පළමු කොටස

181 13 10
                                    

ආශිනී මේ ෆයිල් එක හරි ද...

   ම්ම්ම්... ඔ... ඕ.. මං ඕක ඊයෙ හැදුවා... ආශිනී කම්පියුටර් එක දිහා බලාගෙන ම කිව්වේ අතේ තිබුණ බනිස් කෑල්ල කටට දාගන්න ගමන්...

   මොකද්ද ඔය බලන්නේ...

  අලුත් ෆිල්ම් එක අනේ විජේ ගේ.. ඔයාලා බැලුව ද..

  ඔයා ෆිල්ම් බලනව ද...

  ඔව් අනේ නැතුව වෙන මොනා කරන්න ද..  මට වෙන වැඩක් නෑනේ මෙතන.. ආශිනී ආයෙ ම ෆිල්ම් එක දිහා බලන ගමන් කියද්දි වැඩ කරන කට්ටිය හිනා වෙලා අහක බලා ගනිද්දි එතනට ආව නිශූ..

  නිමංසලා අක්කි නිවාඩු යනවලු නේද...

  හ්ම්.. ඒක තමා එයාට බබා හම්බෙන්න ළගයි නේ... විහගි කිව්වා..

   අලුතෙන් සෙකට්‍රි කෙනෙක් ගනී නෙහ්.. නිශු කියද්දි විහගි..

  කොල්ලෙක් වුණොත් හොදයි නෙහ්..

  ඒ මොකො... විහගි ඇහුවා..

  වෙන මොකට ද.. මට යාලු වෙන්න.. තිහක් වෙන්නත් ළගයි තාමත් කොල්ලෙක් නැත්තෙ මට විතරයි..

  ඒත් ඉතිං ඒ ඔයාට කැමති වුනොත් නේ... සෙනුර හිනා වෙවි කියද්දි නිශූ..

  කොහෙද ඉතිං කොල්ලෙක් ඇවිල්ලා මට සෙට් වෙන්නත් කලින් ඇස් වහ කටවහ වැදිලා ඉවර නේ ශැක්... මෙහෙම අය එක්ක නේ මං වැඩ කරන්නෙත්..

  ඉතිං ආශි.. ආසාවක් නැද්ද සෙකට්‍රි කෙනෙක් වෙන්න... සෙනුර අහද්දි ආශිනී හිනාවක් දාලා සෙනුර දිහා බලන ගමන්..

  අපෝ නෑ...

   ඇයි... විහගි අහද්දි ආශිනී ආයෙ ම කම්පියුටර් එක පැත්තට හැරෙන ගමන්...

  අපෙ අම්මා මාව හැදුවේ ඔය එක එකාගෙ සෙකට්‍රි වෙන්න නෙවෙයි නේ... හිනා වෙවි කියද්දි සෙනුර...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආඩම්බර ආදරේWhere stories live. Discover now