° CHAPTER 25 °

502 69 48
                                    

පහුවදා උදේ 5ට නැගිටලා වොශ් දාගෙන අපි දෙන්නා ලෑස්ති උනා. අයියත් නැගිටලා හිටියේ අපි දෙන්නා බඩුමලු දෙකත් අරගෙන පහළට යද්දි එයා උයනවා.. ජිමින් ඊයේ රෑ කිව්වද දන්නෙ නෑ. කෝකටත් කියලා මං ස්ටිකි නෝට් එකක නෝට් එකක් පැහැදිලිව ලියලා මේසේ උඩින් ඇලෙව්වා.. අපිට අද බස් එකේ තමයි යන්න වෙන්නෙ. මොකද අයියා උයලා ලෑස්ති වෙලා එනකම් ඉන්න ගියොත් වෙනදා ස්කෝලේ යන වෙලේටම තමයි යන්න වෙන්නෙ.. ජිමින් එක්ක යනවා කියලා දන්නවනෙ.. උදේට මුකුත් කෑවෙත් නෑ අපි දෙන්නා බෑග් දෙකත් අරගෙන පාරට ආවා.. මං දැක්කා ජිමින් නම් අයියට මොන මොනවදෝ කියනවා.. අපි දෙන්නා පාරට ඇවිල්ලා බස් හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකම් හිටියා 5.15යි.. කොහොමත් මෙතනින් පාන්දරට බස් එක යන්නෙ 5.30ට ඒකේ ගියහම ස්කෝලෙට 5.45 උපරිම 6.00 වෙද්දි යාගන්න පුලුවන්.. ඊයේ සර් රෑ මැසේජ් එකක් දාලා තිබ්බා කියලා ජිමින් කිව්වා.. කලින් එන්නයි කියලා නැත්නම් අපි යන්න හිටියෙ වෙනදා යන වෙලේටමයි.. 5.30 බස් එක ආවහම අපි දෙන්නා නැග්ගා උදේම නිසා සෙනග නෑ.. අපි දෙන්නා පිටිපස්සෙ ශීට් එකෙන් ගිහින් ඉදගත්තා..

" ජිමින් මොනාද උබ උදේ අයියා එක්ක කතා කරද්දි කිව්වේ.."

" උදේම මේක කියලා උබව අව්ල් කරන්න ඕන්නැ මට ඒත් නොකියා බෑනේ.."

" හරි මට කියහන්කො මොකද්ද කිව්වෙ කියලා.."

" මගෙන් ඇහුවා ඕකට යන්නෙ කා එක්කද කියලා ඒ කියන්නෙ ස්ටේඩියම් එකට.. මං කිව්වා අපි දෙන්නයි 13නේ ජීවොන්, මින්හෝ දෙන්නයි සර් එක්ක තව ලමයි 45කුයි කියලා.. ඊටපස්සෙ මගෙන් ඇහුවා ජන්කුක් එනවද කියලා.. මං කිව්වා නෑ කියලා ජන්කුක් ඇත්ලටික් කරන්නෙ නැති නිසා එයා එන්නෙ නෑ කියලා.. එච්චරයි.."

" ම්ම් එහෙමද අඩුම පරිස්සම් වෙන්න කියලවත් කිව්වෙ නැද්ද බං.."

" ටේයා අව්ල් ගන්න එපා බං.. මං කිව්වනෙ ඊයෙත් අයියට උබේ අගේ තේරෙයි කවදමහරි.."

" ම්ම් කමක් නෑ.. මෙහ් අපි මගින් බැහැලා මොනාහරි කාලා යනවද බඩගිනි බං කෑවේ නෑනේ.."

" ඒක තමයි එහෙනම් ඉස්සරහින් බහිමු.."

අපි දෙන්නා ස්කෝලෙට පොඩ්ඩක් මෙහායින් බැහැලා ඒ ලගම තිබ්බ කෑම කඩේකට ගියා.. ඒක උදේම අරින කඩයක් හුගක්ම ස්කෝලේ ලමයි උදේට එහෙම කෑම ගන්න එන නිසා මේ කඩේ උදෙන්ම අරිනවා.. අපි දෙන්නා ශෝටීස්ට් අරගෙන කාලා කිරිපැකට් දෙකකුත් බිව්වා.. ස්ටේඩියම් යන නිසා අරගෙන යන්නත් බනිස් ගෙඩි දෙකක් ගත්තා.. ඊටපස්සෙ කෙලින්ම අපි දෙන්නා ආවේ ස්කෝලෙට හයට පහයි වෙලාව.. අපි ගේට්ටුව ලගට යද්දි යුන්ගි හෝසෝක් දෙන්නා හිටියා..

𝐌𝐲 𝐒𝐭𝐮𝐛𝐛𝐨𝐫𝐧 𝐁𝐨𝐲𝐟𝐫𝐢𝐞𝐧𝐝 [𝐓𝐊] ✓✓ Where stories live. Discover now