🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮..........
.
.
.පසු දිනයටත් හිරු උදා විය.. දැන් ඉතින් හෙට විවාහ මංගල්‍ය උත්සවයයි.... ෂ්‍යූ රාජධානියට මෙන්ම වස්සාන අසපුව ටත් අද කලබලකාරී දිනයකි.... කාරණාව කෙසේ වුනත් පෙර දින මධ්‍යම රාත්‍රිය වන තුරු අවදියෙන් සිටී සියැන් තවමත් සුව නින්දේය .... ඉතින් කුමරුන් අවදිවී යහනෙන් බසින්නට පෙර සියැන් හට හදවතින් මිමිණුවත් ප්‍රතිචාරයක් නැත.... කුමරුන් ගේ හදවතට අනෙක් පසින් හැඟීමක් දැනෙන්නේ නැත....
" අලස වස්තුව මගේ......හිරු උදාවී හෝරාවක් ගත වී ගොසිනුත් ඔහු සුව නින්දේ හැඩයි......"
ඉතින් ඔහු පිළිබඳව සිහි කරද්දී කුමරුන් ගේ මුහුණට නැඟෙන්නේ ආදරණීය සිනහවකි... එදා ඔහු පපුවට තුරුලු වී නිදාගෙන සිටි අයුරුත් යුයෙන් හට සිහිවුනේය .... හෙටින් පසු ඉතින් හැමදාමත් ඔහුව ඒ ලෙසින් දැක ගන්නට පුළුවන් බව සිහි වෙද්දි කුමරුන් සැනසුම් සුසුමක් හෙලුවේය ...
කුමරුන් හට අද දින කරන්නට රාජකාරිය රාශියක්ද ඇත...ඉතින් හෙට සන්ධ්‍යාවේ පටන් පෙම් බස් දොඩන්නට ඔහු තමන් අසලම සිටින බව සිහි කරගෙන ඒ ආදරණීය හැඟීමත් සමගින්ම ඉක්මනින් සූදානම්වූ කුමරුන් කුටියෙන් පිටතට පැමිණියේය....
" යුයෙන්.........."
උද්‍යානය දෙස සිට ප්‍රධාන දොරටුවෙන් රජවාසලට ඇතුළු වූ වෙන්ෂූ තරමක් කලබලයෙන් මෙන් කුමරුන් අසලට දුවගෙන ආවේය...
" අපේ ඔත්තු සේවකයෙක් පැමිණිලා...... යින්යෝ රාජධානි දේශසීමාව ආසන්නයේ ගම්මානයක කුමරුන්ට විරුද්ධව කැරැල්ලක් දියත්කරන්නට රහසිගත සාකච්ඡාවක් සිදු වෙනවලු...... කුමරුන් පිරිමියෙක් විවාහ කර ගැනීමට විරුද්ධව.........හිරු බසින්නට හෝරා දෙකකට පෙර කැරැල්ල ආරම්භ කිරීමයි ඔවුන්ගේ අරමුණ......"
ඉතින් මෙවන් ප්‍රහාර ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි නිසා යුයෙන් කුමරුන් දැඩි ලෙස කලබල වන්නට ගියේ නැත....
" සෙබළුන් ඉදිරියට දමා මේවා මර්දනය කිරීම සුදුසු නොවේ...... මා වස්සාන අසපුවට පණිවිඩයක් යවන්නම්......... වැසියන් ගේ මනස වෙනස් කිරීමට ඔවුන් සතුව හරි අපූරු ගුචින් නාදයන් තිබෙනවා....."
ВЫ ЧИТАЕТЕ
🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔
Исторические романыලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනාවක්........ හදිසියේ උදාවූ දුර්භීක්ෂයක්.............. වෙදැදුරන්ගේ දඟකාර පුතුන්ට හැකිවේවිද දිනන්නට ලෝ...