23. පරිච්ඡේදය

1.4K 217 82
                                    

" හාන්කවිසියක රැළි නගයි සුසුමක්
ගහකොළ වැල මල දවටා දොම්නස්....
සුවඳට සැරසී යලිදු පණ දෙන්නයි......."

සුළග මත මොහොතක් ටෙලි ඩ්‍රාමා එක ටෙලිකාස්ට් වෙනකොට සජාන් හිටියේ  නීති පීඨයේ එයාගේ දෙවනි හරි තුන්වෙනි හරි අවුරුද්ද ගත කරන ගමන්. ඒ එයාගේ ජීවිතේට ආදරේ අත්පොතේ හරියකට පිටු පෙරළනු රෝමාන්තික දවස්...

හදිසියේ ජීවිතේ මහා හිස් තැනක් පිරුනු බවත් මෙච්චරකාලෙකට පපුවේ තැනක එහෙම හිස් කමත් තිබුනා කියලා දැනෙන්න  ඒ හිස්තැන පිරෙන්නම වෙනකම් බලන් ඉන්න උ⁣නානේ කියලා සිහි කල්පනා උනාම මනුස්සයෙක්ට හිතෙන්න ගන්නවා " අඩෝ මම මෙච්චර කල් මොන පුණ්ඩියක් ද කරේ " කියලා . ඒ වගේ තමයි...

මෙච්චර කල් මෙහෙව් ආදරණිය හදවතක හිමිකාරයෙක්නේ ගහක් ගලක් හිතක් පපුවක් නැති යකඩ පරුවතයක් වගේ හිනා පොදක් නැතිව ජීවිතේ ඔහෙ ගෙවලා දාලා තියෙන්නේ. ඒකත් ⁣යෞවනේ හොදම හරිය...

සජාන්ලගේ පරිච්ඡේදය ගත්තම උන් හෙන පව් ඇත්තටම .

ඒකට දැන් ඉන්න ඇච්චෝ... උන්ට මොන්ටිසෝරියෙත් ක්‍රශ් එකක් ඉන්නවා. එහෙන් ටිටර්ටත් ලයින්.

ආදරේ කරන්නේ ⁣නර්සරි බස් එකෙන් හම්බවෙන එක වසරේ අක්කට. කසාද බදින්න කැමති ඉස්සරහට ගෙදර නංගිව. හැබැයි කොල්ලා තාම තෙල් ගාලා හිස පිරා.. නෑ දැන් ඇච්චෝ තෙල් ගාන්නෑ. හෙයා ස්ප්‍රේ ගහලා කොණ්ඩේ උස්සලා මොන්ටිසෝරි යනවා...

මේ කතාව සජාන් ආදරේ කරන කෙනෙක් ගැන එයාට මතක් වෙන වෙලාවක් ගැන.... මට ⁣ඒකට වෙන දෙන්න නමක් නෑ. සජාන්ගේ ෆර්ස්ට් ලව් එක කියන්න බෑ මොකද ඒක නෙවෙ ෆර්ස්ට් එක. ඒත් එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියනවට වඩා එතන දෙයක් තිබුනා.  එයාටත් පස්සේ තව කොච්චර ගෑනු සජාන්ගේ ජීවිතේ ඉන්න ඇද්ද. එතකොට ඒක " හිටපු පෙම්වතියක් " කියනවටත් වඩා " ආදරේ කරන කෙනෙක්" කිව්වම පටලැවෙන්නැති වෙවි නේද

හන්තාන කන්ද මුදුනේ දි සජාන්, චාරුට එයාගේ ආදරේ  වචන කරනකොටත් ඉන් පස්සෙත් එයා හැරෙන්න සජාන්ගේ ජීවිතේ ඇතුලෙ ඇවිදලා ගියපු දහසකුත් ගෑනු හිටියා.  ඒත් හ් හැම වෙලාවෙම චාරු කියන්නේ සජාන්ට විශේශණ පදයක්... විශේෂන ක්‍රියා පදයක්. මොකද එයා ආදරේ කියන නාම පදය ක්‍රියාවෙන් කරලා පෙන්නුවා...

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now