***
"මම කෙලි පැටික්කිව එක්කන් එන්නම්..!"තාරකා,තම දෑත තවමත් ඇගේ දෑතෙහි පටලවාගෙන හිඳින ස්නේහා දෙස බලා පැවසීයෙන්,ස්නේහාගේ උවනෙහි සොඳුරු වූ සිනහවක් මැවීය..තාරකා ඇගේ සිනාසෙන දෑස් දෙස බලා,නැවතත් සිනාසුණේ,..ඔවුන්ගේ සිනාසෙන දෑස් මතින් නේක විද හැඟීම් සඟවාගෙනමය..
"අම්මා,එක්ක එන්න දෙයිද.."
ස්නේහා තාරකා කියූ නිසාවෙන් සහන්ගේ මව ගැන දැන සිටියාය,..තාරකා මඳ සිනහවකින්ම යහනතෙහි වැතිරගෙන තම දෑත ගුලිකරගෙන සිටි කෙල්ලගේ නළලත නැවතත් සිපගත්තාය...නුහුරු හැඟීමක් හිත පුරා සැරිසරද්දී ඇය එයට නම් නොදී සිටියාය...
"ඔව්..මම අම්මට කියලා ආවේ පැටියෝ.."
තාරකා ස්නේහා දෙස බලා නැවතත් සිනාසීයෙන් කියාගන්නට බැරි තරමක නුහුරු හැඟීමකින් ස්නේහාගෙත් හිත සසල වී ගියාය..තාරකා අසල දැවටෙද්දි...ඇය නොලැබුණු සෙනෙහසක් ලැබුවාය..තවමත් හරි හැටි හැඟීමක් යනු කිමක් දැයි වත් නොදන්න කෙල්ල ඇයට ආශා කළාය..සහන් ඇගේ ස්වාමියා බව දැන දැනත් ඇය තාරකාවම පැතුවාය..
"ම් හරි,මම ඉක්මනට ගිහින් එන්නම්..ශෙහානි අක්කව එවන්නම්..හොඳද.."
තාරකා ස්නේහාට පොරොන්දු වූ බැවින් ඇගේ පොඩි කෙල්ලව ඇය රැගෙන එන්නට යා යුතුය..නමුදු මේ දෑත් සිරවී ඇත්තේ එකිනෙකට වෙන් වී නොයන ලෙසය..ඒ මතට දෑස් යා කෙරූ තාරකා,නැවතත් ඇගේ,දෑස උස්සා බැලූ කල ඇය දුටුවේ ඇය වන්ම තම තමන්ගේ දෑත් දෙස බලා සිටින පොඩි කෙල්ලවය...ස්නේහාගේ නෙතඟ තාරකාගේ දෑස් සමඟ විත් නතර විය..කියාගන්නට බැරි නේක හැඟීමක්ම..අවසන නවතින්නේ ඔවුනොවුන්ගේම දෑස් මතය..ඔවුන් කතා නොකළාය..නමුදු අපමණ පමණක් ඔවුන් දෑසින්,කතා කළාය..
"තාරකා!,"ශෙහානි ස්නේහාගේ කාමරයට අවුත් ඇය දුටුවේ ස්නේහා අසලම වාඩිගෙන සිටි තාරකාවය...
ගැස්සුණු නෙත් නැවතත් තම තමන් අතරම හැඟීම් හිරකරගද්දී,..නැවතත් නැවතත් ඔවුන් අඳුරට අභියෝග කරන්නට හැඟීම් සෙව්වාය.."ම් මං එනකන් ස්නේහා බලාගන්න.."
තාරකා පැටලුණු දෑත් ඇගේ දෑගිලි අතරින් හෙමිහිට ගලවාගත්තාය..හිඳ උන් තැනින් නැගිට ගත් ඇය ශෙහානි දෙස ද බලා දොර පාමුලටම නැවතත් ගොස් ස්නේහා දෙස බැලීය..ඒ දෑස් අතර කියන්නට බොහෝ දෑ ඇත..තාරකා තම දෑස් ඇගේ අසලම නවතින බව දැන උන්නාය..නමුදු ඇයත් හේතුවක් නොකියාම ස්නේහා දෙස බලා එපිටට ගියාය...
YOU ARE READING
මන්දාරම් වැහි GxG
Non-Fictionමන්දාරම් ප්‍රේමයේ වැහි බිඳු මත දිවයන අඳුර යන තනිකමට,ප්‍රේමය යන ඔසුව සොයා.. නානාප්‍රකාර,මිනිසුන්ගේ,.. විවිධ අරමුණුවල අවසානයේ,.. විඩාව හා තනිකම යන රෝගය වැළඳුනු පසු.. නවතින්නට ඔවුනොවුන් විසින්ම තෝරාගන්නේ,ද. තනිකම යන අඳුරු කුටියම පමණයි...