Chapter 11

61 6 0
                                    



යූනා කුක් දෙන්නත් එක්කන් ගෙදර ආවේ යොන්ජුන් කියපු දේවල් ගැනත් හිත හිතම. ඇත්තටම ටේ මින්ජිව තියන් ඉන්නෙ බලෙන්ද. එකපාරට මින්ජි ටේට ආදරේ කිව්ව එකත් යූනාට සැකයක් උනා. වගේම ජන්කුක්ටත් .. මොකද කුකී දැනන් හිටියේ එයාගෙ හියුන් මොන වගේ කෙනෙක්ද කියන්න. එයාට දෙයක් ඕන උනොත් ඒක බලෙන් හරි එයාගෙ කරගන්නවා කියන්න. දෙන්නා හිත හිතම ගියෙ ටේගේ room එකට.

ටේට දොර ලොක් කරන්න අමතක වෙලා තිබුණා. ජන්කුක් දොර හෙමීට අරිද්දි යූනත් ඇතුලට ඔලුව දැම්මා. එයාලා දැක්කේ ටේගේ පපුව උඩ සනීපෙට ගුලිවෙලා නිදන් ඉන්න මින්ජිවත්... මින්ජිගෙ ඔලුව අතගගා ඉදලම නින්ද ගිය ටේවත්... කුකී කිසිම සද්දයක් නොකරම හෙමීට දොර වහලා යූනා දිහා බලද්දිත් යූනා ජන්කුක් දිහා බලාගෙනම...

🐰:- ඔයා හිතනවද යූනා... එයාලා ඇත්තටම ඉන්නේ අකමැත්තෙන් කියලා

🌺:- මන් හිතන්නේ යොන්ජුන් ඔප්පට මොකක් හරි වැරදීමක් වෙලා වගේ කූ.

🐰:- baby එන්න මන් ඔයාට room එකක් පෙන්නන්නම්

🌺:- ok baby


jungkook යූනාට එයාගේ room එක කිට්ටුවෙන්ම room එකක් දීලා යූනාටත් වොශ් දාන් පල්ලෙහට්ට එන්න කියලා කුකිත් ගියෙ වොශ් එකක් දාගන්න කියලා. යූනා පල්ලෙහට්ට එද්දිත් කුකී කිචන් එකේ.

🌺:- අනේ මෙන්න.... මගෙ හා පැටියා උයනවද

🐰:- ඔයා හිතුවෙ මට උයන්න බෑ කියලද බබා

🌺:- ඉතින් ඔයා මට කියලා නෑනේ උයන්න පුළුවන් කියලා කූ

🐰:- එන්නකො එහෙනම් අපි දෙන්නම උයමු අද



ජන්කුක් යූනාගේ අතින් ඇදලා ගත්ත පාර යූනා ගිහින් නතර උනේ කුක්ගෙ පපුවෙ .. හරිම ආදරණීය බැල්මකින් යූනා දිහා බලන් හිටපු කූ... හරිම පරිස්සමෙන් යූනාගේ සිනිදු රෝස පාට තොල් සිපගන්න ගද්දි යූනාත් ජන්කුක්ගෙ බෙල්ල වටේට අත්දෙක දාගෙන ඒ හාදුව උපරිමයෙන් විදින්න ගත්තා...

මින්ජිව නැගිටවෙන්නෙ නැතිවෙන්න තියලා වතුර එකක් ගන්න හිතන් පල්ලෙහට්ට එන ගමන් හිටපු ටේ යූනා ජන්කුක් හිටපු විදිහ දැකලා දෙන්නට disturb නොකර ආයෙම room එකට ආවා... තාමත් හොද නින්දක ඉන්න මින්ජි දිහා බලාගෙනම taehyung කල්පනා ලෝකෙක ගිලුනා.

𝗬𝗢𝗨 𝗔𝗥𝗘 𝗢𝗡𝗟𝗬 𝗠𝗜𝗡𝗘.... (COMPLETED)Where stories live. Discover now