"මිනීමැරුම වුනු තැන තිබිලා හම්බුනු සාක්ශි ටික තමයි මේ ජන්කුක්..."
විශාල පෙට්ටියක් ජන්කුක්ගේ මේසය මත තබින් කිව්ව තේයෝන් පසෙක තිබුන පුටුවකින් වාඩිවුනේ ජන්කුක් එය තුල තිබුනු සාක්ශි එකින් එක එලියට අරන් සූදිසි කරද්දී, එහි තරුනයාට අයිති වුනු හෙඩ්සෙට් එකත් කන්නඩි දෙකත් ලේ පැල්ලම් තිබූ කඩදාසියත් ඔහුගේ දුරකතනයත් තිබුනා...
"මේක මේ වෝක්මෑන් හෙඩ්සෙට් එකක් නේද?" පොලිතින් එකක ඔතා තිබුනු හෙඩ්සෙට් එක එලියට ගත් ජන්කුක් එහි වයර් එකේ පින් එක දිහා බලන් තේයෝන්ගෙන් ඇහුවේ තේයෝනුත් ඒ දෙසට තමන්ගේ අවදානය යොමු කරද්දී... ජන්කුක් සමග එකගවෙමින් හිස වනපු තේයෝන් ජන්කුක්ගේ මූන දෙස බලනකොටත් ජන්කුක් තවත් මොනාහරි සාක්ශි පෙට්ටියේ හොයමින් හිටියා...
"හෙඩ්සෙට් එක ප්ලේ වෙන්න වෝක්මෑන් එකක් ඕනා... එතකොට කෝ ස්ටීරියෝ එක?" තමන්ගේ ඇස් බැමි එකට කරගත්තු ජන්කුක් ඇහුවේ තේයෝනුත් ප්‍රශ්නාර්ත බැල්මකින් ජන්කුක් දෙස බලාගෙන කල්පනා කරද්දී...
"කට්ටිය හොදට සර්ච් කරා නේ ඒත් ජන්කුක්.. ඔච්චර තමයි හම්බුනේ.. මිනීමරුවගේ කියලා සැක හිතෙන කිසිම දෙයක් තවම හම්බුනේ නෑ..."
"ඒ කියන්නේ වෝක්මෑන් එකේ මොකක්ම හරි සාක්ශියක් ඇති..."
තමන්ගේ පුටුවෙන් නැගිට්ට ජන්කුක් තමන්ගේ යටිතොල හපාගෙන අත් දෙක පපුව මත බැදගෙන එහාට මෙහාට ඇවිදිමින් කල්පනා කරා...ටිකවෙලාවකින් තමන්ගේ ජැකට් එක අතට ගත් ජන්කුක් එය පැලදගෙන තමන්ගේ වාහනේ යතුර අතට අරන් දොර වෙතට ගියේ තමන් දිහා බලාගෙන ඉන්න තේයෝන් දෙස බලමිනුයි..
"යමු"
"එනව.."
තමන්ගේ පුටුවෙන් නැගිටපු තේයෝනුත් ඔහුගේ ඉදිරියෙන් වේගයෙන් යන ජන්කුක් පිටුපසින් වේගයෙන් ඇවිදගෙන ගියා.. වාහනයට නැග්ග තේයෝන් ජන්කුක්ගේ තෙහෙට්ටු වෙච්ච මූන දිහා බලාගෙන ඉදල ලොකු හුස්මක් අතාරිමින් තමන්ගේ බෙල්ට් එක දාගත්තේ හිතන්නවත් බැරි වේගෙකින් ජන්කුක් වාහනය වේගයෙන් ඉදිරියට ගෙනියද්දී...
"තේයෝන්ට හොදටම විශ්වාසද කට්ටිය ඒ පැත්තම හොදට සර්ච් කරා කියලා.."
YOU ARE READING
Prey
Mystery / Thriller" I spy with my little eye.... රහස් පරීක්ශක ජියෝන් ජන්කුක් සයිකෝ කිලර් කෙනෙක්ව හොයගාන්න දගලනවා... හ්ම්ම්... මන් ඔයට ක්ලූස් තුනක් දෙන්නම් මගෙ ඊලග ගොදුර ගැන... පුලුවන්නම් එයා බේරගනින්...." "ඌ මේක රටාවකට කරන්නේ..." "මොන වගේ රටාවකටද?...."