මඟ බලමින් 👀
විසි නමවන දිගහැරුම
දැනුනා ඇයට හොඳින්ම ඒ හදෙහි ඇති රිදුම...වේදනාව...නමුත් ඇගේ සිතට එක්වර දැනෙන මේ විශ්මය දරා ගත නොහැකි වුනා.. වසර විස්සක් පුරාවටම ඇය විදි , ඇය සෙවූ ඒ ස්පර්ශයන් ඒ සුවඳ ඔහුගේම බව කෙසේ නම් අදහන්නද???මුරණ්ඩු ලද බොළඳ වූ ඇය නොදැනුවත්වම කුඩා කාලයේ කල හිතුවක්කාරකමක් නිසා ඔහුගේ දිවියම ඈ වෙනුවෙන්ම පේ වූ බව කෙසේ නම් දරාගන්නද????
දරන්නට අපහසුයි ඇගේ පපුවට එක්වරම මේ දෙනෙන සතුට..මොලෙව සිටිනා වාසනාවන්තම තරුණිය ඈ බව දැනුනා ආහේලිට සධිල්ගේ ආදරය ඉදිරියේ….ඒ සෙනෙහසේ පර තෙරක් ඇයට නොතේරුනත් ඇය එය තේරුම් ගැනීමට උත්සාහයක්වත් දරන්න සිතුවේ නැත...ඇය බිය වුනා ඒ ආලය ගැන සිතන්න ගොස් ඇය දිනක උමතු වේ යැයි කියා...ඉඳින් ඇය සිත හදාගත්තා ඒ ආදරය ගැන නොසිතා මියෙන තුරම ඒ ආදරය විදින්නට ඒ උණුසුමේම ගුලිව ඔහුගේම පැටික්කී ලෙස….
ඇය ඔහුගේ දෙපා මුල වැද වැටුනේ දෑස් වලින් වෑස්සෙනා කඳුළු වලින්ම ඒ දෙපා දෝවන්නට මෙන්...
" අප්පත්තී තරහින්නේ ඉන්නේ නේද????දැනුත් මාව සෞරට හරි දේව් අයියට හරි දීලා යයි…බැන්නට ගැහුවට කමක් නෑ අප්පත්තී අඬ අඬ හරි ඉන්නම්….ඒත් ඔය හුස්ම වැටෙන තැනක මට ඉන්න දෙන්න..ඈත් කරන්න එපා අප්පත්තීහ්….."
ඇය ඔහුගේ උකුලේ හිස හොවා ගෙන ඉකි ගසමින් හඬන්න ගත්තේ ඔහුගේ කේන්තියේ තරම ඇය හොඳින්ම දන්නා නිසයි...ඔහු නැති දිවියක් ගැන ඇයට සිතන්නට වත් නොහැකි වෙද්දී ඇය සිතේ තෙරපෙනා වේදනාව නැති වන තුරුම හැඬුවා...නමුත් ඔහුගේ මුවින් ඇගේ සිත හදන්නට එකඳු සැනසිලිදායක වදනක් පිට වුනේ නැත...ඔහු ඇය දෙස බලා සිටියේ හිස් බැල්මකින් හැඟීම් දැනීම් නැති පුද්ගලයෙකු ලෙස…
ඒ ආදරය, ඒ සෙනෙහස අහිමි කර ගන්න ඇය බොහෝ සෙයින් බිය වුනා..සිත ශක්තිමත් කර ගත් ඇය දෑසේ රැදි කඳුළු පිටි අත්ලෙන් පිසදාගෙන ඔහු දෙසම බලා සිටියේ ඇගේ හැඬුම මදක් පාලනය වන තුරු….
" දන්නවද එදා මුලින්ම නලලට කිස් එක දීපු දවසේ හිතුනා මේ නම් මගේ සැන්ටා තමයි කියලා...ඒ ෂොක් එකට එදා ෆේන්ට් වුනාට මට හුරු පර්ෆියුම් ස්මෙල් එක නැති හින්දා එයා නෙමෙයි වෙන්න ඇති කියලා හිත හදා ගත්තා...මට පි ස්සු කියලා ඔයත් හිතයි කියලයි මන් සද්ද නැතුව හිටියේ අප්පත්තීහ්…එදා හොස්පිට්ල් එකේ ඉද්දී සෞරත් මට විහිළු කලා මොන සැන්ටෙක්ද පි ස්සුද කියලා…..
YOU ARE READING
මඟ බලමින් 👀
Romance" ඇයි එයාහ් මට මෙහෙම කලේහ්.........." ඇයට සිතන්න වත් වෙලාවක් නොතියා මහ හඬින් තිරිංග තද කල වාහන කිහිපයක් දුහුවිලි වලාවකින් වැසී යන සේ මුද්‍රණාලය ඉදිරියේ නතර කරද්දී ආහේලිත් මුද්‍රණාලයේ අයිතිකරුත් ප්‍රධාන පිවිසුම දෙස දෑස් දල්වාගෙන බලා සිටියේ ඒ දුහුවිලි...