part 17

11 1 0
                                    

ජිමින් ආරෝ එතනින් යද්දි මෙච්චර වෙලා ඒ දිහා බලන් හිටපු ආරා ට එයාගේ කදුලු පාලනය කරගන්න එක කරන්න අමාරු උනා....

යුන්ගි එක්ක ගියපු ආරා ආයෙත් ආවේ ආරෝ ලාටත් කතා කරලා ඉවර වෙලා කැෆේ එකට එන්න කියන්න ...ඒත් ආරා කොහෙත්ම බලාපොරොත්තු නොවුන දෙයක් දැක්ක නිසා ශොක්  වෙලයි හිටියේ ...අවුරුදු ගානක ඒක පාර්ෂ්වික ආදරේ වෙන කෙනෙක්ව සිප ගද්දි ඒ තමන්ගේ යාලුවා උනත් වේදනාව එක සමානයි...

ආරා කියලා මොනා කරන්නද..ආදරෙයි කියලා බලෙන් ලග තියාගන්න නෙවෙයි නේ ...ඒ දෙන්නා මුලින් අකමැති උනත් දැන් සතුටින්....ඉතින් අරාට ඕන උනේ නැ ඒ දෙන්නා මැද්දට එන්න....

දුක පොඩ්ඩක් හරි නැති කරගන්න ආරා ගියේ පාර්ක් එක අයිනෙ තිබුන කානිවල් එකට...තනියම ඔහෙ පුන්චි ළමයි සෙල්ලම් කරන දිහා ආදරවන්තයෝ දිහා බලන් හිටපු ආරා ට ලස්සන හිනාවක් ආවේ එයා දුකින් හිටියත් අනිත් අයගෙ සතුට දැකලා එයාට සතුටු හිතුන නිසා වෙන්න ඇති ....

සමහර හිත් හරි ලස්සනයි...අනිත් අයගෙ සතුටක් දැකලා හරි ලස්සනට සතුටු වෙන....අනිත් අයගෙ දුකකදී ඒ වගේම දුක් වෙන...ඒ හිත් හරි අහින්සකයි...ඔයත් දවසක එහෙම කෙනෙක් වෙන්න....

හැමෝම ආයෙත් නිවසට එකතු උනේ හවස් වෙලා තිබුන නිසා ....

" කොහොමද අද දවස ජිමිනා "

ජින් එහෙම ඇහුවේ ගෙට ගොඩ උන ගමන් ම සෝෆා එකේ වාඩි වෙලා ඉන්න ජිමින් ගෙන්....

" අවුලක් නැ ..."

" ආව් ආව්...මොකද මෙ කොල්ලගෙ පැණි හිනාව ආ..."

ටේ අහද්දි ලග තිබුනු කුෂන් එකෙන් ගහන්න ජිමින් අමතක කලේ නැ ...

" මේම මේමවත් උනාද හියුන්ග්..."

කුකී පැණි හිනාවක් දාන් ඇගිලි අබරන ගමන් කියද්දි ජිමින්ගේ මූණ රතු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ ...

" ආ ඒක නෙමෙ...කෝ කෙල්ල...උබ අතවරයක්වත් කරෙ නැ නේ "

" යාහ් හියුන්ග්...එයා කාමරේ ඇති ..."

යුන්ගි අහද්දි බොරු කේන්තියක් මවන් කියපු ජිමින් ඇතුලු කවුරුත්ම දකින්න නැතුව ඇති තමන්ගෙ පාඩුවෙ කාමරේට ගියපු ආරාව....

Psycho girl  🍂Where stories live. Discover now