3 කොටස ~

119 26 8
                                    

'මම...... නිදුක් වෙත්වා....'
'නීරෝගී... වෙත්වා...'
'සුව...පත් වෙත්වා...'

"ඇස් වහගන්නවා මල්ලි"

හරිනේ අමාරුව පුපේ... පොඩ්ඩක් කොට නිසා  මුන් මාව එසෙම්ලී එකේ පෝලිම ඉස්සරහටම දැම්මා.. භාවනා කරද්දි තනි ඇහෙන් අරූව බල බල ඉද්දි ප්‍රිෆෙට් අයියා කෙනෙක් කනට කෙදිරුවා..අනේ..
ගොං හිනාවක් අයියට පෙන්නලා මන් ඇස් වහන් හොම්ද ළමයෙක් වගේ භාවනා කරන්න ගත්තා.. ඒ උනාට අනේ...

වැදලා කරලා..පාසල් ගීයත් කියලා දැන් තමා සෙක්ශන් හෙඩ් මැඩම්ලගේ පම්පෝරිය පටන් ගන්නේ.. පෞද්ගලිකව මන් ආස නෑ ඔව්වට.. කොහොමත් එයාලා වැඩි වෙලා කියවන්නෙත් නෑ... විභාග ගැන.. ළකුනු අඩු උනොත් වෙන්නේ මොනවද.. ඔය වගේ වැල් බයිලා ටිකක් කියලා රැස්වීමේ සම්පූර්ණ අයිතිය ගිල් එකට දීලා යනවා.. අම්නේ ඉතින් ප්‍රිෆෙට් අයියල පපුව ඉස්සරහටයි පුප පිටිපස්සටයි දික් කරන් ගැම්මට ඉන්නවා... පිටිපස්සෙන් තියෙන බිත්ති මම් උනා නම්...අනේ..

"සුභ උදෑසනක් මල්ලිලා.. අද රැස්වීමක් ගන්න ප්‍රදාන හේතු කිහිපයක් තියෙනවා-"

අනේ ඉතින්...හැම සන්දම ඕක ගන්නවනේ හු##! මූකලම් බස්සගෙ බොරුව බලන්නකො.

"තව සති තුනකින් බෞද්දාලෝක වෙසක් කලාපෙට අපේ ඉස්කෝලෙනුත් වෙසක් කූඩුවක් දෙන්න ඕනේ. ඊට අමතරව අඩි 20 යි 36 කැන්වස් පේන්ටින් එකක් දෙන්න ඕනේ.. නීති රීති ගැන නෝටිස් බෝර්ඩ් වල දාලා ඇති. අනික් කාරණය, මේ වැඩ වලට 13, 11 වසරේ අයියලව එක්සෑම් නිසා සම්බන්ද කරගන්න එපා කියලා ප්‍රින්සිපල් සර් කියල තියෙන්නේ. ඒක නිසා මේ වැඩ වලට ළමයිව බෙදලා තියෙන්නේ මොනිටර්ලා මාව හම්බෙලා යන්න රැස්වීමෙන් පස්සේ."

ඇත්තටම කිව්වොත් ඌ කියපු  එකක්වත් මන්  අහන් නෙවේ හිටියේ. හීමිච්චෙක් වගේ ඉස්සරහට වෙලා ඌගේ උගුරු දණ්ඩ දිහායි.. අතේ නහර දිහායි බලන් හිටියේ. මේ දවස් වල මෝහිණී වැහිලිද මන් දන්නේ නෑ මට.

"ඕබී එකෙන් මේ වැඩේට ලක්ශයක් දීලා තියෙනවා.. ඒවා කුමුදිනී මැඩම් ගාව.."

ඈහ් ඕවට ලක්ශ ගනන් යනවද? බුදුහාමුදරුවෝ දන්නවා නම් මෙහෙම ලක්ශ ගනන් වියදම් කරලා වෙසක් කූඩු හදනවා කියලා බුදු වෙන්නැතුව ඉදී.. අරූ තව මොනවද මොනවද මන්දා කියවන් කියවන් ගියා.. මන් අහිම්සක මූණ දාන් ඉස්සරහට වෙලා එක පෙලට හිටන් ඉන්න ප්‍රිෆෙට් අයියලා දිහා බලන් හිටියා.. මුන් හිතයිද දන්නෑ මන් ඇස් වලින් මුන්ව රේප් කලා කියල..මන් ආයිම හොද සිහියට ආවා!

Behind the smileTahanan ng mga kuwento. Tumuklas ngayon