First lesson - kiss

141 12 17
                                    

පහුවදා උදේම නැගිට්ට ෆීලික්ස් ස්කූල් යන්න ලෑස්ති උනේ වෙනදටත් වඩා පුංචි සතුටකින්..හැබැයි ඊටත් වඩා කුතුහලේකින්..අද එයා චෑන්ගෙ ඩීල් එක පිලිගන්නනෙ යන්නෙ , ඒ හින්දා මොන වගේ දේවල් වලට ඉස්සරහට මුහුණ දෙන්න වේවිදෝ කියන එක ගැනයි එයා හිත හිත හිටියෙ..

ලා නිල් පාට ලස්සන හූඩි එකකට ලෙදර් පෑන්ට් එකක් ඇදලා කන්නාඩිය ඉස්සරහින් හැරවි හැරවි බල බල හිටිය ලික්සිට හිතුනෙ එයා හරි හුරතල් පාටයි කියලා..ඔව්...එයා එයාගෙ එක  හිනාවකින්  කෙනෙක්ව මරන්න පුලුවන් තරමට හුරතල් පාටයි ❕

ලෑස්ති වෙලා පල්ලෙහාට ගියපු ලික්ස් ඉක්මනින් පෑන්කේක් ටිකකුත් හදලා , අම්මටත් ටිකක් ඉතුරු කරලා ඉක්මනින් ස්කූල් එකට දුවන්න පිටත් උනා..

අද පොඩ්ඩක් වෙනස් දවසක්..අනිවාර්යයෙන් ගොඩක් වෙනස් දවසක් ❕

In school

" අම්මෝ දැන් නම් ඔයාට විතරක් නෙවේ මටත් යකෙක් ගිලින්න තරම් බඩගිනියි ලික්සි "

ජීව විද්‍යාව පාඩමේ තිබ්බ හොදකම නිසාම හැදිච්ච නිදිමතකුත් එක්කම සොම්බි කෙනෙක් වගේ ලික්සිගෙ පස්සෙන් ගාටනගමන් ජීසුන්ග් කියද්දි ෆීලික්ස් එයාලා දිහාට කොරිඩෝ එකේ එහා කොනේ ඉදන් ඇවිදන් එන මින්හොව දැකලා හිනාවුනා..

" යකෙක් ගිලින්න කෙසේවෙතත් යකෙක් ඔයාව ගිලින්නනම් එන ගමන්කියලා මට පේනො සුංගී "

" දෙයියනේ මං එයාගෙ ආසම යටකාසම පූසොන්ට දැම්මා කියලා දැනගෙනද කොහෙද. ..ලික්සි මං දැන් පණ බේරගන්නොනි..පස්සෙ හම්වෙමු හොදේ "

මින්හො යකෙක් වැහිලා වගේ ඒ පැත්තට එනවා දැක්ක ජීසුන්ග් ඉක්මනින් කොහෙටදෝ දුවද්දි මින්හොත් "ඔහොම ඉන්නවා මෝඩ ලේන් තඩියා " ගාගෙන ජීසුන්ගෙන් පස්සෙන් දුවන්න ගත්තා . මේ දිහා බලන් හිටි ලික්සි   හිමීට හිනාවෙන ගමන් කැෆේ එක පැත්තට යන්න පටන් ගත්තා...මෝඩ ලමයි දෙන්නා..!

ඒත් කැෆේ එක පෙනි පෙනි තියෙද්දි ආයෙමත් කව්දෝ කෙනෙක් එයාගෙ චූටි අතකින් ඇදලා අරන් බිත්තියකට තද කරේ ලික්ස් තරහෙන්කෙදිරිගාද්දි.

"ඔහොම මාව ඇදලා අරගන්න එක ඔයාට පුරුද්දකට ගිහින්ද ? ක්‍රිස්ටෝපර් ? "

You've reached the end of published parts.

⏰ Last updated: May 05 ⏰

Add this story to your Library to get notified about new parts!

Virgin Stripper  (Skz chanlix ) ||Sinhala Translation Where stories live. Discover now