03 කොටස [ Final Epi ]

186 10 0
                                    

හුරු නුහුරු උණුහුම
Huru Nuhuru Unuhuma

Hiroo Hewage

03 කොටස [අවසානය]



" ආන්ටි අපි ටිකක් එළියට ගිහිං ලන්ච් එකත් අර ගෙනම එන්නං. කමක් නෑ නේද. "

" යන්න දරුවො.පරිස්සමට ගිහින් එන්න දෙන්නම.දැන් මෙයා ඔයාගෙ තමයි.. "

           තාමත් මට වචනයක් කතා කර ගන්න බෑ. මුකුත් හිතා ගන්න බෑ. මාව තේරුම් අර ගෙන වගේ එයා මාව ෂීට් එකේ වාඩි කරවල ෂීට් බෙල්ට් එකත් දාල පහත් වෙලා තදින් නළල සිප ගත්තා..
           දෙයියනේ මේ දේවල් හීනයක් වගේ දිවා රෑ ආස කරපු ඒ උණුහුම එයා කැමැත්තෙන්ම මට දෙනව..

  " ලන්ච් ගන්න තව වෙලා තියෙනවනෙ.එතකල් බීච් එකට යමු.  ම්.."

"හ්ම්."

           දෙන්නම නිශ්ශබ්දයි. කතා කරන්න වචන එන්නෙ නෑ. මං එයා දිහාමයි බලන් ඉන්නෙ.එක තප්පරේකට ඇස් අහකට ගන්න බැරි උනා මට. එයත් විටෙන් විට මං දිහා බල බල හිනා වෙනවා..

හිරූ හේවගේ ෆේස් බුක් පේජ්

" එන්න. බහිමු. "

            බීච් එකට ඇවිත් හෙවණ තැනක් බලල බිම ඉද ගත්තා.. කවුරුත් නෑ. ඈතින් පේනව පොඩීවට.. පුංචි පවුලක් රැල්ල පාගන ගමන් සෙල්ලම් කරනව.
       
           මං ඒ දසුනෙන් මිදුනෙ එයා මාව පපුවට තදින් තුරුල් කරන් හිස සිපගද්දියි..

            මං ඇස් පියා ගෙනම ඒ උණුහුම විද ගත්තා.සුවද විද ගත්ත..හුරු නුහුරු උණුහුම දැන් මගේ.....    

             ඔව් මගේමයී....

            ඒ හැගීමෙන්ම ඒ පපුව පුරාම සිප ගත්තෙ නොඉවසිල්ලෙන් .. නැවතීමක් නැතුවම...

" මැණික.. මං ආදරෙයි..  ඔයාගෙ තමයි මේ හැමදේම ..  ඉක්මනටම මං ඔයාව මගෙ ලගට ගන්නවා.. මේ පපුව සතුටෙන් පුරවනවා.. සමාවෙන්න ඔයාව,ඔයාගෙ ආදරේ තේරුම් නොගත්තට. ඔයාට ආදරේ කරන්න..මට කාලයක් ගියා මැණික. "
"සමාව ඉල්ලන්න ඔයා වැරැද්දක් කරේ නෑ මහත්තයෝ ..මාව තේරුම් අරන් ආදරෙන් මං ගාවට ආපු එකම මට ඇති. "

" මැයි 25 වෙඩින් එක දා ගත්ත මැණික. වෙඩින් එක වෙන්න ඕන විදිය මට කියන්න.මං හැම දෙයක්ම රෙඩි කරන්නම්. ඔයාගෙන් අහන්නෙ නැතුව මැරේජ් එකට ඩේට් ෆික්ස් කරාට තරහ නෑ නේද..ම්.."

හුරු නුහුරු උණුහුමWhere stories live. Discover now