5.) කොටස 🌻

494 56 15
                                    

අග්‍ර පුතේ...

අම්මා....... ඔයා සනීපෙන් ඉන්නව නේද...

අනේ මගෙ පුතාට දැන් කොහොමද දෙයියෝ.. ස්නේහ පුතා මට විස්තරේ කිව්වා.. අනේ මට සතුට දරාගන්න බෑ.. මගෙ දරුවන්ට තුනුරුවන්ගෙම සරන ලෙබෙන්න ඕනේ.. ආයෙ නම් කිසි කරදරයක් නොවෙන්න ඕනෙ...

හොදයි අම්මේ.... කෝ ඉතින් මොකෝ මේ... ඇස් වල කදුලු... හිනා වෙලා ඉන්නකෝ...

නෑ, මේ සතුට වැඩි කමට පුතේ..
අනේ පුතා ඇදිල ගිහින් වගේ... මේ...
මන් මේ අපේ එකා අතේ හැමදාම මොනා හරි එව්වනේ, මේක මගින් කාලා, මගෙ පුතාට මොකුත් දුන්නෙ නැතුවත්ද... මට නම් ශුවර් නෑ මේකව...කෝ එන්න එන්න, සේරටම කලින් හැමෝම කාල ඉමු..., බඩගිනි ඇතිනේ..

අම්මා, කෑම හැදුවද..

ආයෙ නැතුව, මේ අම්ම ගමකටම කෑම හැදුවා ඕන්... මේ වගේ දෙයක් ඇහුවාම,
ඒ සතුට ට ඕනෙම දෙයක් කරන්න පුලුවන් ... මන් කෑම ගොඩාක් හැදුවා, එන්න ලමයි ,ඇති තරම් කන්න...මන් ෆ්ලැට් එකේ අයටත් දීල එන්නම්...

අපි ගෙදර ආවා.. ආව ගමන් අම්මා අග්‍රව බදාගෙන , ඔලුව ඉම්බ, අතපය ඉම්බා... ඒ දෙන්න බලන්න එපැයි.. මන් කැලේ.... අම්මගෙ සුදුපුතාව අමතක වෙලා වගේ අම්මට...
කෑමත් හදල, ගොඩක් දේවල් මේ ටිකට හදලනෙ.. අනේ මන්ද අපෙ අම්මත් නම් ඇත්තටම පුදුම කෙනෙක්.. එයාගෙ ආදරේ එදා වගේම, අදටත් අපි දෙන්නටම එක වගේ තියනවා ...

අම්මෝ ශ්වේතගෙ අම්මේ....පින් අප්පා.... අපි මේ බඩගින්නේ හිටියේ, දවස් ගානකින් කාල නෑ අප්පා....

අප්පේ බොරු කියන්න එපා බබී.. ඔයා දැන් එද්දිත් මගින් කෑවා නේද..

ඈ..........!!!
මොකක්.......!!!
කැ-හැ....කැහැ.......

යම් කිසි දෙයක් ඇහුනද ඔයාලට.. මට වැරදිලා නේද.. කන් දෙකත් සුද්ද කරගන්න වෙයි වගේ.. මොනාද මේ මට ඇහෙන්නේ...

මොකෝ ඔයාලට කැස්සද, ඇයි මන් දිහා ඔහොම බලන්නේ.. අග්‍ර, ශ්වෙත... බ-රෙහාන්.... ඇ..ඇයි....

මන් දැක්කා රෙහන් ඔලුවට අත ගහ ගන්නවා... ස්නේහ බය වෙලා වගේ බලන් ඉන්නවා...

මොකෝ යකෝ...

බබී කියල කාටද කව්ද කියනවා ඇහුනා අපිට...

With Love Again🔥 ( අගි 2 - Complete ✔ )Where stories live. Discover now