48 කොටස

566 83 14
                                    


Ananya POV

මං හොස්පිට්ල් එකේ ඉඳලා ක්වාටස් එකට එද්දි බට්ටි එළියෙ සෙල්ලම් කර කර ඉන්න නිසා මලී අක්කා ඇවිත් ඇයි කියලා කල්පනා කර කර දොර ඇරිය මාව එකපාරට ගැස්සිලා ගියා...

"මහියා...උඹ අඬන-ආහ්!"
මං හැදුවෙ මහීෂගෙන් මොකද වුණේ අහන්න වුණත් ඌ වාඩිවෙලා හිටිය තැනින් නැඟිටලා අත පුරවලා මගෙ කනට ගහද්දි මලී අක්කත් කෑ ගැහුවා...

"මහීෂ...මොක-ච්...කෝ...නවත්තහන් ඉතින්..."
මං මගෙ කොලර් එකෙන් ඇදලා ගත්ත උගෙ අත අතාරවන ගමන් කියද්දී ඌ මාව බිත්තියෙ හැපෙන්න තල්ලු කළා....

"උඹ අසලි අක්ක ව බඳින්න හැදුවෙ දරුවා දේශ් අයියගෙ නිසාද!? ආආ!?

උඹ ඇයි බං උඹට කිසි වටිනකමක් දෙන්නැත්තෙ? අයියා මට නොකිව්ව නම්... උඹ හිතනවද මං මේක දැන ගත්ත දවසක උඹට බදාගෙන තැන්ක්‍යු කියයි කියලා!? බොට පිස්සුද හු## විහින් විනාස වෙන්නෙ!? "
මහීෂ මගෙ ශර්ට් එක අතේ මිරිකගෙන ම කියාගෙන යන අතරෙ කී වතාවක් මට ගැහුවද මන්දා...

"උඹ හිතුවද...යාආහ් මට කේන්තී බං...මගෙ මිනිහා වටේ ගියපු එක මගෙ වැරැද්ද...උගෙ වැරැද්ද...

උඹ අහවල් ###ට ද යකෝ ඒවගෙ ඔලුව ඔබන්න ගියේ! අපි දෙන්නට කොහොමත් ළමයි නැති එකේ ළමයෙක්ට වියදම් කරන්න අපි දෙන්නට බැරි නෑනේ....ඇරත් මූ නොකළත් මං ඒ දරුවට වියදම් කරනවා!!

උඹට මොළයක් කියලා එකක් ලැබිල ම නැද්ද බං!!?"
මහීෂ මට ගහ ගහ බැන බැන කෑ ගහලා අන්තිමට මගෙ උරහිසට ම ඔලුව තියන් ඇඬුවා...

"උඹ ඔහොම අර දරුවා නිසා අඬන්න ඕන නැති නිසානෙ මං ඉත්-"

"දරුවා නිසා නෙවෙයි යකෝ අඬන්නෙ උඹ වගේ ත##රු පොල්පිති හරකෙක් යාළුවා කර ගත්ත එකට!! මට උඹව මරන්න හිතෙනවා යුලා!"
ඌ එහෙම කියලා මගෙ පිට මැදට තව එකක් ඇදලා ඇරියා...

"මට බඩගිනියි බං..."

"ඇඟ හෝදන් වරෙන්...තෝ මරලා හංගලා අඬ අඬ හොයනවා ආයෙ මගෙ සතුට කිය කිය බූරු වැඩ කරලා අහු වුණොත්!! අක්කට උඹ කැමති නම් කමක් නෑ...ආවා මෙතන වැරදි හදන්න...අම්මපා මගෙ යාළුවත් එකයි මිනිහත් එකයි...මුන් සේරම ඉන්නෙ මගෙ ඔලුව කන්න... අක්කට මොලේ තිබුණ නිසා ඒ පටලැවිල්ල ලෙහා ගත්තා! පලයන් යන්න ###...

සීමා...Where stories live. Discover now