01 කොටස

260 11 0
                                    


හුරු නුහුරු උණුහුම
Huru_Nuhuru_Unuhuma

Hiroo Hewage

" ශාක්‍ය මාව විශ්වාස කරන්න.. මං ඇත්තටමයි කියන්නෙ. දිව්‍යා ඔයාව රවට්ටනව. අඩුම තරමෙ ඔයාට මාව විශ්වාස නැත්නම් ඔයා එයා ගැන හොයල බලන්න.. ඔහොම අන්ධයෙක් වගේ හැසිරෙන්න එපා."

" හ්.. තමුසෙගෙ ඕ කතා ගිහින් වෙන කාට හරි කියපන් ඕයී. අර කෙල්ල මට කිව්ව තමුසෙ මට ලව් කියල.. අපි දෙන්නව ඒක නිසා වෙන් කරන්න හදයි කියලත් කිව්ව. ඒත් මං කිව්ව උඹ මගේ යාළුව කවදාවත් උඹ එහෙම කරන් නෑ කියල. දැන් මොකද්ද ඕයී මේ කරන්නෙ.."

              ඔව් මං ශාක්‍යට ආදරේ කරනව.ඒත් කවදාවත් ඒක දැනෙන්න ඇරියෙ නෑ. මොකද මට ආදරේ නැති කෙනෙක්ව ජීවිතේට ලං කර ගන්න මට උවමනාවක් නැහැ. ඒත් මං ආදරෙයි හැමදාටම.. ' දිව්‍යා ' ශාක්‍යගෙ ආදරේ..

" ඔව්. මං ඔයාට ආදරෙයි තමා. ඒත් මට ඔයාගෙ කරේ එල්ලෙන්නවත් ඔයාල දෙන්නව වෙන් කරන්න වත් ඕන නෑ ශාකී. මං දන් නෑ දිව්‍යා කොහොම දැන ගෙනද කියල මං ඔයාට ආදරෙයි කියල."

" දැන් කොහොමත් මට තමුන් එක්ක ආයිත් යාළුකමක් තියා ගන්න බෑ අසේකා. මට ආදරේ කරනව කියල දැන දැන මට බෑ තමුසෙ එක්ක යාළුකං තියා ගන්න."

" ඒක ඔයාගෙ කැමැත්තක්.ඒත් මං ඔයාට බොරු කිව්වෙ නෑ. ඒ නිසා කරුණාකරල විහිං විනාස නොවී දිව්‍යා ගැන හොයල බලන්න.. ප්ලීස්.. "

 " මං හොයල බලන්නං ඒත් කවදාවත් අපි අතරේ යාළුකමක් ඇති වෙන්නෙ නෑ.මාව අමතක කරල දානව. මං යනව "

        ඔව් අදට අවුරුදු 3ක් වෙනව ඔයා මගෙන් ඈත් වෙලා.මං හිතුවෙ ඔයාට මං ආදරේ දැනෙන්න අරින්නෙත් නැති නිසා මට ඔයා ළගට වෙලා ඔයා දිහා බලං හරි ඉන්න පුළුවන් වෙයි කියල. ඒත් කොහෙන් හරි ලීක් වෙලා මාව ඔයාට අහු වුනා.ඔයා මගෙන් ඈතට ගියා.

         මං එක්ක තරහ වෙලා සතියක් යද්දි ඔයා දිව්‍යා ගෙන් අයින් උනා කියල ආරංචි උනා.. ඒත් ඔයා කිව්වා වගේම මගේ යාළුවෙක් වෙන්නවත් ආයෙ අවේ නෑ..

 හිරූ හේවගේ

කම්මුල දිගේ කදුළු බේරෙද්දි කා එක වැව අයිනෙ නැවැත්තුවෙ තව දුරටත් මේ මතක එක්ක ඩ්‍රයිව් කරන්න බෑ කියල දැනෙද්දියි. ඇඩුනා ඉකි ගගහ ඇඩුනා.. නවත්තගන්න බෑ මට මේ කදුළු අද ඩිනර් එකට ගිය වෙලාවෙ මගේ හොදම යාළුව මගෙ ජීවිතෙ හැම අංශුවක්ම දන්න දිමා කිව්ව වචන මගෙ මනස පුරා තාමත් දෝංකාර දෙනව.

"හ්.. ශාකී ඔයාගෙ මැරේජ් එක තව මාස දෙකකින් ගන්න කන්ෆර්ම් උනාලු.. "

        "  ලැබෙන්නෑ කියල දැන දැනමයි ආදරේ කරේ ඒත් ඔයා මැරි කරනව කිව්වම මට දරා ගන්න බෑ මහත්තයෝ.. මට මහන්සියි මේ තනිකම එක්ක ඉදල මට අමාරුයි මේව දරා ගන්න.. එක වතාවකට හරි ඔය පපුවට තුරුල් වෙන්න මට ඕන මගෙ රත්තරං. "

        "ඒත්. ඒත්.. දැන් මට ඔයාව කොහොමත්ම අයිති නෑනෙ රත්තරං. "

                  අතීත මතක වල අතරමං වෙලා හිටපු මං වර්තමානෙට අවෙ අම්මගෙන් අපු කෝල් එකට.

 " දෝණි කොහෙද දරුවො ඉන්නෙ. රෑ වෙලා තව රෑ වෙනකන් ඉන්නෙ නැතුව ඉක්මන්ට ගෙදර එන්න. "

" හරි අම්මා.. මං මේ එන ගමං ඔන්ලි ටෙන් මිනිට්ස්.. "

" මොකද උනේ දරුවෝ. ඔයා අඩල නේද.කටහඩත් හොදටම බර වෙලා.මුකුත් ප්‍රශ්නක් ද ආහ්. "

" නෑ අම්ම මං හොදින්. මං එන්නං ඔහොම ඉන්නකො. "

"එන්නං එන්නං තමයි මට දැනෙනව දරුවො ඔයා සන්තෝසෙන් නෙවෙයි ඉන්නෙ කියල මට හේතුවක් කියන්න .ප්‍රශ්නයක් නං අපිට පුලුවන් විසද ගන්න.. ඔයා අවුරුදු ගානක් තිස්සෙ අඩ අඩ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ ගානව.. ඒත් මට දැනෙනව ඔයාව. "

" ප්ලීස් අම්මා දැන් ඇති.මං තියනව. "

          ගලා ගෙනගිය කදුළු වැල් පිහදාල කා එක ස්ටාට් කරේ ගෙදර යන්න..

 
මතු සබැඳියි..

✍️හිරූ හේවගේ

හුරු නුහුරු උණුහුමWhere stories live. Discover now