තෙවන කොටස

941 152 17
                                    

සෑහෙන දුරක් එන්න ඇවිත් අපි ආවෙ නුවරඑළියෙ ටවුන් එකට. පැයක් විතර පහුවුණාදත් මන්දා...

ග්‍රෙගරි වැව පහුකරගෙන යනකොට මට නිකන්ම ඒ පැත්ත බැලුණා... මිනිස්සු පිරිලා... කොහොමත් නිවාඩුවක් එහෙම අහුවුණොත් මිනිස්සු එනවනෙ. ඒත් මටනම් ඔතෙන්ට ගියපු කාලයක්වත් මතක නෑ. වැව පුරා බෝට්ටු යනවා. අහසෙ හුඟක් පාතින් හෙලිකොප්ටර් එකකුත් යනවා. තව අර මොනාද වතුරෙ පදින බයික් වගේ වාහන ජාතියකුත් මහ වේගෙන වතුර දෙබෑ කරගෙන යනවා. ඒවනම් යන වේගෙට බයත් හිතෙනවා.

"ග්‍රෙගරි පාක් එකට යන්න ආසද ම්ම්?" මං කාර් එකේ ජනේලෙන් එබිලා බලන් ඉන්නකොට එහා පැත්තෙ හිටපු පොඩි බේබි ඇහුවා.

"ආහ් මොකද්ද?" මං ඇහුවෙ හරියටම මට ඇහුණෙ ඒකමද කියලා ශුවර් කරගන්න.

"යන්න ආසද?" බේබි ආයෙම ඇහුවා.

"මං?" මං ඇහුවෙ මගෙ දිහාවටම ඇඟිල්ල දික් කරන ගමන්.

"ම්න්" ඉස්සරහට ඩ්‍රයිව් කරන ගමන්ම බේබි උත්තර දුන්නා.

"පොඩි කාලෙ ගියාට පස්සෙ මං ගිහින් නම් නෑ. ඒත් ඕනෙ නෑ." මං හා කියන්න බැරි කමට බොරුවක් කිව්වා. එහෙම බේබිගෙ මූණටම හා කියන්න පුළුවන්ද.

"අපි මේ වැඩේ ඉවර කරගෙන එනකොට ගිහින් එමු. ලොකු වෙලාවකට නෙවෙයි, පොඩ්ඩක් ඇවිදලා එන්න" බේබි එහෙම කියලා වාහනේ වේගෙ පොඩ්ඩක් වැඩි කලා... වික්ටෝරියා පාක් එකත් පහු කරගෙන ගියපු බේබි වාහනේ නැවැත්තුවේ ලොකු බුක් ශොප් එකක් ළඟ.

"තිසත්ම එන්න" කාර් එකෙන් බහින ගමන් බේබි කියනවත් එක්කම මාත් දඩිබිඩියේ කාර් එකෙන් බැහැලා බුක් ශොප් එක ඇතුළට ගියා.

වාහ් ලස්සන! එක එක ජාතියේ පොත් හැමතැනම. මං මෙහෙම පොත් දැකලා තිබුණෙ මහජන පුස්තකාලෙට ගියාම විතරයි. ඒවත් අලුත් පොත් නෙවේනෙ. ⁣ඒත් මේවා අලුත්ම අලුත් සුවඳ ගහන පොත්. කතන්දර පොත්, පාඩම් පොත්, ලියන පොත්, පෑන්, පැන්සල්, මකන අනම් මනම් විච්චූරණ හැම එකක්ම එක එක විදිහෙ ඒවා තියෙනවා මං බලාගෙන.

"මං එදා කියපු පොත් ටික ගෙන්නලා තියෙනවා කිව්වා. මට ඒ ටික ගන්න පුළුවන්ද?" පොඩි බේබි බුක් ශොප් එකේ කවුන්ටර් එකට ගිහින් අහද්දි මාත් ඒ පිටිපස්සෙන්ම බුක් ශොප් එක වටේට කැරකි කැරකි හැඩ බල බල ආවා.

මීදුම | Fictional BL ✔︎Where stories live. Discover now