දහනමවෙනි කොටස

490 74 20
                                    

අම්බලම

" අනේ ...........මගේ මගේ සුදු අයියා...."


පිම්මේ දුවලා ගිහින් පවන් දොර ලඟ හිටගෙන ඉන්න නවීන්ගේ බෙල්ලේ එල්ලෙද්දී නවීනුත් දෝතම පාලා පවන්ව උඩට උස්ස ගත්තා...
සේරම වෙන්න නිමේෂයක් ඇතී...

ඒත් එක්කම දිහාර ආසාවෙන් බලාගත්ත ග්‍රීන් හවුස් එකට අලුත්ම අයිතිකාරයො අඩිය තියද්දී දිහාර ඒ දිහා බලාගෙන හිටියේ කවදාවත් ඒ මූනේ මීට කලින් ඇදිලා නැති වේදනාබර බැල්මකින්.....
ඒත් එක්කම මහා හයියෙන් වැස්සක් වහින්න ගත්තේ ගස්වල කොළවලටත් දිහාරගේ හිතට වගේ මහ වේදනා බර වැස්සක් ඇද හැලෙමින්...
ඒ වැහි බිංදු කොළ නැමිලා ගැලවිලා යන තරම් ප්‍රබල වෙද්දී හුළඟකුත් ඒත් එක්කම හමාගෙන ඇවිත් දොරෙන් ඇතුල හිටපු හැමෝගෙම ඇගේ වැදුනා...

මීට කලින් අහිමි වීම කියන දේ දිහාර එයාගේ මා, වගේම ඩැඩීගෙන් එයා ඉගෙන ගෙන තිබුණත් ඒ ඒතරම් නොතේරෙන කාලේ වෙද්දි මේ වෙනස්ම අහිමි වීම ගැන දිහාරට දැනුනේ පපුව හිරවෙන බරවෙන හැඟීමක්...
ඒ පපුව හිර වෙන හැඟීම දන්නේ ඒක විඳපු කෙනෙක් විතරක්ම වෙද්දී දිහාර හැමෝටම රහසේ එයාගෙ බැල්ම පවන් දිහාවටයි ග්‍රීන් හවුස් එක පුරාවටයි යැව්වා..

තාමත් තුරුලු වෙලා නවීන්ගේ ආගමනය විඳින එයාලා දිහා බලාගෙන එක හිතක් වේදනාවෙන් පෑරෙද්දී තව හිතක් වෛරයෙන් ගිනිගන්න පටන් ගත්තා...
ලාරගේ ඇස් තිබ්බේ කේන්තියෙන් පුපුරු ගහනගමන් වෙද්දී ,


" අයි මිස් යූ සෝ මච් සුදු අයියා..!"


ඒත් එක්කම සාලේ මැද දිහාර ආසාවෙන් පරිස්සම් කරපු ස්ටැචූ එකක් ලාරා කේන්තියටම පොලේ ගහලා කෑගහද්දී,
තවත් එතන රැදෙන්නේ නැතුවම දිහාර පීටර්ට ඉඟි කරලා ඇතුලට යන්න ගියා..




" සර්..."?!

පීටර්ගේ වේදනාව පිරුණු ඇස් දිහාර දිහාවට යොමු උනත් පීටර් ආපහු බැලුවේ බිඳුණු සද්දේ නිසා...




" දෙයියනේ මිස්.. ඕක සර් ආසම එකක් දෙයියනේ අපරාදෙ .... !!!!"

.

.

"උ...උ ඹ කොහොමද මට කෑගහන්නේ.. හිටපං මං..........!!!!!"

🔞 අම්බලම(NoN.FF-Ongoing)Where stories live. Discover now