දඩාස්..... හඬින් වසාතිබූ දොර ඇරී ගිය අතර ඉන් ඇතුලට ආවේ ටේමින් .......
කියාරා ගේ ගෙල සිදුරු කර ලේ බොන මාව දුටු ටේමින් භීතියෙන් කෑගැහුවා. කියාරා ව අතහැරි මා ඊලඟට පැන්නේ ටේමින් ගේ ගෙලටයි...........
ටේමින් ට හිතන්නවත් ඉඩ නොතබා මා ඔහුගේ ගෙලද සිදුරු කලෙමි..... එහෙත් වැඩි වෙලාවක් මට ඔහුගේ ලේ උරා බීමට හැකි වූයේ නැත....... ශනිකෙන් මාව ශක්තිමත් දෑතකට මැදිවුනා........ ඒ ජන්කුක් ය....
*" කොන්ත්රොලීන් ඉයුන්ග් සරිලි... හනා....... කොන්ත්රොලීන් ඉයුන්ග් සරිලි....."
ජන්කුක් මිමිනූ ඒ වචන ඇහෙද්දී මට මාව පාලනය කරගන්න පුළුවන් උනා...... නින්දකින් ඇහැරුනා වගේ මං වටපිට බලද්දි දැක්ක දෙයින් මගේ හුස්මත් හිරවුනා......
" අ.....අනේ........ කියාරා ......... අනේ...... මං මොනාද මේ කරලා තියෙන්නෙ...... අයියෝ............ ජන්කුක් ....... අනේ........... "
කියාරා හා ටේමින් බිම වැටිලා හිටියා.එයාලගෙ බෙල්ලෙ පැත්තකින් ලේ පාරක් බේරෙනවා.. කියාරා නම් හොඳටම සිදුමැලි වෙලා......
මං කියාරා ව බදාගෙන හයියෙන් කෑගැහුවා........ කෑ ගහලා ඇඬුවා....... අනේමොකක්ද මං මේ කරලා තියෙන්නේ........ මං කොහොමද මගේ යාළුවන්ට මෙහෙම දෙයක් කලේ........... මං ....මං කිසිම බලයක් නැති සාමාන්‍ය වැම්පයර් කෙනෙක් .......... මගේ විශෙන් මෙයාලා ගොඩක් දරුණු පිසාචයො වෙයි..... දෙයියනේ...... එහෙම උනොත්..........
" අනේ ජන්කුක් ........ එයාලව බේරගන්න...... මේ මගේ යාළුවෝ........ අයියෝ....... "
පිස්සියක් වගේ අඬාවැටෙන මං දිහා ජන්කුක් බලාගෙන හිටියෙ ගොඩක් දුකෙන්......
" මට එයාලව හොඳ කරන්න පුළුවන් ....... හැබැයි බබා තවදුරටත් එයාලා මිනිස්සු නෙවෙයි........ මට එයාලව මගේ පාලනයෙ තියාගන්න වෙනවා එයාලට අලුත් ජීවිතේ හුරු වෙනකම්....... "
ජන්කුක් පරිස්සමින් කියාරා ගෙයි ටේමින්ගෙයි බෙල්ල සිදුරු කරලා එයාගෙ විෂ ඒ දෙන්නට ඇතුල් කලා........ ටික වෙලාවකින් ඒ දෙන්නා අවදි උනා...... මට ගොඩක් බය හිතුනා මං කරපු දේට ඒ දෙන්නා මොනවගේ ප්‍රතිචාරයක් පෙන්නයිද කියලා........ ඉස්සෙල්ලම නැගිට්ටෙ කියාරා ......... මට දැනුනු සතුටට මං පැන්න ගමන් කියාරාව බදාගත්තා........
YOU ARE READING
🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
خيال (فانتازيا)මට පේන්නේ ඔයාව. නිකන් නෙවෙයි ඔයාට ලොකු කළු පියාපත් දෙකක් තිබුනා. තව දිග දත් දෙකකුත් තිබුනා හරියට වැම්පයර් කෙනෙක් වගේ... ආ ඔලුවෙ ඔටුන්නක් තිබුනා ලස්සන නිල් දියමන්තියක් තියෙන...... ... ඒ විතරක් නෙවෙයි තව ඔයත් එක්ක ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා පේනවා. එය...