/When the stars are aligned it's YOU
and ME../හිරු බැස ගොස් අදුර වැටෙන්නට ඉතාම ලංව තිබුණි. සෙවනැලි මැකීයන ඒ යාමයේ ටර්පන්ටයින් ගස් පිරුණු වනාන්තරය මැදින් මතුවුණේ කාන්තා රුවකි. ඈ දිවයමින් උන්නාය. තම පාද යැවෙනා දිහාවට දුවමින් උන්නාය. ඇගේ දුඹුරු දිගු දෙනෙතින් ගලා ආ කදුළු රැලි, හඬාවැටීමෙන්ම රතු වුණු ඇගේ කම්මුල් වලට කඩාවැටෙමින් පැවතිණි. ඈ හැඳ වුන් පොළව තෙක් දිග සායේ සමහර තැනක් ඉරී ගොස් පැවතුණු අතර සමහර තැන්වල කටු වැල් එල්ලී තිබිණි. ඉදින් ඇය මේ දුවන්නේ මේ මහ වනයේ වෘකයන්ගෙන් බේරෙන්නද? නැත. ඈ මේ දුවන්නේ ඊටත් වඩා දරුණු මනුසතුන්ගෙන් බේරීම සඳහා ය. නන්නාඳුනන දේශයක පය තැබූ වෙලේ සිට පැය විසි හතරක් ඇතුළත ඇයට මුහුණ පෑමට සිදුවූයේ කෙල්ලෙක්ට දරාගත හැකි සීමාවෙන් බොහෝ දුර තිබූ සිදුවීම් මාලාවකටය.
සාරා ඉඳුනිල්...ඇය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ ගම්මානයක උපන් අහිංසක යුවතියක් වූවාය. යන්තම් වයස විසි දෙකක් වූ ඇය කවදත් තම සිහින දේශය වූ දකුණු කොරියාව බලා පියඹන්නේ තම මිතුරියක වූ ඊෂාද සමඟිනි. ඒ ඔවුන්ට රැකියා ඒජන්සියකින් ලැබුණු ශිෂ්‍යත්වයකිනි. ඊෂා ඇයට වඩා වසර තුනකින් වැඩිමල් වූවාය. අම්මා තාත්ත නොමැතිව ඉපිද තම ලොකු අම්මාගේ කෙනෙහිලිකම්, අඩම්තේට්ටම් වලින් පුරා වසර විසි දෙකක් හෙම්බත්ව සිටි ඇයට මේ ලැබුණු අවස්ථාව මහ මෙරක් තරම් විණි. කුඩා කල පටන් තමන් උනන්දු වූ කොරියානු භාෂා දැනුම තවත් හොඳින් දියුණු කරගත් සාරා සිය මිතුරියත් සමඟ එක් ලස්සන දවසක සෝල් නුවර වෙත පියෑඹුවේ දහසක් බලාපොරොත්තු පොදිබැදගෙනය.
තම සිහින දේශයට පා තැබූ ඒ තනි මොහොතේ ඇයට හැඟුණේ තමන් ලෝකයක් දිනුවාක් මෙන්ය.ඒ සුවඳ රැඳී පාවී ආ සුළග පවා ඇයට මුමුණා කීවේ තමාගේ ඉරණම වෙනස් වන්නට යන බව නොවේද! ඒත් ඒ මේ අයුරින් ද?
එදින සංක්‍රමණික සේවකයන්ගේ නවාතැන්පළක රාත්‍රිය ගතකළ සාරාත් ඊෂාත් පසුවදා උදයේම රැකියා ඒජන්සිය ලබාදුන් ලිපිනයේ සඳහන් කාර්යාලය බලා පිටත් වූහ. ඒ සුන්දර සෝල් නුවර දසුන් ඇසින් දැක සිතින් විඳින අතරතුරය.
YOU ARE READING
සාරා..🥀 JJK
Fiksi Penggemarකොහේදෝ ඉදන් පියඹන් ආව කදුළු කිරිල්ලියක් ඔහුගේ හදවතේ හැම අහුමුල්ලක්ම ඒ කදුළු පහසින් තෙමාලීය! ❤