💚" අනේ මාව දාලා යන්න එපා Tae... Please stay with me😭 "
ඇනා Tae ගේ අතින් අල්ලන් කිව්වා.🐯"අනේ බෑ අනේ මට යන්න දෙන්නකෝ... මට බෑ අනේ... Jiminaaaaa බේරගන්නකෝ😫"
කියලා Taehyung කෑ ගහන සද්දෙට එතනට දුවගෙන ආව Jimin, ඇනාව ටිකක් එහාට තල්ලු කරා..🐥"අනේ මියානේ... මියානේ... මම හිතලා තල්ලු කරේ නෑ😕"
එහෙම කිව්ව Jimin දිහා රවලා බලපු ඇනා මහ හයියෙන් අඩන්න ගත්තා.💚"ඈ😭 සාරා... "
ඒ ඇඩිල්ලේ සද්දෙට එතනට දුවගෙන ආපු සාරා එතන බිම වැටිලා හිටපු ඇනාව නැගිට්ටුවේ හොදටම බය වෙලා.
💛"What happened baby??? Are you ok????🙁"
සාරා ඇහුවේ ඇනාගෙන්.💚"සාරා මෙයා මාව දාලා යන්න හැදුවා🥺එතකොට මෙයා ඇවිත් මට ගැහුවා"
කියලා ඇනා සාරාට පෙන්නුවෙ Jimin ව.🐥"ඇ... මම කොහෙද ගැහුවෙ. මේ නංගි බොරු කියන්න එන්න එපා. ඔයා නේ Tae ව අල්ලන් හිටියෙ😕"
කියද්දිම Jimin ඉස්සරහට ආව සාරා...💛 "අල්ලගන්න. අල්ලගන්න වැඩේමයි. මගෙ කෙල්ලට ගහලා එනවා මෙතන කියවගෙන😠දෙන්නෙ හොම්බ කට සමතලා වෙන්න."
කියලා සාරා කිව්වේ අත මිට මොලවන ගමන්.ඒත් එක්කම Jimin ගේ ඉස්සරහට ආපු Tae...
🐯"අපිට ගහන්න... අනේ යනවා යන්න😒"
කියලා Tae සාරා ව යාන්තමට තල්ලු කරලා ආපස්සට හැරුණේ Jimina ගෙත් අතින් අල්ලගෙන.💚 "How dare you? ඔයා කොහොමද මගේ යාලුවට අත තියන්නේ🤨"
කියලා ඇනා පිටිපස්සෙන් ගිහින් කරේ එල්ලුනේ දෙන්නම බිම පතබෑවෙන ගමන්.🐯"මෙච්චර වෙලා ඉවසන් හිටියේ කෙල්ලෙක් නිසා😠"
💚"ඇයි ඉවසුවේ ඉතිං😠"
හරි හරියට බිම පෙරලි පෙරලි රණ්ඩු කරන Tae යි ඇනා යි දිහා ටික වෙලාවක් බලන් හිටපු Jimina යි සාරා යි ඉස්සරහට ගියේ රණ්ඩුව නවත්තන්න. ඒ වෙලාවේ වැරදීමකින් සාරා ගේ අත Tae ගේ මූණේ වැදුණේ හොද කනේ පාරක් වැදෙනවත් එක්කම ඔක්කොම තෘෂ්ණින්භූත වෙන ගමන්.
💛"අනේ sorry... වැරදිලා වැදුණේ Tae🥺"
සාරා එහෙම කියද්දි Jimin...🐥"ඔයා කොහොමද එහෙම මගේ යාලුවාට ගහන්නෙ? ආ?😠"
කියලා හයියෙන් කෑ ගැහුවෙ කෙල්ලො දෙන්නා ගැස්සිලා යනවත් එක්කම.