"ගූ ජොම් නන්..."
"අහ්?"
"මට සැක ඌව..."
තමන් රෙකෝඩ් කරන් ආපු ඉන්ටර්වීව් එක ආයෙ ආයෙම බලමින් ජන්කුක් තේයොන්ට කිව්වේ තේයොන් අඑඋල්සහගත බැල්මකින් ජන්කුක් දෙස බලද්දී...
"ඒත් ජන්කුක්... ඌ අර දුන්නූ රෝස මල කපන්න ගිහින් අතත් කපානනේ නතර වුනේ..."
ඇහිබැමි හකුලගනිමින් පුටුවේ ඉශගත්තු තේයෝන් ඇහුවේ තවමත් මුලු අවදානයම තමා ඉස්සරහා දිස්වෙන තිරයෙහි රදවන් ඉන්න ජන්කුක්ගෙන්...
පුටුවට බරවී තමන්ගේ ඉහලින් කැරකෙන පංකාවේ පෙති දිහා ජන්කුක් බලාගෙන හිටියා..."තේයොන් දැක්කද ඒ මනුස්සයගේ ඇදිලා තිබ්බ කලබලය... ඒ බ්ලේඩ් තලේ මං දෙද්දී ඌගේ ඇගිලි තුසු වේගෙන් ගැහුනා... ඌකලේ මවා පෑමක්... ඒ දේ නොහුරට අල්ලන් ඌ කරේ ලොකු මවා පෑමක් තේයොන්... මෙතන වෙන කිසිකෙනෙග්ගේ මුහුනේ ඒ වගේ ඉරියව් වෙනස්වීමක් නෑ... අනික ජොම් නන්ව හිඩ්ගට බලන්න අර ෆොටෝ එකේ... තෙහෙට්ටු හෙම්බත් පෙනුමක් තියෙන්නේ... අපහසුතාවයකින් පසුතැවෙනවා වගේ පේන්නේ නැද්ද තේයොන්ට?..." අත් දෙක පපු මතින් බැදගත්තු ජන්කුක් ඇහුවේ ඇස් හීනි කරන් පින්තූරය දිහා බලාගෙන ඉන්න තේයොන්ගෙන්... ටිකක් ඒ විදිහට පින්තූරය දෙස බලන් උන්නු තේයෝන් හිස වැනුවේ ජන්කුක් සමග එකග වෙමිනුයි...
"ඒ මනුස්සයාගේ තව විස්තර හොයාගන්න ඕන... ඇහ ගහන් ඉන්න ඕන... ඔෆිසර් ජිමින් අද ආවද?"
ජන්කුක් පුටුවේ කෙලින් වී ගොනු ටික ආපහු පිලිවලකට සකසමින් තේයොන් දෙස බැලුවා...
"ඔව් ඔව්... ආවා අද..." හිස් හොලවමින් තේයොන් කිව්වේ ජන්කුක් දුන්නු ගොනු ටිකත් සාක්ශි වගේකුත් අතට ගන්න ගමන්... ඒත් එක්කම පුටුවෙන් නැගිටපු ජන්කුක් තමන්ගේ සාක්කුවට අත් දෙක බස්සන් බලන් හිටියේ ගොනු ටිකත් සාක්ශි ටිකත් තේයොන් නිවැරදිව අරන් තියනවද කියලයි...
"ඔය එවිඩන්සස් හරියට දාන්න... පැටලුනොත් ඔක්කොම ඉවරයි.."
කලබලෙන් වගේ සාක්ශි පෙට්ටි වලට සාක්ශි ටික දාන තේයොන් දිහා බලාගෙන ජන්කුක් කිව්වේ ඔහු හා කියන්න විසවනද්දී... එහෙම්ම සාක්ශි කාමරටෙන් එලියට ආව ජන්කුක් ගියේ මැදිරියේ අනිත් නිලදාරීන් වැඩ කරන ස්තානයට...
YOU ARE READING
Prey
Mystery / Thriller" I spy with my little eye.... රහස් පරීක්ශක ජියෝන් ජන්කුක් සයිකෝ කිලර් කෙනෙක්ව හොයගාන්න දගලනවා... හ්ම්ම්... මන් ඔයට ක්ලූස් තුනක් දෙන්නම් මගෙ ඊලග ගොදුර ගැන... පුලුවන්නම් එයා බේරගනින්...." "ඌ මේක රටාවකට කරන්නේ..." "මොන වගේ රටාවකටද?...."