02. Enemies To Lovers

395 56 42
                                    



බටහිර කසකස්තාන් රයින් කාන්තාරය සුපුරුදු විදියටම සුර්‍යයාගේ රශ්මියෙන් නැහැවිලයි තිබුනේ. ඉමක් කොනක් හොයාගන්න බැරි කාන්තාරයේ අතරින් පතර පතොක් ගස් පේළි කිහිපයක් තිබුනේ ලා දුඹුරැ පාටට හැරිලා. සැරින් සැරේ කාන්තාරය හරහා ගලන් යන උණුසුම් හුළං රැල්ල නිසා ඒ අවට හැමදෙයක්ම තිබුනේ දුවිලි පාටකට හැරිලා. මේ වතාවරණය වෙනස් කරන ගමන් එකපාරම විශාල පිපිරිමක් සිද්ධ උනේ කාන්තරයේ එක් කෙලවරක අතඇර දාලා තිබුන නගරයක. 

ඒක දුවිල්ලෙන් ජරාජිර්ණ වුන පරණ සුන්බුන් නගරයක්. ලී අට්ටාලවලින් හැදුනු පොඩි පොඩි ගෙවල් වලට අමතරව කුඩාරම් වලින් හදපු ගෙවලුත් රතු තැඹිලි පාට ඩයිනමයිට් ගොඩක් එක්ක පිපිරිලා ගියේ තත්පර කිහිපයක් ඇතුළත. ඇවිස්සිලා ගිය දුවිලි ගොඩෙන් පිපිරීමට පස්සේ ඇහුනේ තත්පරෙන් තත්පරේ වදින වෙඩි හඬවල්. සුන්බුන් වෙලා තැන තැන ගිනිගන්න නගරේ තැනින් තැන හැංගිලා හිටපු මිනිස්සු කණ්ඩායම් දෙකක් එකිනෙකාට විරැද්ධව වෙඩි හුවමාරු කරගන්න පටන් අරන් තිබුනා. ඒ වෙද්දිත් කණ්ඩායම් දෙකේම කිහිප දෙනෙක් පිපිරිම නිසා තුවාල වෙලා වගේම ජීවිතෙනුත් සමුදීලයි හිටියේ. 





" ශිට්.. "




තමන්ගේ අතේ තිබුන රයිෆල් ගන් එකේ බුලට්ස් ඉවර උනු නිසා ඒකේ අයිතිකාරිය වුන ටෂීයාගේ මුණේ ඇදිලා ගියේ නොරිස්සුම් කේන්තියක්. එයාගේ බුලට්ස් ඉවර උනත් ප්‍රතිවාදි කණ්ඩායමෙන් දිගින් දිගටම එල්ල වුන පහරවල් නිසා ටෂීයා ළඟ තිබුන පෙට්ටියකට කවර් උනා. අතේ තිබුන හිස් රයිෆල් ගන් එක පැත්තකට දාපු ටෂීයා ළඟම මැරිලා වැටිලා හිටපු කෙනාගේ ⁣ශුට් ගන් එක අරගෙන ප්‍රතිවාදීන්ට ශූට් කරන්න ගත්තේ දත්මිටි කන ගමන්.






" මොන විදියකින් හරි කමක් නෑ මට ටැෆිටි එක අරගෙන ඕනේ ජිමින්.....!!! "



එහාට මෙහාට පෙරළෙන ගමන් ප්‍රතිවාදීන්ට ශූට් කරපු ටෂීයා එයාගේ සහයකයා නැත්නම් ළඟම කෙනා... හරියටම කියනවා නම් එයාගේ දකුණු අත වුන පාක් ජිමින් දිහා බලන ගමන් කිව්වා. 

මේක කොහෙත්ම නිකංම නිකං වෙඩි තියාගෙන මරාගැනිල්ලක් නෙමෙයි. කසකස්තාන් රයින් කාන්තාරයත් මේ මොහොතේ අපහසුතාවයට පත් වෙලා ඉන්නේ පරම්පරා ගණනාවක ඉදන් නොනවත්වාම මරාගන්න ප්‍රතිවාදි පිල් දෙකක් නිසයි. ඒ වගේම නිකම්ම නිකං පිල් දෙකකට ⁣මෙහෙම ගිනිගහන කාන්තාරේ මැද්දේ ඩයිනමයිට් පුපුරවගෙන...වෙඩි තියාගන්න අමාරැවක් නැහැනේ.. ඉතින් මේ අමාරැව හරිම සුවිශේෂි විදියට පිහිටලා තියන්නේ අසික්කිත ගණයේ දරැණු රශියන් මාෆියා කල්ලි දෙකකට. 






JEON'S' REVERIE || SHORT STORIES || JJKWhere stories live. Discover now