මේ දවස්වල අපිට ඩිසෙක්ෂන් එක දිගටම තියෙනවා...ඩිසෙක්ෂන් කියන්නෙ ඉතින් ලොකු භීෂණයක් වගේ...
හරියටම 8.30 වෙද්දි ඩිසෙක්ෂන් හෝල් එකේ ඉන්න ඕනි...
නැත්නම් ඉතින් එළියෙ....
ඊටවඩා අමාරුයි බොඩි එක ඩිසෙක්ට් කර කර ඉද්දි අහන ප්‍රශ්න...අපිව ගෲප් වලට බෙදලා තියෙන්නෙ surname එක alphabet order එකට...
ඉතින් මමයි සහසුයි එකම ගෲප් එකේ...
තාම ත් ලොකුවට සහස් එක්ක මන් කතා කරලා නෑ..මගෙ ගෲප් එකේම ඕෂද හිටපු නිසා වෙනත් යාලුවෝ එක්ක කතා කරන්න තරම් මට උවමනාවක් තිබුනෙත් නෑ...
ඉතින් පළවෙනි දවසෙ අපිට තිබුනෙ අත ඩිසෙක්ට් කරලා මාංශ්පේශි, ධමනි , ශිරා ,ස්නායු අඳුරගන්න...
" හරි කවුද අද ඩිසෙක්ට් කරන්නෙ...පලවෙනිම එක."
"මම් කරන්නම්...."" මමත් එනවා.." මමත්...
ඔය විදියට පලවෙනි දවසෙ ගොඩක් අය එකතු වෙලා ඩිසෙක්ට් කරන්න පටන් ගත්තා...අපි වටවෙලා බලන් හිටියා.
ඩිසෙක්ෂන් හෝල් එකේ දවස් ගෙවෙන විදිය නම් හිතාගන්නවත් බෑ...වෙලාවකට රසවත්...වෙලාවකට හරිම නීරසයි...නීරස වෙන්නෙ ඉතින් සර් ආවාට පස්සෙ ..🫠
Did you finish?...
හපො.. සර් ආවා නේද....දැන් තමයි භීසනේ පටන් ගන්නෙ...
ඇයි ඔය ඔක්කොම වටවෙලා ඉන්නෙ ..ආ. ඩිසෙක්ට් කරන අය ඩිසෙක්ට් කරලා එයාලා ඒවා හොයාගත්තාම ඔයාලට පෙන්නයි.. ඒ වෙනකන් අනිත් අය පොතක් බලාගන්න...
ඒ කියපු සැනින් මන් දඩබඩ ගාලා දුවන් ගිහින් මුල්ලක පුටුවක වාඩි උනා...
ඉතින් මේ විදියට වාඩි උනා කියන්නෙ ඊලගට පටන් ගන්නෙ ප්‍රශ්න අහන වටයය...🫠
මේ වෙලාවට අපි හැමෝගෙම හිතේ තියෙන්නෙ එක ප්‍රාර්ථනවයි..
"අනේ මගෙන් නම් අද ප්‍රශ්න අහන්න එපා",
මේ ප්‍රශ්න අහන එකට මේ තරම් බය වෙන්න හේතුව තමයි උත්තරේ දෙන්න බැරි උනොත් ඉතින් කෙලින්ම එලියෙ...එලියට වෙලා පාඩම් කරන්න ඕනි...ඊට පස්සෙ තමයි ඇතුල ට ගන්නෙ....
YOU ARE READING
සැඟ වූ සෙනෙහේ 🥀❤️🩹
Romanceඅසම්මත ආදරය ඉහලින්ම කතා වෙන යුගයක ඔවුන් අතරෙ ඇතිවූ ඒ පෙම කෙසේ නම් ඉදිරියට ගලා ගෙන යාවිද.... එය තවත් එක් අසම්පූර්ණ පෙමක් වේවි ද...සැමගෙන් එය සඟවා ගන්නට ඔවුන් දරන ප්රයත්නය කෙබඳු වේ ද....🥀 මෙලෙසින් ඔබ හමුවට රැගෙන එන්නේ මාගෙ පළමු කතාව...... සැඟ වූ සෙන...