Owning.

35 7 6
                                    

Author pov

සතියක් .... ඕර්වීනා ජන්කුක් ගේ පැලස් එකට ගෙනත් දැනට හරියටම සතියක් ගිහින් හැබැයි මේ සතිය ඕර්වීනා ගෙව්වේ වේදනාවෙන් වගේම ජිවිතේ එපා කරපු හැඟීම් ගොඩක් එක්ක.ඕර්වීනා එයාට ගේන කෑමවලින් ගොඩක් වෙලාවට කන්නෙම නැති තරම්.ඒනිසාම කෙල්ල දැන් හොදටම කෙට්ටු වෙලා..... පළවෙනි දවසේ අන්දලා තිබ්බ හුඩි එක තමයි තාම ඇඳන් ඉන්නේ... ජන්කුක් තාම ආවේ නැහැ.එයා හිටියනම් මෙහෙම වෙන්නේ නැනේ.ඔන්න අදත් ඕර්වීනා හැමදාම වගේ එයාගේ හැගිම් නෑ වගේ පේන ඇස් දෙක ඇරලා හිමීට නැගිට්ටා.හැමදාම වගේ ෆුඩ් ට්‍රොලි එක තිබ්බත්..ඕර්වීනා නෙවෙයි ඒ දිහා බැලුවේ.ඒත්.... ඕර්වීනා ට එහෙම ඉන්න පුලුවන් උනේ ටික වෙලාවයි.එකපාරටම රූම් එකේ ඩෝර් එක මහ සද්දෙන් ඇරගෙන තරහ පිරුණු මූනක් එක්ක ජන්කුක් රූම් එක ඇතුලට ආවා.කෙල්ලගේ ඇද ලගට ඇවිත් කෙල්ලව තමන්ගේ පැත්ත හරවගත්ත ජන්කුක් කෙල්ලගේ කම්බුල් දෙකෙන් තද කරලා තමන්ගේ එක අතකින් අල්ලගෙන කෙල්ලගේ මූන උඩට ඉස්සුවා.

" මම කියලා ගියේ හොදට හැසිරෙන්න කියලා ... ඒත් තමුන් කොහොමද මේ හැසිරිලා තියෙන්නේ ආ ?!"

" ම...ම .. කොහොම...හි..ටියත් ..ඔ..යාට මොක... ද ?හ්ආ ...මාව මෙ..හෙ ...ම හිර...කරන් ... ඉන්නේ ...නැ..තුව...ම..ර ...ලා...දා...න්..න"

කෙල්ලගේ මේ වචන ඇහුන ගමන් ජන්කුක් ගේ කේන්තිය හොදටම වැඩි උනා.ඇස් නිල්,සුදු පාට උනා.තවත් කෙල්ලගේ කම්බුල් තද කරපු ජන්කුක් ,

" මරන්න? ඔව්.. ඔයාව මරන්නත් මට පුලුවන් .... ඒත් දැම්ම නම් නෙවෙයි!..."

ජන්කුක් ට එච්චරයි කියන්න හම්බවුනේ ..... නිල්,සුදු ඇස් දැක්ක ගමන් කෙල්ල සිහිනැති උනා.ඒක දැක්ක ජන්කුක් ගේ තරහ ඉබේම නැති උනා.ලොකු හුස්මක් පිට කරපු ජන්කුක් ජිමින්ට ටෙලිපති වලින් කතා කලා.

" ජිමින්...ජින්ට එන්න කියන්න"

" හ්..හරි කුකි"

ඇස් ඇරිය ජන්කුක් බැලුවේ තමන්ගේ අත් අතර සිහිනැතුව ඉන්න කෙල්ල දිහා.

" ඇයි? ඇයි හිතුවක්කාර උනේ? සනීප වෙන්නකෝ... ඔයාට මොනාහරි උනොත් මට මොනාද වෙන්නේ කියලා කියලා දෙන්නම්....මම කවුද.. ඔයා මගේ කවුද..ඔයාව මට කොච්චර වටිනවද...ඔයාට කොච්චර ආදරේද ... කියලා දෙන්නම්.."

WAHILA (The Great Wolf ). |Ongoing Where stories live. Discover now