යෝ ජුන් කොච්චර ට්රයි කලත් අඩන එක නවත්තන්න එයාට බැරි උනා .එයා ටික වෙලාවක් සෝ හියුන්ගේ උරහිසට ඔලුව තියාගෙන හිටියා.
පස්සේසෝ හියුන්ගේ අතක් එයාගේ පිටට තියද්දියි එයාට මතක් උනේ පිටකෙනෙක් ගාව නේද එයා අඩන්නේ කියල.
එකපාරට එයා විදුලියක් වගේ සෝ හියුන්ගෙන් ඈත් උනේ.
"මට සමාවෙන්න "
සෝ හියුන්ට ටිකක් දුක හිතුනත් යෝ ජුන් ව එයාට තේරුන් ගන්න පුලුවන් උනා. එයා ලාවට හිනාවෙල අනිත් පැත්ත හැරිලා යන්න ගියත්
" මට බියර් ටින් 3 ක් දෙනවද"
"හරි ඉන්න "
ටික වෙලාවකට පස්සේ
"ආ මෙන්න ඔයාගේ බියර් ටික වොන් 15000 "
"හරි මේක ගන්න "රෑ යෝ ජුන් ගෙදර ගියත් එයාට ගෙදර ඉන්න හිතුනේ නෑ. එයා රූෆ් ටොප් එකට ගිහිල්ල බියර් එකක් බොන්න ගත්තේ අද උන දේවල් සේරම අමතක කරන්න හිතාගෙන . එයාට ඒ සේරම අමතක කන්න පුළුවන් උනත් සෝ හියුන් ගේ මූන අමතක කරන්න බැරි උනා.
" ඇයි මට අනික් හැමදේම අමතක කරන්න පුළුවන් උනත් එයාව අමතක කරන්න බැරි "
" එයා මගේ යාලුවෙක් වෙයිද ? "
"අහ් .... හියොන්ග් මම ඔයාට වෛර කරනවා"
"ඔම්මා සමාවෙන්න "ඔහොම ටික වෙලාවක් කියෝලා එයාට එතනම නින්ද ගියේ පාන්දර 2 ට විතර.
AT MORNING ,
"අහ් මගෙ ඔලුව ... කොහෙද මේ ඉන්නේ ..? 😶🥲"
"කෝ ෆෝන් එක .. අහ් මේ තියෙන්නේ .. ඉවරයි අද පරක්කුයි 8.15 යි "යෝ ජුන් එහෙමා ඩෝම් එකට ගිහින් ටක් ගාලා ලෑස්ති වෙලා කැම්පස් එකට ගියේ අද නං ඉවරයි කියල හිතලා.
හැබැයි වෙලාවට එවලේ උදේ ලෙක්චර් එක කැන්සල් වෙලා තිබ්බේ වාසනාවකට වගේ." ඉතින් කට්ටිය සේරම කැෆ්ටේරියා එකේ හින්දා ඒ පැත්තට ඇවිදන් ගියත් අතරමගදි ලයිබ්රි එක දිහාට ඇවිදගෙන යන රූපේ දැකලා එයා ලයිබ්රි එකට ගියා.
ගිහිල්ල වට පිට බැලුවත් එයා හොයපු රූපේ හිටියේ නැති හින්දා පොත් රාක්ක අතරේ ඒ රූපේ ඇවිදගෙන යනවා දැක්ක නිසා යෝ ජුනුත් ඒ පැත්තට ගියේ අද වචනයක් කතා කරලා බලන්න කියල .
"ක් හ්ම්... "
"සෝ හියුන් "
"👀"
"ඊයේට ස්තූති"
" හරි"
"ඔයා කැමති නැද්ද යාලුවෝ වෙන්න "
"නෑ"
"ඇයි ?"
"කැමති නැති හින්දා"
" ඒත් ඊයේ හොදට කතා කලානේ "
" ඊයේ හොදට කතා කරපු නිසා අදත් එහෙම කරයි කියල හිතන්නේපා ඔයා මෝඩයි "
"හ්ම්ම් "
YOU ARE READING
At a distance spring is green (BL VERSION)
Fanfica boy who suffer alone from his family . a boy who struggle to live with his brother and mother also trying to archive his father's dream . those two males meets In the same university . will they able to find solutions for their lives ?