01. Can U Handle Me..?

669 86 34
                                    

" වට්...නෝ.. ඔම්මා... ඔයා කොහොමද එහෙම කියන්නේ.... අහ්හහහ ඔම්මා... ඔම්මා.. ආාාශ්......"

ජොන්කුක් එයාගේ කනේ තියාගෙන හිටපු ෆෝන් එක අහකට ගත්තේ කෝල් එකේ අනික් පැත්තෙන් හිටපු එයාගේ මමා කෝල් එක කට් කරපු නිසයි. ජොන්කුක් එයාගේ නළලත් අතින් පිරිමදින ගමන් සීට් එකට ඔලුව ගහගත්තා.

" ඇයි.. ඔම්මා මොකද කිව්වේ..? "

" ආහ්හහ චින්චා.. හ්‍යෝන් බලන්නකො.. ඔම්මා අර ගර්ල්ව මීට් වෙන්න දැන් යන්නලු... මට නම් එපා වෙලා තියන්නේ...!!! "

ඉස්සරහා පැසේන්ජර් සීට් හිටපු ජොන්කුක්ගේ මැනෙජර් අහද්දි ජොන්කුක් මූණ නරක් කරගෙන කිව්වා. ජොන්⁣ ජොන්කුක් කියන්නේ ලෝකේම හොල්ලපු කොරියන් සංගීත කණ්ඩායමක ලාබාලම සාමාජිකයා. වයසින් එයා එහෙම උනත් කණ්ඩායමේ මේන් වෝක්ලිස්ට් වගේම ටීම් එකේ ලීඩර් නම්ජුන්ට පස්සේ හොඳ ශක්තිමත් බොඩි එකක් මේන්ටේන් කරන.. කිසිම දෙයක් බෑ නොකියා කරන අවුරැදු විසිහයක තරැණයෙක්. එයාට තියන ජවය එක්ක.. එයාට කරන්න බැරි දෙයක් නැහැ.

ජොන්කුක් හිටියේ එයාගේ වෙහිකල් එකේ එයාපෝට් එකේ ඉදන් එයාගේ අපාට්මන්ට් එකට යන ගමන්. මීට දවස් දෙකකට කලින් එයා කාටර්වල පැවැත්වුණු ෆිෆා වර්ල්ඩ් කප් එකට මේන් තීම් සෝන්ග් එකක් එයා සින්ග් කරලා ⁣පර්ෆෝම් කලා. ෆුට් බෝල් මැච් එකකුත් බලලා.. කාටර් වල වැඩ ටිකත් ඉවර කරගෙන එයා කොරියාවලට ලෑන්ඩ් කලේ මීට පැයකට විතර කලින්. ඒ යන අතරතුර එයා හොරෙන් හදාගෙන තියාගෙන ඉන්න ටික්ටොක් අකවුන්⁣ට් එකෙන් එයාගේ ඩ්‍රීමර්ස් පර්ෆෝමන්ස් එකට එයාලාගේ ෆෑන්ල්ස්ලා රිඇක්ට් කරපු ඒවා.. හදපු විඩියෝ එහෙම බල බල හිටියේ හරිම උද්යෝගයකින්. එයා හිටියේ හරිම සතුටින්.

ඒ එක්කම එයාගේ මමා එයාට කෝල් කරපු එකට ජොන්කුක් කැමති උනත් මමා කියවපු දේවල් නිසා ජොන්කුක්ගේ සතුට එහෙම් පිටින්ම වාශ්ප වෙලා ගියා. මීට මාසෙකට විතර කලින් ඉදන් එයාගේ මමා එයාට කවුද මන්දා කෙල්ලෙක් එක්ක ඩේට් එකකට යන්න කියලා බෙරිහන් දෙනවා. මුල ඉදන්ම අරවා මේවා කිය කිය ඉදලා බෑ කිය කිය හිටියත් අද නම් ඒ ගර්ල්ව මීට් වෙන එක මඟඅරින්නම බෑ කියලා එයාට තේරැනා.

JEON'S' REVERIE || SHORT STORIES || JJKWhere stories live. Discover now