PART 4 - ගෙදර ඉදල එපාවෙලා

95 7 4
                                    

"අනේ අම්මා...මට දැන් හොදටම හොදයිනේ...මට අද නම් ගෙදරට වෙලා ඉන්න බෑ..තාත්තට කියන්නකෝ..." ශේන් පාන්දරම කෑ ගහන්නෙ එයාට තවත් කෙල්ලෙක් වගේ ගේ අස්සෙ හිරවෙලා ඉන්න ඕන නැති නිසා..
තාත්තගෙන් කෙලින්ම අවසර ඉල්ලන්න තියන බයට ශේන් අම්මට උදේ ඉදල වද දෙන්නෙ එයාට කොහේ හරි ඇවිදින්න යන්න ඕන කියල..අඩුම තරමෙ ගම වටේවත් අද කොහොමහරි ඇවිදිනව කියල ශේන් තරයේ හිතාගත්ත....

මිස්ටර් විජේවික්‍රම, එහෙමත් නැත්තන් ශේන්ගෙ තාත්ත ශේන්ට ගෙදරින් එලියට බහින්නවත් දුන්නෙ නැත්තෙ තමන්ගෙම එකම දරුවට උපරිම නිදහස දීපු එකේ ආනිශංස තාමත් විදින ගමන් ඉන්න නිසා...
තමන්ගෙ පුතා වෙච්ච කලාන්ට වඩා බොහෝම සියුමැලි ,හුරතල් පොඩි දරුවෙක් උනු ශේන්ව මලක් වගේ පරිස්සම් කරන එක මේ වෙද්දි එයාගෙ ලොකු වගකීමක් විදිහට ශේන්ගෙ තාත්ත දැක්කෙ...තාත්ත ශේන්ට ආදරෙයි...තමන්ගෙ දරුවෙක් නොවුනත් තමන්ට කටපුරා තාත්ත කියන මේ හුරතල්ම හුරතල් පොඩි එකා නිසා, කලාන් නැතුව පාලුවට ගිය ගෙදර කොච්චර එලිය උනාද කියල තාත්තට සිය දහස් වාරයක් හිතුන..

අනිත් එක ශේන්ව දැක්කම කාත් කවුරුවත් නැති තනියම හැදුන අනාත ලමයෙක් වෙන්න බෑ කියල විජේවික්‍රමට තේරුනා..ඒ කියන්නෙ අනිවාරෙන් ශේන්ට කලින් පවුලක් තිබුන කියන එකනේ..බැරිවෙලාවත් කවුරුහරි ශේන්ට අයිතිවාසිකම් කියාගෙන ආවොත් තමන්ට කරකියාගන්න දෙයක් නැති වෙන බවත් මිස්ටර් විජේවික්‍රමට තේරුනා ....ශේන් එයාලව දාල යාවි කියල හිතද්දි දරදඩු පිරිමියෙක් උන විජේවික්‍රමගෙත් හදගැස්ම වැඩිඋනා....
"ශේන් විජේවික්‍රමව පරිස්සම් කරගන්න ඕන.." දැනටමත් ශේන්ට තමන්ගෙ වාසගම දීල තිබුන ශේන්ගෙ තාත්ත තමන්ටම කියාගත්ත..

............................................................................................
උදේ කෑම මේසෙදි තාත්තට කියල අවසර අරන් දෙන්නම් කියල පොරොන්දු වෙලා තමයි ශේන්ගෙ අම්ම ශේන්ව නලවගත්තෙ...

"මහත්තයා...අපේ පොඩීට ගේ අස්සෙ ඉදල එපා වෙලා කියන්නෙ...කොහෙ හරි ඇවිදින්න යන්න ඕනලුනේ..." ශේන්ගෙ තාත්ත කෑම කාල ඉවරවෙන්න ලං වෙද්දිම ශේන්ගෙ අම්ම කතාව ඇදල ගත්තෙ ශේන්ට උන පොරොන්දුව ඉශ්ට කරන්න...

 CHaDWhere stories live. Discover now