෙලාවට Jungkookගේ සිංදුවක් අහගෙනම වැස්ස විදින්න හරිම ආසයි. Still with you, my you, stay alive වගේ සිංදු තියෙන play list එකක් හදාගෙන හිටියේ වහින වෙලාවට play කරන්න. එතකොට එයාට Jungkook එයා ළග ඉන්නවා වගේ දැනෙනවා. ඒ නිසාම එයා Jungkook ට තරමටම වැස්සට ආදරේ කරා.
ඒ වගේම තමයි එයාගේ ළග පුංචි රතු පාට Diary එකක් තියෙනවා. හැම වහින වෙලාවකටම එයා ඒ Diary එකේ Jungkook ට ලියුමක් ලියනවා. ඉතිං ඒ විදියට සිංදු ටික play වෙද්දි සෝහි එයාගේ පෑනත් අතට පොත් මෙසේ ළගින් වාඩි වුණේ Diary එකයි පෑනයි අතට ගන්න ගමන්. හිමින් සැරේ පොත පෙරලන්න ගත්තේ ලස්සනට Journal book එකක් වගේ හදලා තියෙන සැරසිලි වලට හානියක් නොවෙන්න. ඒ හැම පිටුවකම Jungkook වෙනුවෙන් ලියපු සටහන් වලින් පිරිලා. එහෙම හිමින් හිමින් පිටු පෙරලලා අන්තිමට හිස් පිටුවකට ආවා.