ගොළු හදවත 03

69 9 6
                                    

***
"අපේ අප්පොච්චේ!,මේ මොන වින්නැහියක් වෙන්ට යනවාදැයි දන්නේ නැහැ.."සීවලී මැණිකා පිල්කඩ උඩින් නැගිට ගත්තේ,රං මැණිකා පොළට ගව් ගනන් දුර ඇවිද විකිණූ වී අහුරෙන් ගත්
පරණ වූ තල් හකුරු කැබැල්ලද කටට දමාගෙනමය..
දෑතම ⁣කළු පැහැ පුල්ලි ඇති වී තිබුණු මල් චීත්තෙන් පිසදාගත් සීවලී මැණිකා සුදු මාත්තුරු කීප දෙනෙකුගේ සේයා මානයක් දෑසට අසුවද්දිම,රං මැණිකාට කෑ මොර දුන්නාය...
"අපේ අම්මේ!,මේන් අර සුදු මාත්තුරු වගයක් ගෙට ගාටනෝ!"සීවලී මැණිකා පැල් කොටයට ගෑටුවේ,රං මැණිකා සොයාගෙනය..

"මොකෑද බොලන්!කෑ මොර දෙන්නේ"රං මැණිකා සීවලී මැණිකාලේ මොරයට පැල් කොටයට දිව ගියේ අහුලාගත් ගොරකා හතර පහද බිමට වට්ටාගෙනමය..
"ආන් බොල,උබ බලන්ටද කොයිද සුදු මාත්තුරු දෙතුන් දෙනෙකුයි උප්පුවා වංගියක් ඇවිදින්..බලාපන් උබ මූලිච්චි වෙන්ට වෙන්න ඇති මයේ හිතේ!"සීවලී මැණිකා නෝක්කාඩුවට තම මවට ඇනුම් පද කියන්නට විය..නමුදු වචනයක්වත් නොදෙඩූ රං මැණිකා පැල් කොටයට තකහනියක්ම රිංගන්නට විය..

"අනේ මාත්තුරුනේ!,උබලට වැදලායි මේ කියන්ටේ,..දෙයි හාන්දුරු⁣වනේ උබලා ආපහු මේ පැල් කොටේට ගාටන්ට එන්ට එපා මාත්තුරුනේ,..මට මොන වග වුනත් වගක් නෑ මාත්තුරුනේ,..මගේ පණ කෙන්ද ගියත් මට වගක් නෑ,..ඒත් අනේ මගේ සා පැටියෙක්ටවත් අහිතක් කරන්ට තුන් හිතකවත් නැති කෙල්ලව මේ හතර මායිමේ ගාගන්න උබලා හිතන්ට එපා මාත්තුරුනේ!.."රං මැණිකා දෙහොත් මුදුන් දී වැඳගෙන කඳුළු පිරි දෙනෙතින් හඬා වැටෙන්නට විය..

"රං මැණිකේ අම්මේ!,කලබල වෙන්ට කාරි නෑ බොලන්!,මේ මහ ගොයියෝ ඇවිදින් ඉන්නේ වෙනත් කාරණේකට බොලන්!"උප්පුවා හිඳගෙනම සිනාසෙන ගමන පවසන්නට විය...
"උඋ.බ.ද රං.මැණි.ක්කා. කි.යන්.නේ!"සුදු මහතෙක් සිංහල වචන උච්චාරණය අපහසුවෙන් සිදු කරේ රං මැණිකා ඔහුගේ කට සෙලවෙන සැටි බලා සිටිද්දිමය..

"උබද රං මැණිකා කියන්නේ කියලයි බොලන් අහන්ටේ!"උප්පුවා එය තනි සිංහලට හරවා රං මැණිකාට පවසන්නට විය..
"අනේ,ඔව් හාන්දුරු⁣වනේ!,මේ වැහැරිච්චි ඇදිලා ගිය ගෑනි තමයි රං මැණිකා!"
සුදු මහත්තයා උප්පුවාගේ කනට කර යමක් පවසන සැටිත් උප්පුවා එයට ප්‍රතිචාර ලෙස හිස සොලවන සැටිත් පමණක් රං මැණිකාට වැටහෙන්නට විය..

THE DUMB HEARTWhere stories live. Discover now