EPISODE 3_❤

75 7 3
                                    

^Your tears made my heart bleed..and then you smiled; it cured right away^

"ඈ දිවයමින් උන්නේ ඝන වනාන්තරයක් මැදිනි. ඈ හැඳ සිටි සුදු පැහැති ඉරීගිය ගවුමේ තැනින් තැන ලේ පැල්ලම් විසිර තිබුණි.වේගයෙන් දිව ගිය ඇයගේ දෙපා එක්වරම නැවතිණි.ඒ භයානක ගෙරවුම් හඬකිනි.ඇය ඉදිරියේ උන්නේ වියරු පෙනුමැති විශාල වෘකයෙකි.ඇය විසල් දෑසින් යුක්තව පියවරෙන් පියවර පිටුපසට ගමන් කලාය. උස ගසක කඳකට පිටදී සිටගත් ඇය ලේ පිපාසිත මෘගයා කෙමෙන් ඉදිරියට ඇදෙනු බලා සිටියාය. එක්වරම ඌ ඇඟ හකුලුවාගෙන ඈ දෙසට පැන්නේ හිතාගන්නවත් නොහැකි තරම් වේගයකිනි."

"අනේ එපා...!"

සාරා දෑස් හැරියේ මුවින් පිටවූ භයානක කෑගැසීමක්ද සමඟිනි. ඇගේ සියොළඟම දාබිඳු වැගිරිණි.තමා දුටු සිහිනය පිළිබඳ සිහිකිරීමට ඈ මොහොතක් වැය කලාය.සිහිනයෙන් වෘකයන් දැකීම සුභ ලකුණක්ද අසුභ ලකුණක් ද? නළල දෙපස වමතින් පොඩිකළ ඇය වටපිට බලන්නට විය. ඈ සිටියේ පිරිසිදුවට පිළිවෙලට සැකසූ හුරුබුහුටි කාමරයකය.ඈ වැතිර උන්නේ මෘදු මෙට්ටයකට සහ ඇතිරිල්ලකට මැදිවයි.වහා ඇඳ ඇතිරිල්ල ඇඟෙන් ඉවත්කර දෙපා බිම තැබීමට සූදානම් වූවා පමණි. කාමරයේ දොර 'ක්ලික්' හඬින් විවෘත විණි. ඇගේ සියොළඟම නැවතත් භීතියෙන් ඇළලී ගියේය. වචනයෙන් විස්තර කල නොහැකි සිතුවිලි සමුදායකින් ඈ මනස පිරුණි.'විරූපි බීමත් මිනිසා' ඇගේ මතකයට ඇඳී මැකී ගියේ විදුලි වේගයෙනි. වහා තම දෙපා හකුලුවාගෙන ඇඳ වියලට පිටදී හිස දෙපා අතර සගවාගත්තාය.

"අනේ මට කරදර කරන්න එපා..එපා..."

ළංවෙන පාවහන් අඩි ශබ්දය හමුවේ ඇය අසරණව කෑගැසුවාය.ඒ පිරිමි රුව ඈ උන් ඇඳ අසලම නැවතිණි. ඔහුගේ සෙවනැල්ලෙන්  ඇගේ කුඩා ශරීරයම වැසුණි.ඈ තවමත් හඬයි.එක් මොහොතකටවත් හිස ඔසවා ආගන්තුකයාගේ මුහුණ බැලීමට ඇයට සිතක් නැත. තම ආත්මය ගැනම වූ ඒ මහා භීතිය හමුවේ ඇය නිහඬවම ඉකිබින්දාය.මෘදු මෙට්ටයේ සියුම් බැස්මක් ඇයට දැණිනි.අමුත්තා කවරෙකු වුවත් ඔහු ඇඳේ වාඩිගෙන සිටී.සාරා තව තවත් ඇඳ වියලට ගුළිවුණාය.තම දෑත්වලටම සිරවී මියෙනු ඇතැයි ඇයට සිතුණි.

සාරා..🥀 JJKWhere stories live. Discover now