3.) කොටස 🌻

525 63 11
                                    


රෙහාන්...
ම්..ම්මේ......ඔයාම නේද..

.....

කියන්න රෙහාන් මන් මේ හීනයක් නෙමේනේ දකින්නේ... මාව තවත් පිස්සු වට්ටන්නැතුව කියන්න..

හ්ම්..

මෙච්චර කල් කොහෙද දෙවියනෙ
ඔයා හිටියේ.. මන් හොයපු තරමක්..
අනේ රෙහාන් මගෙ අග්‍ර , එයා හොදින් නේද... එයා කොහෙද ඉන්නේ...

සංසුන් වෙන්න තේව්..

තේව් නෙමෙයි ශ්වේත..

.......

ඔව් මන් නම වෙනස් කලා. මට ශ්වේත කියල කතා කරන්න..

හරි ,ඒත්...

ඒත් නෙමේ රෙහාන් , මට කියනවා කොහෙද මගෙ අග්‍ර ඉන්නෙ කියල.. මන් දන්නවා තමුන් ඒක දන්නවා කියල..

එයා ඉන්නවා..

අනේ මගෙ අයියා කොහෙද රෙහාන්.. අනේ ප්ලීස් වදින්නම් මේ දැන්ම මාව එක්කන් යන්න .. මාව එක්කන් යන්න..

හරි මේ අහන්න තේ- ශ්වේත.. එයා ඉන්නවා, ඒත් එයා කිව්ව මට ඔයාට ආයෙ එයා ගැන කියන්න එපා කියල..
ඒත් මන් ඔයාට ඒක කියන්නම්.. මාත් මේ ඔයාව හොයන් එන ගමන් තමා.. ඔයාල කුරුණෑගල හිටියෙ නෑනෙ, මට ආරංචි උනා මාතලේ දැන් ඉන්නේ කියල.. ඒකයි මන් මේ ඔයාව හොයන් ආවේ...


මොනවද රෙහාන් ඔයා කියවන්නේ,
ඇයි ඒ, ඇයි එයා එහෙම කියන්නේ.. එයා දැන් කොහෙද....!!!!.ඔයා ඇයි මෙච්චර කාලෙකට පස්සේ මාව හොයන් අවේ.. ඇයි මෙච්චර කල් නාවෙ.....!!කියන්න රෙහාන්................

ශ්වේත මේ අහන්න, මන් කිව්වනෙ.. කලබල වෙන්න එපා කියල, කෝ ඔයත් එක්ක බැනෙ..අර මිනිස්සුත් බලනව.. කෑ ගහන්න එපා.. මන් කියන්නම්, ඊට කලින් ඔයා සංසුන් වෙන්න...

මට කාගෙන්වත් වැඩක් නෑ රෙහාන්. මට කියන්න එයා කොහෙද කියල..

කොලඹ NIHM එකේ..

මොනව.....මොනවද මේ කියවන්නෙ .. එයා එහෙ වැඩද..

නෑ.... දැන් මාස හයක් තිස්සේ එයා
එහෙ රෝගියෙක්..

චටාස්....

තමුසෙට පිස්සුද, මොනවද රෙහාන් මේ කියවන්නේ.. විකාර කියවන්නැතුව එයා කොහෙද ඉන්නෙ කියනවා..

With Love Again🔥 ( අගි 2 - Complete ✔ )Where stories live. Discover now