48. පරිච්ඡේදය

1.2K 176 143
                                    

මින්සර දුල්ලෑව.... කට කොනක හිනාවක් තියාගෙන එයාගේ මිතුරු සඟයන් පිරිසක් වටකරගෙන අසේක දිහා බලන් හිටියේ කාලෙකින් දැක්ක  හොදට ඉදලා ඇරලා ගිය පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ හරි ආදරෙන්.

දෙන්නට දෙන්නා සෑහෙන්න මිස් වෙන්න ඇති. අසේකගේ බැල්මත් ඒ පැත්තට වැටිලා තිබුනේ හොදකට වෙන්න බෑ..මු නම් මේ ඇදන් නාන සීන් එකකට යන්න යන්නේ...

උගෙම පොට් එකට ගිහින් උටම තග දාන්න බෑ කියලා අසේක අත්දැකීමෙන් දන්නවා. හේතුව වෙන කිසි දෙයක් නෙවෙයි. එයා දැන් ඉන්නේ රක්ෂිතේ පුංචි පාසලේ . එයාලා ඇවිත් තියෙන්නේ මේ තරගේ දිනලා පාඩුවේ ගෙදර යන්න.... 

ඒත් එහෙමයි කියලා අසේකගේ මහන්තත්තකම නම් අඩු වෙලා තිබුනෙත් නෑ. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ... පුතේ..... අප්පච්චිට හොරෙන් ආවේ... දැනටමත් කොට බිජු මොණරවිල කන්ටෑක් ලිස්ට් එකෙන් බ්ලොක්ඩ්. ආ විදිහට ගෙදර පලයන් රත්තරනේ....

දුල්ලෑවත් අනේ මන්දා.... ඌව මරනකල් පස්සෙන් එන සයිස් එකෙ එකෙක් ඒ... තාම වචනයක්වත් කිව්වේ නැති එක හන්දා අසේකට ඇවිස්සෙන්න හේතුවකුත් හැදිලා තිබුනේ නැති හින්දම සීතල යුද්දේ ඒ විදිහටම පැවතුනා.

මින්සරගේ පෙම් පාට බැල්ම නිතර නිතර අසේකගේ මුනේ වැදිලා ආපහු හැරිලා යනවා ඉවරයක් නැතුව. මේ චක්‍රය දිහා තව ඇස් දෙකක් බලන් හිටියේ සෑහෙන උපෙක්ශාවෙන්. ඉවසීමෙන්.... 

උදේ අල්මේදා නිවසින් එළියට බහිනකොට ශෙරෝන් කිව්වා ඕක.  අසේකට ඔය ගමන යන්න ඕනෙම ද කියලා යහපත් චේතනාවෙන් ඇහුවේ ඒකා.. අසේකත් හිටියේ දෙගිඩියාවෙන් මම නෑමය කියන්න යන්නේ නෑ ඉතින්.

" මටත් බෑ .... තිහස්වරට එන්නත් නෑ උඹ දන්නවනේ...  බුබුතට දඩාර පචයක් අතැරලා අපි දවල් යමු හවස් වෙනකම් තියනවා කියලා ඔය නවත්තගෙන ඉන්නේ හරිද.... ඒත් එන්නේ නෑ. ඒ හින්දා ගම කන්න එපා...."

බුබුටත් ලැජ්ජාවක් නෑනේ. දැන දැනම එතනටම රිංගන්න යනවා.

"... උඹ නිකන් අර ඉල්ලන් හොයන් දැනන් ටු ද හෙල්  සීන් එක ඔය ඉන්නේ මචං ...." ශෙරෝන් හිටියේ සිරාවටම එහෙම පැහැදිලිව මුකුත් ඔලුවට එන්නේ නැති සිටුවේශන් එකක. යන්නත් බෑ නොයත් බෑ.... එකක.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now