Chapter 12

198 31 6
                                    

"ම්ම්ම්ම් මම මේ කොහෙද ඉන්නේ "
අමාරුවෙන් ඇස් ඇරපු ජන්ග්කුක් වටපිටාවේ තිබුන ආලෝකයට ඇස් දෙක හුරු කරගන්නකොට එයා ඉන්නෙ කොහෙද එයාට මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව වටපිට බලනකොට එයා දැක්කේ එහා දිහා බලන් ඉන්න මූණු ගොඩක් ...

"අනේ පැටියෝ ඔයාට දැන් කොහොමද ...අමාරුවක් නෑනේ මම බය වුනා..."
ලීසා ජන්ග්කුක්ගේ මූනට ලන් වෙලා අහද්දි ජන්ග්කුක් නෑ කියන්න හිස දෙපැත්තට වැනුවා...

"මට මොකද වුනේ නූනා මතකත් නෑනේ"
ජන්ග්කුක්ට හිමින් සැරේ එයාගේ හයුන් වගේම මීට අවුරුදු ගානකට කලින් එයා ගාව තිබුන දැන් ටේහියුන් ගාව තියෙන මාලේ  හම්බුනා  කියලා  මතක් වුනාම එයාගේ ඇස් ටේහියුන්ව හොයනකොට ජන්ග්කුක් දැක්කේ උලුවස්සට හේත්තු වෙලා අත් දෙකත් හරහට බැදගෙන ඒ ඇස් එයා දිහා බලන් ඉන්නවා...ඒත්  ජන්ග්කුක් ටග්ගාලා ඒ ඇස් මගඇරලා රවලා අහක බලාගත්තා ..

"මේ ඔප්පා කෑගහුවම තමා අපිත් දුවන් ආවේ බලනකොට ඔයාට සිහි නැති වෙලා... "

"මම නිසා කරදරයක් වුනානම් මට සමාවෙන්න නූනා ..."
ජන්ග්කුක් ඇස් දෙකේ කදුලු පටලෙකින් පුරවගෙන ඇද උඩ ඉදගන්න ගමන් කියනකොට ලීසා ජන්ග්කුක්ගේ ඔලුව අතගාලා එහා පැත්තේ ටේබල් එක උඩ තිබුන කිරි වීදුරුව ජන්ග්කුක්ගේ අතට දුන්නා...

"ඕක බොන්නකෝ හොදද ඔයා ටිකක් රෙස්ට් කරන්න එතකොට හරියයි.."

"අපි එළියෙන් ඉන්නම්...
එන්න ලීසා අපි යමු"
ජින් එහෙම කියලා එළියට ගියාම ඉයුන්වූ බෙකී ජන්ග්කුක්ගේ ඔලුව අතගාලා කාමරෙන් එළියට ගියාම කාමරේ ඇතුලේ තනි වුනේ  එළියට යන්න ගිහිල්ලත් ආයිත් නැවතුන ටේහියුන් වයි ජන්ග්කුක්වයි...

"අහම් "
උගුර පාදපු ටේහියුන් ඇදේ කොනක ඉදගත්තෙ ජන්ග්කුක් මූණ බිමට හරවන් කිරි වීදුරුව හුරනකොට....

"ඔයාට අමාරුවක් නැත්තම් මට චුට්ටක් කතා කරන්න පුලුවන් ද.. "

"ප්-පුලුවන් හ්-හය් සර් .."

"ප්ලීස් මම දිහා බලන්න ...මට සර් කියන්න එපා හයුන්ගී කියන්න...අනික..ඉස්සර වගේ මම ඔයාට නපුරු වෙන්නෙ නෑ හොදද..."
බිමට හැරවෙලා තිබුන දිලිසෙන ටීක් බෝල ඇස් ටේහියුන්ගේ හීනී දිග කෝපි පාට ඇස් එක්ක විනාඩි ගානක් අතරමන් වුනා..
ඒත් ජන්ග්කුක්ගේ ඇස් ගැස්සිලා ගිහින් ටේහියුන්ගේ ටීශර්ට් එක ඇතුලෙන් එන නිල් පාට ආලෝකය දිහාවට යනකොට ජන්ග්කුක්ගේ ඇස් තියෙන දිහාවට ඔලුව හරවලා බලපු ටේහියුන් මද හිනාවක් දීලා ටීශර්ට් එක ඇතුලේ තිබුන මාලේ එළියට ගත්තා..

MY MAGICAL PRINCEWhere stories live. Discover now