ඇත්ත ම කියනවා කිව්වට ජුන්කුක්ට ටිකක් කේන්තිත් ගියා.
"හොදටම ඇති මේ සෙල්ලම.... තව එන්න මිනිස්සුත් ඉන්නවා. අන්තිම පාරට කියන්නෙ.... යනවා.... ගිහිල්ලා අර ඇදේ හාංසි වෙනවා......!"
"අනේ මට බෑ........"
කියලා තෙයොන් තව හයියෙන් අඩන්න ගත්තා. ඩොක්ට හැදුවත් ජුන්කුක්ව සන්සුන් කරන්න ඩොක්කටව තල්ලු කර කර ජුන්කුක් තෙයොන්ට ලං උනා.
"ඇයි තමුසෙ ඔච්චර මුරංඩු... තමුසෙ හදන්නෙ තමුසෙගෙ ලෙඩ මටත් බෝ කරන්නද.....?"
"මට ලෙඩක් නෑ....."
"නිකන් පොඩි ලමයකෙ වගේ හැසිරෙන්න එපා.... කරන්න පුලුවන් තරමක් ඔක්කොම ජරා වැඩ ටික කරලා බබෙක් වෙන්න එපා... තමුසෙ මොක්කුත් එක්ක නිදා ගන්නවද කියාලා තමුසෙවත් දන්නෙ නැතුව ඇති...."
මේ කියන එක දෙයක්වත් තෙයොන්ට නම් තේරුනේම නෑ. පස්සෙ ඉතින් කරන්නම දෙයක් නැති නිසා ජුන්කුක්ගෙ අවසරේ ඇතුව තෙයොන්ට නින්ද යන්න ඩොක්ට බෙහෙතක් විද්දා.
ඒ බෙහෙත විද ගන්නත් විංද දුක දන්නෙ ඩොක්ටයි ජුන්කුකුයි විතරයි.
ඊට පස්සෙ කරන්න තියන තරම් ඔක්කොම ටෙස් ටික තෙයොන්ට කරල බැලුවත් එකක් වත් පොසිටිව් උනේ නෑ. ඒක නිසා ජුන්කුක්ට හුස්ම ටිකක් වැටුනා. ඩොක්ට මොන ටෙස්ට් එක කරලත් ජුන්කුක් තෙයොන්ගෙ අතින් අල්ලන් එයා ගාවටම වෙලා හිටියා.
තෙයොන්ට ආයිත් ඇහැරුනෙ ජුන්කුක්ගෙ කා එකෙදි. තෙයොන් ඇහැරලා ඉන්නෙ කියලා දැකලා ජුන්කුක් තෙයොන් එක්ක කතා කලා.
"අහ් ඔයා නැගිට්ටද....?"
තෙයොන් ජුන්කුක් එක්ක කතා කලේ ම නෑ. ජුන්කුක් මොන දේ ඇහුවත් මොන දේ කිව්වත් තෙයොන් ජුන්කුක්ගෙ දිහා බැලුවේවත් නෑ.
"ඇයි දැන් කතා කරන්නෙ නැත්තෙ.....?"
ටිකක් වෙලා ඉදලා ජුන්කුක්ම ආයිත් කතාව පටන් ගත්තා.
"හරි හරි සොරි ඉතින්...... මටත් කේන්ති ගියා...."
"ඒකට කමක් නෑ......"
ඇහෙන නො ඇහෙන ගානට තෙයොන්ගෙ හඩ අවදි උනා.
"ජුන්කුක්......."
YOU ARE READING
<Who-Am-I> [BTS සිංහල - Completed]
Romance❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න... ----------------------------------------------- අවුරුදු ගානක් හිර වෙලා හැදිච්චි එයා එක පාරට කොහෙ යන්න ඇද්ද. එයාට මේ වාහන...