කාලය ගෙවිලා ගියේ නම්ජුන්ගෙත් යුන්හිගෙත් දික්කසාද නඩුවත් එක්ක.. ඉක්මනින් ඉවර කර ගන්න පුලුවන් නඩුවක් උනත් යුන්හි හදිස්සියේම වන්දි මුදලක් ඉල්ලපු නිසා නඩුව ටික ටික දිග්ගැස්සෙන්න ගත්තා.. ඔය ඉල්ලන වන්දි මුදල දීලා දාන්න නම්ජුන් කැමති උනත් හෝසොක් නම් කිව්වේ වන්දියක් දෙන්න තරම් වරදක් නම්ජුන් යුන්හිට කරලා නැති නිසා ඕක දෙන්න එපා කියලා.. නම්ජුන් ඕවා හිත හිතම ගෙදර ආවා..
හිත සැනසෙන රූපේ හොයන් ගෙදර ආපු නම්ජුන්ට ඒ රූපෙනම් බලාගන්න බැරිඋනා..
💙 ඔම්මා කෝ ජින්..
👵 අදත් ගෙදර ගිහින් එන්නම් කියලා ගියා පුතා..
💙 එයා මේ ටිකේම ගෙදර ගියානේ..
👵 ඔව් මොකක් හරි ප්රශ්නයක්ද දන්නේ නැහැ නේද පුතා.. ගිහින් බලලා එමුද..
💙 ඔම්මා ඉන්නකෝ මං වොශ් එකක් දාන් ගිහිල්ලා බලලා එන්නම්..
නම්ජුන් එයාගේ රූම් එකට යනගමන් කල්පනා කලේ ජින් ගැන.. ජින් දැන් මාසෙක විතර ඉදන් ඉන්නේ මුන අව්ල් කරගෙන.. ඒ වගේම ගෙදර යනවා එනවත් වැඩී දැන්.. නම්ජුන් කොච්චර ඇහුවත් ජින් ඒකට හේතුවක් කිව්වෙත් නැහැ.. ඉතින් අද නම්ජුන් හිතාගත්තේ මේකට හේතුව හොයා ගන්න.. මොකද ජින්ගේ මේ වෙනස් වීම නම්ජුන්ට වගේම ටේටත් දරා ගන්න අමාරුයි..
වොශ් එකක් දාන් ගෙදරින් එලියට බැස්ස නම්ජුන් කෙලින්ම වාහනේ අරන් ගියේ ජින්ගේ ගෙදර.. වැඩි සද්ද නැතුව නම්ජුන් ගිහින් දොරට තට්ටුකලා... දොරට තට්ටු කරන සද්දේ ඇහුන ගමන් ඇතුලේ හිටපු ජින් ඇවිත් දොර ඇරියා..
🤎 චූටී🥺
ජින්ට බලාපොරොත්තු උන මූන දකින්න ලැබුනේ නෑ.. ඇවිත් හිටිය නම්ජුන්ව දැක්කාම ජින්ගේ ඇස් වල කදුලු තවත් අලුත් වෙන්න ගත්තා..
අනෙක් පැත්තෙන් නම්ජුන්.. රතු වෙලා තියෙන කම්මුල්.. තාමත් තෙත ඇස්.. ගැහෙන තොල්.. ජින් හොදටම අඩලා ඉන්නේ කියලා ඕනම කෙනෙක් කියයි.. නම්ජුන් ජින්ගේ මුලු මූන පුරාම ඇස් අරන් ගියේ පුදුමයෙන්..
💙 ජිනී ඇයි මේ😢
🤎 හියුන්😭😭
පැනපු ගමන් ජින් නම්ජුන්ව බදාගෙන අඩන්න ගත්තා.. නම්ජුන් උනත් මුකුත් අහන්නේ නැතුව ජින් අඩලා ඉවර වෙනකල් ජින්ගේ ඔලුව අතගෑවා.. සාලෙට වෙලා මේ දෙන්නා දිහා බලන් හිටිය ජින්ගේ ඔම්මාව නම්ජුන් දැක්කේ පස්සේ.. නම්ජුන් එයාව දැක්කා කියලා තේරුන නිසද මංදා ජින්ගේ ඔම්මා එතනින් ගියා.. ජින්ගේ ඇඩිල්ල ටිකක් අඩු උනාම නම්ජුන් උරහිස් වලින් අල්ලලා ජින්ව ඈත් කලා..
VOUS LISEZ
Baby Sitter ✨️❤ ( Completed )
Fanfictionසෑබෑ ආදරය හඳුනා ගැනීමට නොහැකි වූ තරුනයෙක්... මවගේ ආදරය සොයන සිගිත්තෙක්... අහම්බෙන් ඔවුන් වෙන එන සුරදූතයෙක්... ඔවුන්ට එක් වෙන්න හැකි වෙයිද... ❤ 🅑🅐🅑🅨 🅢🅘🅢🅣🅔🅡 ❤ Kim Namjoon💙 Kim Seok-jin🤎 Kim Teahyung💚 Top - namjoon Bottom - soekjin