" සෝරා බලාගෙන.."
යුන්ගි අන්තිම මොහොතෙ පවා හිතුවෙ මන් ගැන. මගේ ඔලුව දිගේ ලේ ගලාගෙන ආවට මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ. මොකද ඊට වඩා මගේ හිතේ වේදනාව වැඩි වුනා. ඒත් එක්කම මට ජිහෝ ගැන දැනුණේ ඉවසන්න බැරි තරමෙ කේන්තියක්.... මන් ඉන්නකම් යුන්ගිට මැරෙන්න දෙන්න මට බෑ. ඒත් කොහොමද මන් එයාව බේරගන්නෙ..... එතකොටයි මන් දැක්කෙ කාමරෙ අයිනක තිබුනු යකඩ පුටුව. තත්පරයක්වත් ගත වෙන්න නොදී මන් ඒ පුටුව උස්සලා ජිහෝට ගැහුවෙ යුන්ගිටවත් සිද්ද වුණ දේ හිතාගන්න වෙලාවක් ඉඩ නොතියයි.
කාමරයම දෙවනත් වෙන්න කෑ ගහගෙන ජිහෝ ලේ පෙරාගෙන බිම ඇද වැටෙද්දී ජිහෝගෙන් ගිලිහුණු පිස්තෝලෙ අහුල ගන්න යුන්ගි අමතක කලේ නෑ.
" සෝරා අයිති මේ මින් යුන්ගිට විතරමයි..."
වචන වලට විතරක් සීමා නොවුණු යුන්ගි අතේ තිබුණ පිස්ටල් එක පත්තු කළේ පළාතම දෙවනත් වෙන්න ඇහුණු වෙඩි හඬත් එක්කම හිතේ කැකෑරෙමින් තිබුණු වේදනාවටත් තිත තියලයි.
THE END.
.....................................................................
පුංචි කතාවක් අරගෙන ගොඩක් දවසකින් මන් ආපහු ආවා. 😍 මන් යුන්ගි වෙනුවෙන් ලියපු පළවෙනි කතාව මේක. මගේ අනෙක් කතා වලට වගේම මේකටත් ඔයලා කැමති වෙයි කියලා මන් හිතනවා 🥰. කතාව ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා 😊
දිගම දිග කතාවකින් ඉක්මනට එන්න පොරොන්දුව පිට මන් එහෙනම් යන්නම්. පරිස්සමින් ඉන්න හැමෝම. ❤️
ආහ්.... පුලුවන් නම් ඊළඟට දෙන්නෙ කාගෙ කතාවක්ද කියලා ගෙස් කරගෙනම යන්න 🤭
YOU ARE READING
SAVE ME (Min Yoongi Ff)
Fanfictionබලාපොරොත්තු නොවුණු විදිහෙ මගේ හැසිරීම හමුවේ ඒ තියුණු ඇස් මොහොතකට ගැස්සෙනවා දැක්කත් මන් ඒ පපුවට තව තවත් තුරුල් වුනේ ලොකේ මට තියෙන ආරක්ශිතම තැන එතන කියලා හිත කියද්දියි..... Start date : 12/08/2023 End date : 12/08/2023