4.) කොටස 🌻

526 62 19
                                    


ශ්...ශ්වේත.... ශ්වේ...ත...

අග්‍ර අයියේ... මන් ඉන්නවා. මේ ඔයා ලගම ඉන්නෙ. ඇස් අරින්නකෝ. දැන් උදේ වෙලා මේ. නැගිටින්නැද්ද ඔය.. මාව මතකද කියන්නකෝ.. මේ මන් ඔයාගෙ ශ්වේත...

නර්ස් ඩොක්ටට කත කරන්න, එයාට සිහිය ඇවිත් කියන්න..

ඕකෙ ශ්වේත...

ම්..මගෙ.....ඔලුව ගොඩක් රිදෙනවා
.......ආ......ව්......

හරි මන් ඔලුව අතගාන්නම්කෝ.. ඔයාට කොහොමද දැන්...

.........

ෂ්....හරි... හරි..... මන් ඉන්නවා ඔයා
ලගම ... මේ ශ්වේත ඔයා ලගම ඉන්නවා...

ආ.... අග්‍ර කොහොමද ඔයාට දැන්..
ඇයි ලමයෝ ඇස් පියන් ඉන්නෙ තාම
ඇස් අරින්න.. මේ ඔයාගේ ශ්වේත
ඔයා ලගම ඉන්නෙ..

ම්...මගෙ ශ්වේත... ඒත් ..... නෑ....නෑ.............මේක හීනයක්... ආයෙත් මේක හීනයක්..... මගෙ ශ්වේත මෙහෙ නැහැ... මන් එයාව දාල ආවේ.....එයා දන්නෑ මන් ගැන....

අහන්න අග්‍ර... ඔයා මාව විශ්වාස කරන්නකෝ.. දැන් ඇස් අරින්න. මේක හීනයක් නෙමේ.. ඔයාගෙ ශ්වේත ඔයාව හොයන් ආව.. දැන් ඇස් අරින්න, එයා ගොඩක් කල් ඉදන් ඔයා ආපහු එනකන් බලන්නෙ ඉන්නෙ..

ඒ....ඒත්.....

ඇස් අරින්නකෝ.... මන් ඔයා ලගම මේ ඉන්නෙ.. අනේ මගෙ අග්‍ර අයියේ ඇස් අරින්නකෝ...

උදේ හයට විතර ඇති වෙලාව. රෙහාන් ඊයෙ රෑම ආපහු ගියා.. ඒත් මන් හිටියා.. එයාට සිහිය එනකන්ම මන් හිටිය.. එකපාරම ශ්වේත කියාන එයා දගලුවා.ඒත් ඇස් අරියේ නෑ. එයා හිතන්නෙ මේක හීනයක් කියල වගෙ.. එයාට විශ්වාස නැතුව ඇති.. මගෙ අග්‍ර මාව අදුර ගත්තොත් ඒ මට ඇති..

මට බෑ... මේක හීනයක් නේද..

නෑ නෑ අග්‍ර.. හොද ලමය වගේ ඇස් අරින්නකෝ.. මාව විශ්වාස කරන්න..

එ..ඒ....ඒත්.... ශ්...ශ්....වේත..... මගෙ ශ්වේත .... ඇත්තටම මේ ඔයාමද .. අනේ මගෙ චූටි පැටියමද මෙ.. අනේ ඔයා ඇත්තටම ඉන්නව නේද.. අනේ මගෙ ශ්වේත.......

මන් ඉන්නවා අයියේ.. මේක හීනයක් නෙමේ. කවදාවත් මේක හීනයක් නෙමේ, දෙයියනේ ඔයා මාව අදුරගත්තා..මගෙ අයියේ... අනේ මට
කියාගන්න තේරෙන්නෑ.. ඩොක්ට ... අනේ ඩොක්ට එයාට මාව මතකයි නේද දැන්.. අනේ ඩොක්ට කියන්නකෝ... එයා හොදින් නේද දැන්.. අයියේ....මගෙ අග්‍ර අයියේ අනේ ඔයාට හොදයි නේද දැන්......

With Love Again🔥 ( අගි 2 - Complete ✔ )Where stories live. Discover now