08.. පළඳනාවෙන් බැදීම ..✨️

1.4K 314 183
                                    

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮............

🔮🔮 𝔗𝔥𝔢 𝔖𝔢𝔠𝔯𝔢𝔱 𝔒𝔣 𝔜𝔞𝔫𝔤𝔷𝔥𝔞𝔦 🔮🔮

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

.
.
.

කලින් සියන් සමගින් දොඩමළු වූ දාසින්  නැමැති දරුවා කුමරුන් අසලට ගොස් ඇසුවේය ...කියන්නේ මොනවාදැයි හිතාගන්නට නොහැකි ව කුමරුන් සියැන් දෙස බලද්දී සියැන් ඇස්වලින් ඔව් කියන්න යැයි කීවේය ...

" ඔහු දෙස නෙවෙයි  මා දෙස බලාගෙන උත්තර දෙන්න.......ගැටලුව ඉදිරිපත් කලේ මම......"

ඉතින් යුයෙන් කුමරුන් දාසින් දෙස බැලුවේය ...

**

",ඔහු තවමත් නුඹේ රාජකාරියේ ද......."

යුයෙන් කුමරුන් ඔව් යැයි හිස සැලුවේය ...

" වචනය දෙන්න.........."

දාසින් කෑගසද්දී සියැන් අනෙක් කිහිපදෙනාව තල්ලුකරගෙන එතැනට ආවේය ...

" දාසින් .....යුයෙන් කුමරුන්ගේ හඩ පිට නොවීමයි අසනීපය.........."

එවරනම් හිතුවක්කාර පෙනුමක් තිබූ දාසින්ගේ මුහුණට කණගාටුවක් එකතුවුනේය....

" කමාකරන්න .............. "

දාසින් ආචාරශීලීව සමාව ඉල්ලද්දී යුයෙන් කුමරුන් හිස,සැලුවේය .....

" සියැන් අයියන්ඩි හැමදාමත් සැඟව නොසිට නිදහස් වෙලාවක අප මුණගැහෙන්න .........."

යුයෙන් කුමරුන් සමඟ ගෞරවාන්විතව කතාකෙරූ දාසින් සියැන් හට තර්ජනය කර එතැන සිටින පොඩි මැර පිරිවරත් සමඟ යන්නට ගියේය ...දැන් යුයෙන් කුමරුන් සියැන් දෙස මේ බලාගෙන සිටින්නේ මේ සිදුවීම කුමක්දැයි දැනගැනීමට බලාපොරොත්තුවෙන් උවත් සියැන් මෝඩ හිනාවක් සමඟ යලිත් ගමන ආරම්භ කලේය ....

" ඒ ගැන හිතන්නට එපා කුමරුනි....... ඔවුන් නොහික්මුණු එවුන්......"

සියැන් ගණනකට නැතිව කියද්දී ඉතින් යුයෙන් කුමරුන් සුසුමක් හෙලුවේය .. අවසානයේ ඈතින් දුටු සොදුරු දසුන ඔවුන්ගේ නෙත් මානයේ දිදුලන්නට පටන්ගත්තේ ය....

🔮🔮The Secret Of Yangzhai 🔮🔮 ...... Yizhan Historical ✔  Onde histórias criam vida. Descubra agora