Love of Leptamus State⭐🌙
4th episode
එතැන් පටන් බොහෝ දිනවලදී අන්ධකාර රාත්‍රීන් ඔවුන්ගේ පැමිනීම බලාපොරොත්තුවෙන් සිටියහ. ස්වකීය තහනම් බැමි වලට එහායින් ඔවුන් දුටුවේත් ඔවුන්ට ඇසුනේත් ඔවුන්ගේ ආදරයේ හුස්ම හඩම පමණි. ඒත් දින සති වලට හැරවී ගිය කාලයකදී අධිරාජ්‍යයේ ප්‍රධාන මන්ත්රකරු සේම අනාවැකිකරු වූද ලූකස්ගේ ආගමනය සමග ඔවුන්ගේ කතාවේ දුක්බරම පරිච්චේදය ආරම්භ විය."ඇය නම් දිව්‍යාංගනාවක්"
කුමරියව දුටු පලමු මොහොතේම ලූකස් ඇය මතින් උමතු වූවාය. වෑයමෙන් සියාදහස් රවටා ගත් ලූකස් රහසේම කුමරියගේ කාමරය අසල රැක සිටියේ මායාවෙන් හෝ ඇයව තමන් සන්තක කරගත යුතුය යන අභිප්‍රාය ද සමගිනි.
"යේමා. ඔබ එන්න එපා... මම අද තනිවම පිටත් වෙන්නම්"
කුමරිය ෆ්ලින් හමුවට පිටව යන විට ලූකස්ද රහසේම සලකුනක් හෝ නොතබා කුමරිය පසුපසින් ගෑටුවාය. සිය රහස් ගමන අවසානයේදී ෆ්ලින්ගේත් සෙරිගෙත් ආදරණීය හමුව දෑසින්ම දුටු ලූකස්ගේ හිතේ වූ ප්‍රේම තන්හාව වෛරයකට පෙරලන්නට විය. ඔහුගේ කුමන්ත්‍රණය ඇරබෙන්නේ එතැන් සිටය.
ලෙප්ටමස් අධිරාජ්‍යයේ සතුරකු වූ මහා මායා බලයක් හිමි ගේබ්‍රියල් වෙත ගිය ලූකස් ලෙප්ටමස් අධිරාජ්‍යය ඔහු අතට ගැනීම සදහා සැලැස්මක් නිර්මාණය කරවීය. එය එවකට වූ හොදම හා ප්රබලතම සැලැස්ම වූ අතර තුන් දිනක් තුල අධිරාජ්‍යයයෙන් භාගයක්ම ඔවුන් යටත් කරගත්හ. ලූකස් යලිත් ලෙප්ටමස් අධිරාජ්‍යයට පැමින රජුට දැන්වූවේ වෙනම පුවතකි.
"අධිරාජ්‍යට අධිපති ඇටම්ස් දෙවියන් කෝප වෙලා. එම නිසයි මේ සියලු විපත්. වහාම මීට යමක් කල යුතුයි. නැතිනම් ඔබට මිය යන්නට සිදුවන්නේ අධිරාජ්‍යයා ලෙස නොවේ. සිරකරුවකු ලෙසයි."
ලූකස් රාජ්‍ය සභාව දෙදරන හඩින් බෙරිහන් දී පවසන විට අධිරාජ්‍යයා පවා තැතිගත් බැල්මෙන් බලා සිටියේය.
"මා කුමක්ද කලයුත්තේ පූර්ව දර්ශකයානනි?"
"බිලි දෙන්න... ඔව් හෙට ඇමඩර් ගංගාවට කන්‍යාවක් බිලි දෙන්න."
"හොදයි . මම ඉක්මනින්ම කටයුතු සූදානම් කරන්නම්"
"නැහැ. මම තවම කියා අවසන් නැහැ. "
රාජ සභාව තුශ්නිම්භූත වී බලා සිටියේය. කවදාවත් නොවූ තරමේ මූසල නිහැඩියාවක් පැතිරෙමින් තිබිනි.
"ඔබගේ ආරක්ශාව අධිරාජ්‍යයේ ආරක්ශාවයි. එබැවින් ඇමඩර් ගංගාවට බිලි දිය යුත්තේ ඔබේම රුධිරයෙන් උපන් කන්‍යාවියක් පමනයි"
සමස්ත රාජසභාවම විස්සෝපයෙන් ඇලලී ගියේ ලූකස්ගේ හදවතේ කෲර සතුටක් නංවමිනි. ඔහුගේ සැලැස්ම සිතූ ලෙසම ක්‍රියාවට නැන්වෙන්නට අවශ්‍ය අධිරාජ්‍යයාගේ අණ පමනයි.
"වහාම .........වහාම සෙරි කුමරියව ඒ සදහා සූදානම් කරනු. විකල්පයක් නැහැ. අධිරාජ්‍ය අනතුරේ හෙලන්න බෑ තව දුරටත්."
අධිරාජ්‍යයාගේ මුවින් එවදන් පිටවෙත්ම ලූකස්ගේ මුහුන වෛරයේ ආලෝකයෙන් දීප්තිමත් විය. සිය මිනීමරු සිනහව සමගින් ඔහු රාජ සභාවෙන් පිට විය.
................................................................................
කුමරිය උන්නේ සුදුමැලිවය. අවසන් වරට හෝ ෆ්ලින්ව මේ පිලිබද දැනුවත් කරන්නට ඇයට නොහැකි විය. යේමාවද කුමරිය සමගම ඇගේ කටයුතු සදහා කාමරයේ සිරකරන ලදි.
පසුදාට පහන් වන විට ඇය මරණයට මුහුන දීමට අධිටන් කරගෙන සිටියාය. සිය ජීවිතයේ අන්තිම පැය ගෙවමින් සිටි කුමරියගේ හදවතේ ශෝකයක් තව දුරටත් නොවීය. තිබුනේ දැඩි ආයාසයෙන් ගොඩනගා ගත් ඉවසීමත් දරාගැනීමේ ශක්තියත් පමණි. වෛර කරන්නට හෝ හඩන්නට ඇයට තව දුරටත් උවමනා නොවීය.
"කුමරියනි..."
යේමා හඩමින් කුමරියව සූදානම් කලාය. තද රතු පැහැයෙන් යුතු දිගු ගවුමක්නැන්දවූ කුමරියගේ දිගු කොන්ඩය නිදහසේ මුදාහැර තිබුනි. කිසිදු රන් ආභරණයක් නොවූවද කුමරිය බොහෝ සුන්දරය.
"යේමා... හැකි දවසක ෆ්ලින්ට පවසන්න, මම ඔහුට බොහෝ ආදරේ කල බව."
එපමනක් පමනක් රහසින් මුමුනා කුමරිය ආරක්ශකයන් සමග පිටව ගියාය. සුදු පැහැ දිගු කලාලයක් මතින් ඇමඩර් ගංගාව තෙක් කුමරියව රැගෙන ගියේ සුදු අශ්වයකු මතය.
YOU ARE READING
Love of Leptamus stale 🌟🌙
Fantasyලෙප්ටමස් රාජදානියේ ආදර අන්දරය💜 jungkook love story