Episode 5

225 43 0
                                    


අන්තිමට අපි හැම සෙනසුරාදාම හම්බවෙන එක පුරුද්දක් වුනා. එයා කලින් ආවොත් මන් එනකන් බලන් හිටියා. මන් කලින් ආවොත් එයා එනකන් බලන් හිටියා. ඔය විදිහට අපේ යාලුකම ගොඩාක් වැඩි වුනා. දවසින් දවස ගත වෙද්දි හිතුවට වඩා එයා මට ලන් වුනා. එයාව දකින්නෙ නැති දවස් ගෙව්වෙ මන් පුදුම අමාරුවෙන්. අන්තිමට මගේ හීනවල පවා එයා විතරක් ඉන්න පටන් ගනිද්දී මන් තේරුම් ගත්තා මන් එයාට ආදරේ කරන්න පටන් අරගෙන කියලා.

ඔය අතරෙ මට ආරංචි වුනා ජිහෝ හිරෙන් නිදහස් වෙලා කියලා. යුන්ගි කිව්ව විදිහට නම් ඇමති කෙනෙක් මාර්ගයෙනුයි ජිහෝට නිදහස ලැබිල තියෙන්නෙ. යුන්ගි හිටියෙ ඒකට ගොඩක් කේන්තියෙන්.

ඒ ආර‍ංචියට පුලුවන් වුණා මගේ හිතේ තිබුණු නිදහස ආපහු නැති කරලා දාන්න. මොකද මන් දැනන් හිටියා ආපහු කවදාමහරි ජිහෝ මාව හොයන් එන බව. ඒත් මගේ හිතේ තිබුන බය යුන්ගිට දැනෙන්න මන් ඉඩ තිබ්බෙ නෑ. ඒකට ලොකුම හේතුව වුණේ යුන්ගි දන්නෙ නැති වුනත් ඒ වෙනකොට මන් යුන්ගිට හිතින් ගොඩක් ආදරේ කරන්න පටන් අරගෙන ඉවරයි. ඉතිං මන් නිසා එයාට කරදරයක් වෙනව දකින්න මට කීයටවත් ඕනි වුණේ නෑ.

මේ මහ රෑ කෝල් කරල මගේ නින්ද කඩන්නෙ කවුද කියල බලන්න මන් ෆෝන් එක අතට ගත්තෙ හිතින් බැන බැන.

" යුන්ගි ඇයි මේ රෑ වෙලා... ප්‍රශ්නයක්වද්ද?"

" නෑ නෑ කලබල වෙන්න එපා සෝරා. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. හෙට හවසට බීච් එකේදි හම්බවෙමු."

යුන්ගිගෙ ඇමතුම විසන්දි කරලා මන් ආපහු නිදාගන්න හැදුවත් මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඒකට ලේසියෙන් ඉඩ දුන්නෙ නෑ.

SAVE ME (Min Yoongi Ff)Where stories live. Discover now