☀️ EPISODE 02 ☀️

235 40 69
                                    

රෑ දොළගත් පහු වෙලා ජන්ග්මිට නම් නින්ද පේනමානෙක නෑ ඇදේ එහාට මෙහාට පෙරළි පෙරළි හිටපු කෙල්ල බැරිම තැන ඩුවට් එක පැත්තකට දාලා නැගිටලා පහළට ඇවිත් ෆ්‍රිජ් එක ඇරලා බියර් ටින් දෙකකුත් අරන් ගාඩ්න් එකට ආවෙ ඒ වෙද්දිත් ජියෝන් මැන්ශන් එකේ ගාඩ්ලා කෙල්ල දිහා අමුතුවට බලද්දි මෙච්චර රෑ වෙලා පිජාමා සූට් එකත් ඇදන් චූටි බේබි කොහෙද යන්නෙ කියලා ඔවුන්ට අහන්න ඕනෙ වුණත් ජන්ග්මිගෙ හැටි දන්න නිසාම හැමෝම ඇය ගැන ඇහැ ගහන් හිටියා ඇරෙන්න කරදර කරන්න ගියෙ නෑ.....

ගාඩ්න් එකේ පැත්තකට වෙන්න තිබුණ ඔංචිල්ලාව ළගට ආපු ජන්ග්මි වාඩි වෙලා බියර් ටින් එකක් කඩාගෙන බොන ගමන් නිදහස් අතින් ෆෝන් එක අතට ගත්තා ෆෝන් එකේ වෝල් එක දිහා බලාගෙන බියර් ටින් එක හිස් කරපු ජන්ග්මිගෙ ඇස් කදුළින් බර වෙන්න වැඩි වෙලා ගියෙ නෑ...

" ඇයි ඔයා එහෙම කරේ මම ඔයාට ගොඩක් ආදරෙයි එකම එක පාරක් ඇවිත් අපේ ඩැඩී යි ඔප්පලයි එක්ක කතා කරන්න බැරිද ඔයාට ඒ තරමට මාව එපා වෙලාද පොඩ්ඩක්වත් මාව මතක් වෙන්නෙ නැද්ද.."

කෙල්ලගෙ මූණෙ ඇදුනෙ අපහාසාත්මක හිනාවක් වෙන කාටවත් නෙමෙයි ඇය හිනා වුණේ තමන්ටමයි...ඒ එක්කම ඇය ගෙ ඇස් ගියෙ ෆෝන් එකේ තිබුණ ස්ක්‍රීන් ශොට් වගයකට මීට මාස කිහිපයකට කලින් මුළු කොරියාව පුරාම කතා කරපු ප්‍රධාන මාතෘකාව ගැන...

" ධනවත් ජියොන් පවුලෙ එකම උරුමක්කාරිය ඇයගේ විවාහ දිවියට සමුදී නැවත කොරියාවට පැමිණෙයි..."

ඒක ගෑණු ළමයෙක්ට කොච්චර වේදනාවක්ද තමන් ගැන මුළු රට පුරා මිනිස්සු විවිධාකාර කතා කියද්දි ජන්ග්මි ට සිද්ධ වුණා මුළු ලෝකෙන්ම හැංගිලා ඉන්න ඒත් ජන්ග්මි කියන්නෙ ගොඩක් ශක්තිමත් කෙල්ලෙක් කොයිතරම් අමාරු වුණත් ඇය පිටස්තර ලෝකෙට බය වුණේ නෑ එදා ඉදන් තමයි ජියොන් ජන්හ්මි වෙනස්ම චරිතයක් විදිහට සමාජයට ආවෙ ජියොන් ෆැමිලි එකට පවා ජන්ග්මිගෙ මේ වෙනස හිතාගන්න බැරි වුණා....

" තව ටික දවසකින් මේ හැමතැනම තියෙයි ජියෝන් ජන්ග්මි දික් කසාද ගෑණියක් කියලා.."

" මිමී....."

කතා කරේ කවුද කියලා දන්න නිසා ජන්ග්මි හැරිලා බලන්න උනන්දු වුණේ නෑ ඉක්මනින් ෆෝන් එක ඕෆ් කරලා පැත්තකින් තියපු කෙල්ල නිහඩවම බියර් ටින් එක හිස් කරා..

Yσυ Aɾҽ Mყ Hσρҽ ( Completed)Where stories live. Discover now