Love of Leptamus stale 🌟🌙

1 0 0
                                    

Love of Leptamus stale 🌟

_07th Episode

"විනාඩියක්... විනාඩියක් ඉන්න.... ඔයා කීවෙ... ඔයා කීවෙ ඔයා ෆ්ලින් කියලද?"

"ඔව් සෙරි ඔව්... මම ඔබේ ෆ්ලින්..."

"එතකොට මම සෙරි?"

"ඔව්...ඔබ සෙරි...සෙරි කුමරිය. ලෙප්ටමස් අධිරාජ්‍යයේ කුල කුමරිය"

"ඔයා කියන්නෙ මම දැන් ඉන්නෙ ලෙප්ටමස් අධිරාජ්‍යයේ ?"

"ඔව්..."

    රුකි වහා ඇදෙන් බැස රිටක් මෙන් සිටගත්තාය.

"ඔයාට හොදටම නින්ද ගිහින් රුකි... නැගිටින්න නැගිටින්න ඉක්ක්ක්ක්ක්මනට...."

    රුකි සිය කම්මුල් වලට දෑතින්ම තට්ටු කරමින් පවසන විට ෆ්ලින් බලා උන්නේ පුදුමයෙනි. ඔහු නැගිට ඇයගේ උරහිස් වලින් අල්ලා ගත්තේය.
  
       "නැහැ සෙරි... සැබෑවටම.... සැබෑ ලෙසම ඔබ මා අසල සිටිනවා. "

    රුකි තුශ්නිම්භූත වී බලා උන්නාය.

"එහෙමනම් මම .... මම පොත ඇතුලෙයි ඉන්නෙ..."

     "සෙරි ඔබ අසනීපෙන්ද?"

"විනාඩියක්... ඉන්න... මම හුස්ම ගන්න ඕන..."

   රුකි සයනය මත හිදගනිමින් ළයට අතක් තබා ගත්තාය.

"රජතුමනි... සමාවෙන්න... මම සෙරි නෙමෙයි. මම රුකි. මම ඉන්නෙ සෝල්  වල  පුංචි කුලී කාමරයක. මම හැදුනෙ හෙලෝව් කිඩ්ස් ළමා නිවාසයේ. මම දන්නෙ නැහැ මගෙ දෙමව්පියෝ කවුද කියලා. මම දන්න එකම දේ මම සෙරි නෙමෙයි රුකි කියන එකම විතරයි රජතුමනි. මට ආපහු යන්න ඕන. "

   ෆ්ලින් පාශානිභූත වී රුකි දෙස බලා උන්නෙ කිසිවක් වටහාගත නොහැකිවය.

"කුමක්ද ඔබ පවසන්නෙ සෙරි? කවුද වොශින්ටන් කියන්නෙ? ඔබ කුමක්ද මේ පවසන්නෙ?"

      රුකි නලල සිය දෑතින්ම තෙරපා ගනිමින් දිගු හුස්මක් ගත්තාය.

"හොදයි මේ අහන්න. මෙහෙමයි වුනේ. මම 'ලෙප්ටමස්' කියන පොත කියව කියව හිටියා. ඒක ලියලා තිබුනේ පිටු කීපයක් විතරයි. එකපාරටම කලු දුමාරයක් ඇවිදින් මාව පොත තුලට ඇදිලා ආවා. හරියටම කීවොත් මම ආවේ වෙනත් ලෝකෙකින්"

      ෆ්ලින් කිසිවක් සිතාගත නොහැකිව රුකි දෙස බලා උන්නේය.

"ඔබ පවසන්නේ ඔබ සෙරි නොවන බවද?"

"ඔව් රජතුමනි ඔව්"

    ෆ්ලින් ඉවත බලාගෙන බොහෝ වේලා කල්පනා කලේය. රුකි ඔහු දෙස බලා උන්නේ ඔහු කොයි මොහොතේදී කතා කරාවිදැයි සිතා ගත නොහැකිවය.

"රජතුමනි..."

   ඔහු විශාල දිගු හුස්මක්ද සමග රුකිගේ උරහිස් තදින් අල්ලාගත්තේය.

   අනාවැකිය අසත්‍යක්නම් සෙරි කුමරියම නොවූවත් ඔබ මෙහි ඒමට කිසිදු හේතුවක් නැහැ. නුබ සෙරි කුමරියම තමයි. එහි වෙනසක් නෑ. වසර දෙදහස් පන්සියයක ඉවසීම මගෙන් උදුරගන්නෙපා සෙරි. "

     රුකිගේ නළල මත සිය නළල තබා ෆ්ලින් පවසන විට රුකි සසල වූ සිතින් දෑස් පියාගත්තා ය.

"ඔබතුමා සෙරි කුමරියට ඒ තරමට ම ආදරේ කලාද?"

    රුකි මද වේලාවක් සිතමින් සිට අසන විට ෆ්ලින් දිගු හුස්මක් ගත්තේය.

"පැමිණෙන්න මා සමග..."

________________________________

රුකි නෙවේද සෙරි???.....

Love of Leptamus stale 🌟🌙 Where stories live. Discover now