***
තාරකාට යම්,නරක ඇබ්බැහියක් තිබීනම්,ශාරීරක බන්ධනය ඇයට අවශ්‍යම විය..ඉදින්,ඇය කොතෙකුත් පාලනය කරන්නට හදන්නේ එයමය..සහන් තවමත් තාරකාගේ නීත්‍යානුකූල සැමියා වූ හෙයින්,ඇය ඔහුගේ සහ ඇගේ බැඳීම්,රැයක විඳින ශාරීරක බන්ධනයකට පමණක්ම සීමා කළාය..
නමුදු,ඇයට දැන් දැන්,සහන්ගේ ස්පර්ශයද එපා වී තිබිණි..තනිකම් හිත ඇගේ අසලම දැවටෙන තරුණියගේ පහස පැතුවාය..ඇය එය හදවතෙහි වරදවා වටහාගැන්මක් ලෙස සිතා එය මඟහැරීය..ඇයට එය මඟහරින්න මඟහරින්න,ඇයව තව තවත් අවශ්‍යම විය..නමුත්,ඇයට මේ තරුණ යෞවනියට කිසිත් කළ නොහැක..ඇය තවමත් තමාටත් වඩා කුඩා බව ඇය ඇයටම සපත කළගත්තාය...
නමුත්,එය ඇගේ සෑම වැටක්ම කඩා දමන්නේ ක්ෂණයෙනි..
එහෙයින්,ඇය මාස දෙකකට පමණ ඉහතදී,ස්නේහාගේ දෙතොලත සිපගත්තේ,ඇය තවම කුඩා බව තමාටම දන්වාගෙනය..නමුදු,එදා සිට ස්නේහාට,තාරකාගේ,
උණුසුම් දෙතොලතෙහි පහස ස්නේහා රහසින් සුදු පැහැ බිත්ති හතරට මැදිවම පැතුවාය..
"රසයිද.."ස්නේහාට බත් ගුලි එක දෙක කවන ගමන තාරකා ඇසුවේ,ඇගේ සිනහව මතින්ය..
"ම්,..අක්කා කවනවනම්,රසයි තමයිනේ.."ස්නේහා ඇගේ මුවැති දෑසෙන් සිනාසීය...
තාරකාට යම් සැනසීමක් තිබුණානම්..
එය ස්නේහාගේ හෝ ඇගේ දැරියගේ පමණමයි..
තාරකාගේ දෑතින්ම ඇයට කවා,වතරද බොන්නට දුන්නේ,හදවත ඉතිරී යන ආදරයෙන්ය..තාරකාට තවමද සිතා ගත නොහැකි වූයේ,ස්නේහා,ඇගේ ළඟ දැවටෙන්නේ,කුමන හේතුවක් මතද කියාය..නමුත්,තාරකා නිතරම සිතුවේ,ඇය ඇගේ කම්පනය නිසා එසේ කරන බවමය..නමුත්,කරෙණාවනම්,..ස්නේහා මේ අවුරුදු දෙක ඇතුළත තාරකා ගැන සිතක් පහල කරගත්තාය..ඇයට තාරකා කෙල්ලක වග,හෝ,තමා කෙල්ලක වග හෝ වැදගත් නොවීය..ඇයට වැදගත් වූ දේ නම්,විනාඩියකට හෝ තාරකාගේ,උණුසුමෙහි දැවටීමට පමණමයි...ස්නේහා ඒ මොහොතේ තාරකාගේ,උපරිහ ස්නේහය වින්දේ,හදවතින්මය..
ස්නේහා,හැඳ සිටි රෝස ගවුමද,තාරකාගේ ආදරණීය තිළිණයකි..තාරකා සිතා සිටින්නේ,එය ස්නේහා පිළිබඳව ඇතිවන
ආකර්ෂණයක් පමණයි කියාය...
"මට,දැන් බෙහෙත් ඕන නෑනේද අක්කේ.."තාරකා,ළඟම වාඩිගෙන ඇගේ අත්ල මත අත්ල තද කරගෙන ඇගේ,උරපතට,මුවඟ හේත්තු කරගෙන සිටි,ස්නේහාගේ පැනයට තාරකාගේ මුවඟ සිනාසීය...
"එහෙම බෑනේ ළමයෝ!,හොඳ වෙන්න නම්,බෙහෙත් බොන්නම ඕන.."තාරකා ඇගේ මුවඟ,උරපත මතින්,තම දෑත් අතර සිර කරගත්තේ,ඇය මුහුණ නරක් කරගද්දිය.."අප්පිරියයි,නේ..අක්කේ.."ස්නේහාගේ එපා වුණු මුවඟ දැකි තාරකාට සිනායන්නට ආවද,ඇය තොල්පට තද කරගත්තේ,ස්නේහා වැඩිපුර සිතන කෙල්ලක බව තමා දන්නා නිසාමය..
"නෝටි,කෙල්ල..එහෙම බැහැ..අපි දැන් බෙහෙත් බොන්නම ඕන.."තාරකා,ඇගේ නාසය නොරිදෙන්න තද කලේ,සිනිඳු මල් පෙත්තක,වැනිය..
"මගේ,රෝස මල.."තාරකා,වාඩිගෙන සිටි යහනෙන් නැගිටගත්තේ,ස්නේහාට බෙහෙත් දීමටය..ස්නේහාට දෙන බෙහෙත්,සැර වැඩි නිසාම ඇය විනාඩි ගනනකින් නිදි දෙව්දුව වැළඳගනී..තාරකා,ඇයට බෙහෙත් පෙව්වේද,තම දියණියව බලා ගන්නා ලෙසමය...ඒත්,ඇයට ඇයව දරුවෙකු ලෙස බලන්නටම නොහැකි විය..
ස්නේහා,..ඇය තවමත්,කම්පනයෙන් මිදෙන්න නොහැකි වූ තරුණියක්..වේදනා දුන්,අතීතයක් අමතක කරන්න වෙරදරන හදවතක්,...අඳුරට මුහුන දෙන්න,ආලෝකය හොයන කෙල්ලෙක්..
තාරකා,ස්නේහාගේ පියවෙන දෑස දෙස බලා හිඳියේ,ඇගේ හිසද අතැඟිලි වලින් පිරිමදින ගමනය..තාරකාගේ හදවත පිරී යන දසුනක් වේනම්,ඒ ස්නේහා,කලබලයෙන් තොරව සුවසේ නිදි දෙව්දුව වැළඳගැනීමයි,එවිට,ඇගේ වේදනා දෙන අදුරු තනිකමට වහන් වී එළිය සොයන්නට පාර කියා දෙයි..මොහොතකට හැම දෙයක්ම අමතක කරමින්,අතීතයෙන්,ඈත් වීමට හැකිය..මතක අනෝරාවෙන්,නොතෙමී,ආදර මන්දාරමට මුහු විය හැකිය..
ස්නේහා නිදි දෙව්දුව වැළඳගත්තේද,ඇගේ අක්කාගේ අත්ල මත තම අතැඟිලි තද කරගෙනමය..තාරකාගෙන්,ඈතකට යන්න ඇගේ අඳුරු තනිකම් හිතට නොහැකි විය..ඇයට ආලෝකයට මග කියා දෙන තාරකාවෙන් ඈත් වන්නට ඇය ලෝභ විය..නිදන මුවැති කෙල්ලගේ,සෑම නිශ්චල අංගයක්ම දෑසෙන් පමණක්ම විදගත්ත තාරකාට,ස්නේහාගේ,දඟකාර කම් නිසාම ගවුම් පොඩිත්තෙන්,එළියට කැපී පෙනුනු තලෙලු වර්ණයට හුරු කහ පැහැති කලවා දැකි විට,ඇයට ඇතිවෙන්නේ,ආකර්ෂණයක් පමණක්ද යන්න ඇය සිතයි..සහන් සමග ගෙවූ අවුරුදු හතරක කාල පරිච්ඡේදය ඇය ගෙවූයේ,ආදරයෙන්ද...මොහොතකට තාරකා එහි අතරමං විය..දෛවය වැරදි මග පෙන්වූවාද..ඇගේ සිතම පැනයක් විය..උත්තරය ඈත නොව,ඇය ළඟම බව ඇයට නොදැනුනාය..
***
අදහසක් කියාගෙනම යන්න..❤️🖤
YOU ARE READING
මන්දාරම් වැහි GxG
Non-Fictionමන්දාරම් ප්‍රේමයේ වැහි බිඳු මත දිවයන අඳුර යන තනිකමට,ප්‍රේමය යන ඔසුව සොයා.. නානාප්‍රකාර,මිනිසුන්ගේ,.. විවිධ අරමුණුවල අවසානයේ,.. විඩාව හා තනිකම යන රෝගය වැළඳුනු පසු.. නවතින්නට ඔවුනොවුන් විසින්ම තෝරාගන්නේ,ද. තනිකම යන අඳුරු කුටියම පමණයි...