12 🤍

583 74 11
                                    

🐯 නැගිටින්න ඔයා ඇහැරිලා ඉන්නේ කියලා මන් දන්නවා !

ටේහ්‍යුන් ජන්කුක්ගෙ නලලට වැටිලා තියෙන කොන්ඩෙ හදන ගමන් කිව්වහම ජන්කුක් හිමීට ඇස් දෙක ඇරලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා.. ඒ ඇස් දෙකේ ලියවිලා තියෙන්නෙ තනිකර ලොකු දුකක් කියලා ටේහ්‍යුන්ට කියව ගන්න අපහසු උනේ නැ. ටේහ්‍යුන් ලොකු හුස්මක් අරන් ජන්කුක්ගේ කම්මුල ඇල්ලුවේ ජන්කුක් හැගීම් විරහිතව බලන් ඉද්දී...

🐯 වෙන්න තියෙන දෙවල් උනා... අතීතෙ ගැන හිත හිත ඉදලා වර්තමානෙ නැති කරගන්න එපා..  ඔයත් එක්ක ඔයාගෙ යාලුවෝ වගේම මගේ යාලුවොත් දැන් ඉන්නවා...wash එකක් දාන් පල්ලෙහාට එන්න.

ටේහ්‍යුන් ජන්කුක්ගේ කම්මුලින් අත අරගෙන නැගිටලා යන්න හැදුවත් ඉස්සරහට තියපු අඩිය එහෙම්ම ම නැවතුනේ ජන්කුක් ටේහ්‍යුන්ගේ අතින් අල්ල ගත්ත හින්දා. ටේහ්‍යුන් පිටිපස්ස හැරිලා බැලුවහම ජන්කුක් එයාගේ බෝල ඇස් දෙකෙන් බලන් හිටියා..

🐰 යා..යාලුවො විතරද?

🐯 අහ්?

🐰 යාලුවො විතරද ? ඔයා නැද්ද...

ජන්කුක් තොල් දෙකත් නොපිටට පෙරලගෙන ඔලුවත් පහත් කරන් ඇහුවහම ටේහ්‍යුන්ගේ මුවේ හීනියට හිනාවක් ඇදුනේ ජන්කුක්ගෙන් හුරතල් පෙනුමක් දැක්ක හින්දා... ටේහ්‍යුන් එහෙම්මම ලගට ඇවිල්ලා ජන්කුක් බිමට හරවන් ඉන්න ඔලුව හිමීට උඩට උස්සලා ජන්කුක්ගෙ ඇස් දෙකට එබුනේ ජන්කුගේ බෝල ඇස් දෙක තවත් ලොකු වෙද්දී...

🐯 මන් නැතුව වෙන කවුරු ඉන්නද ම්ම්ම්...

ටේහ්‍යුන් ජන්කුක්ගෙ නහයට පිබලා එහෙම්මම room එකෙන් එලියට ආවෙ ජන්කුක් තාමත් ගල ගැහිලා බලන් ඉද්දී...
ටේහ්‍යුන් පල්ලෙහාට ගියහම ජන්කුක් එහෙම්ම bathroom එකට ගියේ wash එකක් දාගන්න.

_______________________________________

🦄 අහ් ටේහ්‍යුන් කෝ කුක්කා?

🐯එයා wash දාන් එයි.

ටේහ්‍යුන් එහෙම්ම ම couch එකෙන් වාඩි වෙලා phone එක අතට අරගෙන බැලුවේ දවසෙම phone එක බලන්න හම්බුනෙ නැති හින්දා...

🐹 එන්න කට්ටියම කෑම ලෑස්ති.

ජින් කෑම ගන්න කතා කරපු ගමන් ටේහ්‍යුන් ජැකී වගේම ජිමින් පටස් ගාලා ගිහින් dining tabel එකෙන් වාඩි උනේ පස්සට පසු තැවෙන්න ඔනෙ නැති හින්දා... සුගාත් නිදි මතේ වැනි වැනි ඇවිල්ලා ඉදගත්තේ ඉක්මනට කාලා නිදාගන්න ඔනෙ හින්දා... එත් නැම්ජූන් තාම ලැප් එකක් බදාගෙන මොනවද මන්ද කරනවා...

𝙼𝚁.𝙽𝚊𝚞𝚐𝚑𝚝𝚢 🐯🐰Where stories live. Discover now